Summer - Mindfulness helps with contentment
- Iresha Kariyawasam

- 7 days ago
- 3 min read

ලෝකය දුර ගමනකින් පස්සෙ අද ඇවිත් තියන තැන බැලුවහම පෙනෙන එක පැතිකඩක් තමයි කෙනෙකුට නවතින්න ඉඩකඩ තියෙන්නෙ හරිම අඩුවෙන් බව. ඕනම දිනුම් කණුවක් පහුකරගෙන ඇවිත් හති අරින්නත් කලින් ඊ ගාව කණුව පෙන්නනවා. ඊට කලින් දුවගෙන ආපු, ළඟා කර ගත්තු තැන හිත ඇතුලෙන් මදි වෙනවා. හැබැයි ඒ පසු කරපු කණුව කරා දුවගෙන එනකොට දැනුනෙ ඒ තමයි තමන්ට උපරීම සැනසීම දෙන තැන කියලා.
මේ චක්‍රයට psychology වලදි කියනවා the hedonic treadmill කියලා. (දුවගෙන යනවා අපේ ඊ ගාව purchase එක අපිට සතුට සැනසීම ගෙනත් දෙයි කියලා.)


ලස්සනයි කියලා හිතෙන දේවල්, තමන්ට කොයි තරම් පිඟන් කෝප්ප තිබුනත්, මේ වගේ දෙයක් නෑ කියලා හිතෙන ගතිය, අලුත්ම තාලෙ phone එකක් වගේ දේවල් ගැන හිතෙන්නෙ ඒ දේවල් අපිට everlasting joy ගෙනත් දෙයි කියලා. හැබැයි අපි දන්න දෙයකුත් මෙතන තියෙනවා. ඒ තමයි ඕනම material දෙයක් ගෙනත් දෙන්නෙ short- term spike of happiness කියලා. මුලින්ම අපි හුඟාක් excited ඒ දේ ලබා ගන්න, ඊට පස්සෙ සිද්ධ වෙන පියවර තමයි, ඒ අලුත් දේට හිත හොඳට හුරැ වෙන එක. ඊටත් පස්සෙ වෙන step එක තමයි අර excitement එක සහ සතුට නැවත ලබා ගන්න කැමැත්තක් ඇති වෙන එක, ඊටත් පස්සෙ වෙන්නෙ ආයෙත් තව දෙයක් පසු පස ලුහු බඳින එක. මේ චක්‍රය endless. අවාසනාවකට අද Internet හරහා අපේ හිත් ඇතුලට කාන්දු වෙන හැම දේකින්ම කල්පනාවෙන් නොහිටියොත් වෙන්නෙ ඔය චක්‍රයේ අපිට තව වටයක් කරකැවෙන්න අවශ්‍ය උත්තේජනයක් ලබා දෙන එකයි.
මේකෙන් ගැලවෙන්න කලින් අපිට තියෙන්න ඕනෙ අවබෝධයක් අපි මේකට අහු වෙලා ඉන්න බව ගැන. ඊට පස්සෙ ගැලවෙන විදිය බලමු. ගැලවෙන්න නම් ඕනෙ ඔයාට තේරෙනවද ඔයා සම්පූර්ණයෙන්ම ගමන් කරමින් හිටපු දිශාවට විරැද්ධ දිශාවට ගමන් කරන්න ඕනෙ. ගමන් කරමින් හිටපු දිශාව හඳුනා ගනිමු,
දෙයක් replace කරනවා වෙනුවට එකම ජාතියෙන් දේවල් කීපයක් ගැනීම.
කාලය කා දමමින් කමින් බොමින් shopping කරමින් ඉන්න අයගෙ ජීවිත දිහා බලාගෙන ඉන්න එක. (ඒ නිසා මොලය ඒ දේවල් හොඳයි, මමත් කරන්න ඕනෙ කියන දේටයි උත්තේජනය වෙන්නෙ)
තමන් වෙනුවෙන් යොදවන්න තියන කාලය අනුන්ගෙ ජීවිත සිද්ධ වෙන හැටි බලන්න යෙදවීම. (අවධානය ඔයාගෙ ජීවිතය හදා ගන්න නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ අනුන්ගෙ ජීවිතේ හෙට දවසෙ මොනවා වෙයිද කියන දේටයි).
ජීවිත අවබෝධය හරි හැටි ලබා නොගැනීම.
වගේ දේවල් ටිකක් ගන්න පුලුවන්.
වෙනස් කරන්න ඕනෙ දිශාවට,
තමන් ජීවිතය තුල එක තැන හිර වෙලාද නැත්නම් ඉදිරියට යන බවක් හැඟෙනවද?
ඔයා උපදේශයක් ගන්නෙ කොයි වගේ අයගෙන්ද?
ඔයාගෙ සතුට දැනට රඳා පවතින දේවල් කොයි තරම් සාර්ථකයිද
ඔයාගෙ ජීවිතය, වට පිටාව ගැන සහ ඔයාට දැනෙන දේ ගැන ඔයා කොයි තරම් mindful ද?
වගේ දේවල් ටිකකට අපිට උදාහරණ හැටියට හිත යොදවන්න පුලුවන්.

