Mindful Summer days - Slowing, yet mindful
- Iresha Kariyawasam

- Jan 18
- 3 min read

වට පිටාවෙ පාට ජාති ගොඩක් පේන්න තියෙන, විවිධාකාර කුරැල්ලන්ගෙ සද්ද හැම පැත්තෙන්ම ඇහෙන, summer time කියන්නෙ අපි පුලුවන් හැම දවසකම වගේ එලියට යන කාලයක්. මේ කාලය තුල පරිසරය observe කරනවා වගේම ඒ තැන් වලට වෙලා එක එක විදියට හිතට නැගෙන මාතෘකා ගැන කථා කර කර ඉන්නත්, ඒ වගේම පොත් කියවන්න සහ අපේ රැකියාව කරන්නත් අපි පෙළඹෙන්නෙ වැඩිය හිතන්නෙ නැතුවයි. Seasonally ජීවත් වෙන්න ජීවිතය හැඩ ගැහුනම කාලෙන් කාලෙට මාරැ වෙන සෘතුවත් එක්ක අපි ජීවත් වෙන ආකාරය, හිතන ආකාරය, කෑම කන ආකාරය ඒ වගේම කරන දේවල් පවා වෙනස් වෙන්නෙ ඒ ඍතුවට ගැලපෙන ආකාරයටයි.


ඒ වගේම ඉතින් හැමදාමත් වගේම seasonally කන බොන එකත් වැදගත්. Summer එක එනකොට ගෙවත්තෙන් ලැබෙන දේවල් වෙනස් වෙනවා වගේම Melbourne වල ගෙවතු වගාවෙ මම දකින තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ කාලෙට හැදෙන සමහර එලවලු සහ පලතුරැ ජාති autumn සහ winter කාල වලටත් වගා කරන්න පුලුවන් වීම. හැබැයි වෙනස තමයි ඒවයෙ රසය සහ සමහර වෙලාවට ලැබෙන අස්වැන්නේ ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. මේ විදියට කාලය ගෙවනකොට වෙළඳ පොලේ වුනත් seasonally නැති දේවල් දැක්කොත් ඒ සම්බන්ධයෙන් awareness එක ඇති වෙනවා. ඒ නිසා එළඹිලා තියන සෘතුව ගැන තියන අවධානය සහ දැනුවත්භාවය නිසා නිකන්ම හිත සතිමත් වෙන ස්වභාවයක් තියෙනවා.
ඒ වගේමයි quality over quantity කියන දේත් ඒත් එක්කම මතක් වෙනවා. Organically grown දේවල් එක්කො මිළ අධිකයි නැත්නම් බහුල නැහැ. නමුත් ශරීරයට අවශ්‍ය කරන්නෙ වස විස නැති ආහාර වේලක්. ඉතින් quality over quantity කියන දේ මගේ හිත තුල ලොකු වටිනාකමක් අරගෙන තියන තැනක්. ඒ නිසාම ඒ පිළිබඳවත් මම නිතරම mindful.


