සැහැල්ලු හිතක්
- Jagath Munasinghe
- Oct 8, 2024
- 1 min read
ලාවට ඇඟට දැනෙන සීතලක් තියන ලස්සන වසන්තය අලුත් ඇරඹුමක් මතක් කරනවා. කොල නැති ගස්වල පිපෙන ලස්සන මල් හිතට හරිම නැවුම් බවක් ගේනවා.
ඒ වගේ උදෑසනක පාන්දරින්ම අවදි වෙලා ලා රස්නෙ උණු වතුර ටිකකින් නා ගත්තහම හිතටත් දැනෙන්නෙ පුදුම සනීපයක්.
එහෙම දවසක මේ ලස්සන පරිසරයට, මගේ ළඟින් ඉන්න අයට, ස්තූති වන්ත වෙන්න, ඒ වගේම ඒ දේවල් ගැන ටිකක් හිතන්න, ඒ සතුට විඳින්න මට නම් අමතක වෙන්නෙම නෑ.
ඒ විදියට දවස පටන් ගත්තම ආපහු කලකිරීම් වගේ දේවල් මුලු දවස පුරාම හිතෙන් ඈත් කරලා තියා ගන්නත් සමහර වෙලාවට හිතට නොඑන්නත් උදව් වෙනවා.
ඉතින් මුලු දවසම හරිම සැහැල්ලුවෙන් ගෙවන්න මේ උදේට කරන gratitude practice එක මට නම් හරිම වටිනවා.
ඒ විදියට ලස්සන දවසක් ගත කරනකොට හිතට හරිම සැහැල්ලුයි. බර ගතිය දැනෙන්නෙ අනවශ්‍ය දේවල් ගොඩක් පිරැනමයි. ඒ දේවල් අඩු වෙනකොට ඉතුරැ වෙන්නෙ පුලුන් වගේ හරිම සැහැල්ලු හිතක්.
ඉරේෂා කාරියවසම්
Comments