සමහර වෙලාවට දේවල් කඩෙන්ම මිලදී ගන්නවට වඩා ගෙදරදීම හදා ගන්න එක හිතට සැනසීමක් වගේම නීරෝගී කම අතිනුත් ආයෝජනයක් වෙන්න පුලුවන්. ඒ දේවල් වල process එකක් තියන නිසා instant dopamine rush එකක් සිද්ධ වෙන අවස්ථාව අඩු කරනවා.
ඇත්තම contentment කෙනෙකුට ලැබෙන්නෙ life experiences, relationships and from sense of purpose කියන දේවල් වලින්. ඒ කියන්නෙ ජීවිත අත්දැකීම් වශයෙන් අපි මොනවද එකතු කර ගන්නෙ කියන දේ. ජීවිත අත්දැකීම් කියන්නෙ අපේ ජීවිතයට සිද්ධ වෙන දේවල්ම විතරක් නෙවෙයි, ඔයාගෙ comfort zone එකෙන් එලියට ඇවිත් ඔයා අත් හදා බලන ඕනම දේකින් ඔයා ජීවිතයට ලබා ගන්න දේ. අද ගොඩක් අය (විශේෂයෙන්ම තරැණ අය)ඒ දේවල් කරනවා පේන්නෙ Instagram එකට පින්තූරයක් ගහලා දාන්න, එහෙමත් නැත්නම් තමන්ගෙ YouTube channel එකේ ඊ ගාව video එකට දාන්න දෙයක් නැති නිසා වගේ ඒවට. ඒ තුලින් අත්දැකීමක් මේ කියන ජීවිත අත්දැකීමක් කියන තැනටම ගන්න අපහසු වෙනවා. ඒ සඳහා හිත තුල මනා එකඟතාවයක් තියෙන්න ඕනෙ.

ඊ ළඟට අපි ආදරය කරන අය, අපි ළඟින් ඉන්න අයත් එක්ක තියන relationships හොඳින් පරිස්සමින් රැක බලා ගන්න එක. පොඩ්ඩ එහා මෙහා වුන ගමන් තරහා වෙනවා, විවාහය අත හැර ගන්නවා දුර දිග නොහිතා දේවල් කරනවා සහ කියනවා වගේ දේවල් නිසා අපි ළඟින්ම ඉන්න අය අපට නැති වෙන්න පුලුවන්. Healthy ජීවිතයකට අපේ ආදරණීයයන් අපිට අත්‍යවශ්‍යම වෙනවා. එයාලට ඔයාව එපා වෙන තැනට ඔයා දේවල් කලොත් එයාලා වුනත් ඔයාව ඉවසන ප්‍රමාණය අඩු වෙලා ඈත් වෙන්න ඉඩ තියෙනවා.
තමන්ගෙ පවුලෙ අය එක්ක , සැමියා එක්ක දරැවන් එක්ක එකට කාලය ගත කරන එක, ඉවසන එක වගේම සමාව දෙන එක වගේ දේවල් වලින් nurturing relationships කියන දේ කර ගන්න පුලුවන් වෙනවා.
අන්තිමටම sense of purpose. කාලෙන් කාලෙට වෙනස් වුනත්, අපේ ජීවිත වල නිරන්තරයෙන් අරමුණක් තියෙන්න ඕනෙ. ඒ අරමුණ තමයි ඉක්මනට හති වැටෙන තාවකාලික ඉලක්ක හඹා යන එකෙන් අපිව මුදවලා තියන්නෙ. ජපානයේ Okinavas කියන්නෙ longevity වැඩිම ජන කාණ්ඩයක්. එයාලගෙ life principles වලින් එකක් තමයි purpose of life කියන්නෙ. මගේ courses වල මම නිතරම වගේ මේ දේ උගන්නනවා. මොකද අරමුණක් නැති ජීවිතයක් අරගෙන බලන්නකො. ඔය ඕන තරම් YouTube video වල දකින්න තියෙනවා. ඔහේ හිතෙන හිතෙන දේවල් කර කර වටිනා ජීවිතය තුල තියන කාලය කියන tool එක මොට්ට කර ගන්නවා. ඒ නිසා හොඳට හිතලා මේ දේත් තමන් තුල ඇති කර ගන්න ඕනෙ.

ඉතින් අද ලිපියත් ඔයාගෙ ජීවිතයට ආලෝකයක් සහ අර්ථයක් එකතු කරාවි කියලා මම හිතනවා.
මේ ලිපිය කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි. වෙනදා වගේම ඔයාගෙ comments කියවන්න මම මග බලාගෙන ඉන්නවා.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Akka Mata awankawama hithuna deyak tiyanawa, e thamai api YouTube channel ekakin Hari asuru karana kenegen loku balapemak kenek ge hasirimata hithana widiyata athi karanawa kiyanna eka. Mamath pissuwen wage anunge jeewitha wala wenna deal balala hathi watuna. Mata wasanawakata wage theruna me godagahilla iwarai wenna ekak nemei kiyala. But thawama mage hitha hitapu gaman ehe mehe yanawa. Oyata godak pin me karana uthum kriyawata.
Issara mamat ehemai dakina dakina deta asa kala et den mama ehema ne kitchen 1ta unat mata ona quality product witarak gatta aye a Badu kadawal gane hoyanne ne a dewal atpath karagattata passe ganna thibuna asawa neti wenawa mama dekka
Simple wennai mata den ona socal Media mama godak aduwen inna kenek
Spiritual mage life 1 lassanata wenas karaganna puluwan deyak witarai mama balanne a time 1 mama rest karanna gannawa
Dawasama YouTube hitapu kalayak matat thibuna
Mage Pera pinakata mata oyage vedio dakinna lebuna Tika Tika kalet ekka mama oya kiyana de practice karanna gatta mata noterena de kipa parak balala terum gatta wiweki welawata parana vedio balala jivite alut karagannawa jivat wenna asawak ATI une oya nisai