රස්නෙ කාලය උදා වෙලා තිබුණත් තවමත් කෝපි කෝප්පය හදාගෙන ඈතින් පෙනෙන කන්ද දිහා බලාගෙන බොන එක උදේට මට දැනෙන්නෙ ritual එකක් විදියටයි. ඒ නිසයි travel කරන වෙලාවල් වලත් උදේ කෝපි එක බොන වෙලාවට ලොකු වටිනාකමක් දීලා තියෙන්නෙ. මේ වෙලාව හිත හුඟක් හිස් වුන වෙලාවක්. දවස ගෙවන හැටිවත්, කරන්න තියන දේවල් ගැනවත් එහෙමත් නැත්නම් රැකියාවවත් ඔලුවට එන වෙලාවක් නෙවෙයි. හරීම නිදහස්, සන්සුන් උදේ කාලය. අපේ ගෙදර හතර දෙනාම තමන්ට ආවේණික විදියට නිහඬව මේ උදෑසන පටන් ගන්න නිසා කවුරැවත් කාගෙවත් ඒ වෙලාවට බාධා කරන්නෙ නැහැ. සමහර කෙනෙක් උදේට සක්මන් කරමින් සිහිය පිහිටුවා ගන්නවා පේනවා, තව කෙනෙක් කෝපි එක එලියෙ ඉඳගෙන නිදහසේ බොනවා පේනවා, තවත් කෙනෙක් කාමරයේ ජනේලය විවෘත කරගෙන ඈත පේන කන්ද උඩ තට්ටුවට පේන හැටි බලාගෙන ඉන්නවා ආදී වශයෙන් තම තමන්ට දැනෙන සහ අවශ්‍ය විදියට හැමෝම උදෑසන පටන් ගන්නෙ.
උදෑසන මේ විදියට relax වෙන්න අත්‍යවශ්‍යම දේ තමයි රාත්‍රියට ලැබෙන සුව නින්ද. විශේෂයෙන්ම summer කාලෙට රාත්‍රියට කලුවර වැටෙන්න සාමාන්‍යයෙන් රෑ 8 -9 විතර වෙනවනෙ. එතකොට දවස ඉවරවේගනයි එන්නෙ කියලා වැඩිය දැනෙන්නෙ නැතුව යනවා. ඒ නිසාම තව තවත් ඇහැරගෙන ඉන්න හිතෙන්න පුලූවන්. විශේෂයෙන්ම වයස අවුරැදු 40 පසුකරගෙන යන කාන්තාවන්ට මොන තරම් මිලෙන් අධික cream වර්ග ආලේප කලත්, Botox වගේ දේවල් inject කලත් natural luxuries අමතක කලොත් ප්‍රිය මනාපව ඉන්නවා කියන එක අමතක කරලා දාන්න වෙනවා. නින්ද කියන්නෙ අපි ටිකක් සැලකිල්ලට ගත යුතුම දෙයක්.

රාත්‍රියට ආහාර ගත්තට පස්සෙ summer කාලෙට මම කැමතිම දෙයක් තමයි neighbourhood එක වටේ ටිකක් ඇවිදින්න යන එක. ඒ වෙලාවට තවත් ළඟ පාත ගෙවල් වල අයත් අපට මුණ ගැහෙනවා. රාත්‍රී නින්දට කලින් ඉර බැහැගෙන යන ආකාරය සහ වට පිටාවෙ අයට hi කියන එක summer කාලෙට විශේෂයෙන්ම සිද්ධ වෙන දෙයක්.

ඊයෙ හවස මේ walk එක යනකොට මම calming, meditative music එකකුත් අහන ගමන් ගියෙ. සමහර දවසට music ඕන නැහැ කියලා හිතෙනවා, තවත් දවසකට podcast එකක් අහනවා, එක්කො මේ වගේ music එකක් අහනවා. එහෙම strict rule එකක් මම හදාගෙන නැහැ මෙහෙමමයි වෙන්න ඕනෙ කියලා. ඒ නිසා හරිම නිදහස්.
මේ වටය ඇවිදලා ඇවිත් ලා උණුසුම් වතුරෙන් ඇඟපත සෝදාගන රාත්‍රී ඇඳුම් ඇඳ ගන්නකොටම දවස නිමා කරන්න අවශ්‍ය නිදිමත නිකන්ම දැනෙනවා.

නින්ද වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි අපි අපිත් එක්ක සහ අනිත් අයත් එක්ක කථා කරන හැටි. මම ඉගෙන ගෙන සහ පුරැදු වෙලා තියෙන්නෙ මම මට කථා කරන වෙලාවට මට පුලුවන් උපරිමයෙන් කරැණාවන්ත වෙන්නයි. ඒක මම පුරැදු වෙන කාලය තුල ටිකක් අමාරැ දෙයක් වගේ පෙනුනට පස්සෙ පස්සෙ ඒක ජීවිතයේම කොටසක් වුනා. තමන්ට කරුණවන්ත වෙන්න පුලුවන් වෙනකොට අනිත් අය ගැනත් කරුණවක් මෛත්‍රියක් නිතරම දැනෙන්න ගන්නවා.

ඒ තුලින් තමන්ගෙ හිත ඇතුලෙ වගේම පවුලෙ අය එක්කත් නිරන්තරයෙන් සුහදත්වය පවත්වගන්න පුලුවන් වෙනවා. එතකොට විසිඳන්න කියලවත් ප්‍රශ්න ඇති වෙන්නෙ නැතිව යනවා. Mindfulness කොහොමද ජීවිතය තුල නිවැරදිව practice කරන්නෙ කියන එක ගැන මම මේ දවස් වල course එකක් හදාගෙන යනවා. ඒක නම් ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. මම හිතනවා ඒ තුලින් ගොඩක් අයගෙ ජීවිත යහපත් වෙයි කියලා. මොකද ඒ තමයි මගේ slow lifestyle එකේ ආරම්භය.
හොඳ පුරැදු ජීවිතයට එකතු කරගෙන ඒ ඔස්සෙ ජීවිතය හැඩ ගස්සවා ගන්නවා කියන එකේ රහස තියෙන්නෙ consistency වලයි, intensity එකේ නෙවෙයි. සමහර අය කැමතියි නිතරම හොඳ පුරැදු සහ ජීවිතය හදා ගන්න හැටි ගැන කියවන්න සහ අහන්න. හැබැයි ඒ දේවල් practice කරන්නෙ එක පාරයි හෝ දෙපාරයි. ඉතින් instant results නැති නිසා අත හැරලා දානවා. ආයෙත් ඒ වගේ content අහමින් සහ බලමින් කාලය ගත කරනවා. ඉතින් ඕකෙන් මිදෙන්න තියන හොඳම ක්‍රමය තමයි maintaining consistency කියන්නෙ.

ඉතින් මම හිතනවා අද මේ කියවීම තුළිනුත් ඔයාට ඔයාගෙ ජීවිතයට යමක් එකතු කර ගන්න ලැබෙන්න ඇති කියලා.
මේ තරම් වෙලා කියෙව්වට ඔයාට ගෝඩක් ස්තූතියි. හැමදාම වගේ ඔයාගෙ comment එක කියවන්න මම බලාගෙන ඉන්නවා.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




බැස යන හිරැ ඵලියෙ උණුසුමත් ගෙවත්තෙ සැදුණු ඔබෙ කේල් වල නැවුම් සුවදත් පිරැණු ආදරණීය ලිපියට ස්තුතියි..🙏🌹❤
පුමාද වුවත් ඔබ මගෙනුත් ලිපියක් බලාපොරොත්තු වන බැවින් යමක් නොලියා කොහොමද???🙂
ස්වභාදහම ඍතු වෙනස්වීම් මූලිකව සතර ආකාරව ඔබ රටට ආවේනික වුවත් අප රට හා මගෙ පුදේශය ඵ් වෙනස්වීම් හරිම චංචලව පවතින්නක් වී ඇත.ඵබැවින් ඵ් වෙනස්වීම් පිලිබද හොද සිහියකින් හා අවබෝධයකින්ද විටක හොද ඉවසීමක් ද තිබිය යුතුමය.හරියටම අපෙ සිත ගැන සිහිය පවත්වනවා සේ යැයි මට හැගේ.
ඍතුවට ගැලපෙන ලෙස ජීවිතය ගලපන ආකාරය ඔබ මින් පෙරද අපට හොදටම කියා දී ඇත.දැන් ඵය ඔබට ඵය ගලපන ආකාරය පෙන්වා දී ඇත.
ආදි සිංහල පැරණ්ණෝ මෙ ඍතුවට ගැලපෙන ආකාරයට ආහාර පද්ධතිය,වගාවන්,ජිවන රටාව ,mind fullness වීම ආයුවේද ක්‍රමවේද හරහා කතාකර ඇත.ඵ් ගැන අපට ලොකූ උරැමක් ඇතත් දැන් ඵ් පුරැදු පොත…
Thank you very much akka ❤️
Thank you very much Akka. Theruwan saranai
Thank you Itesha
Pls let me know how to join the channel 🥰
ස්තුතියි ඉරෙෂා