top of page

Slow Living Winter


හිතා ගන්නත් බැරි තරම් වේගයකින් කාලය ගෙවීගෙන ගිහින් අපි දැන් සීත ඍතුවේ පලවෙනි මාසයේ අන්තිම හරියටත් ඇවිත්. ඍතුව මාරැ වෙනවත් එක්කම වටපිටාවෙ වෙන වෙනස් කම් හරිම ලස්සන කථාවක් හැමදාමත් කියා දෙනවා.




හැමදාමත් වගේ මගේ දවස පටන් ගන්න coffee ritual  එකෙන් තමයි මේ ලස්සන, gloomy සීතල දවසත් පටන් ගත්තෙ. උදේ පාන්දරම කරන එක mindful activity එකක් මුලු දවසෙම සිහිය පවත්වා ගන්න උදව් වෙනවා කියලා මම දන්නෙ ඇත්තටම අත්දැකීමෙන්මයි. (Years after years I have been doing my mindful coffee routine😊)

Slow living lifestyle  එකක මූලිකම දෙයක් තමයි වර්තමානයේ ජීවත් වෙන්න පුලුවන් කම තියන එක. ඈත කඳු පන්තිය දිහා බලාගෙන උණුම උණු මගේ අත් දෙකින්ම හදා ගත්ත කෝපි එක සීතලම සීතල දවසක බොනකොට හිත නිදහස් වෙන තරම වචනයෙන් කියන්න ඇත්තටම මට වචන සොයා ගන්න බැහැ. ඒක භාෂාවකින් විස්තර කරන්න බැරි, ඒ දේ තනිකරම භාෂාවක් නිසා කියලයි මට හිතෙන්නෙ.



 


සීතල කාලෙට හුඟාක් ගස්වල කොල හැලුනට සභහර ගස් තද සීතලට ඔරොත්තු දෙනවා. උදේට යන walk එකට මම ආස කරන්න හේතු දෙකක්ම තියනවා.

1) මේ කාලයේ උදේට හරිම ටික වෙලාවකට තමයි ඉර එලිය තියෙන්නෙ. ඉතින් natural sunlight කියන්නෙ අපිට නොමිලේම ලැබෙන medicine වර්ගයක්. ඒ වගේමයි විශාල ගස් අස්සෙන් සහ කඳු අස්සෙන් ඉර එබෙනවා වගේ තමයි දැනෙන්නෙ. ඒ හමුවීමටත් මම හරිම කැමතියි.


2) උදේම නිශ්ෂබ්දව ඉන්න ස්වභාව දහමත් එක්ක එකතු වෙලා දවස පටන් ගත්තහම ඒ නිහඬ භාවය මගේ හිත ඇතුලේ මුලු දවස පුරාවටම පවතිනවා.


ඉතින් ඔන්න ඔය කාරණා දෙක මූලික වුන සුන්දරම සුන්දර අත්දැකීමක් තමයි උදෑසන walk එක. කොහොමත් නිවස ඇතුලෙ තියන නිහඬතාවයත් හිත ඇතුලෙ තියන නිහඬ තාවයත් කියන දෙආකාරයට ලැබෙන නිහඬතාවය කෙනෙකුගේ හිත නිකන්ම mindful කරනවා. ඉඳලා හිටලා හරි මේ කියන නිහඬ බව බිඳෙන හැබැයි ඒත් සිහිය පවත්වන්න කිසිම කරදරයක් නැති දේ තමයි calming music . මේ දවස් වල මම නිතරම අහන (ඇත්තටම මේ ලියන වෙලාවෙත් play වෙනවා) music එක තමයි Foggy Autumn forest ambience.  ඇත්තටම මට මතකයි නංගි කෙනක් දවසක් මගෙන් ඒ ගැන අහලත් තිබුනා. මොන වගේ music ද මම අහන්නනෙ කියලා. තව ඉතින් piano music ගෝඩා....ක් අහනවා🙂.


ඔයාලා අතර ගොඩක් famous මගේ camellia ගහ
ඔයාලා අතර ගොඩක් famous මගේ camellia ගහ
Winter එකේ ඉතුරැ වෙලා තියන රෝස මල් දෙක තුන
Winter එකේ ඉතුරැ වෙලා තියන රෝස මල් දෙක තුන

Lillies are back in the season
Lillies are back in the season

හැමදාමත් වගේ සීතල කාලෙ අඳුරැ ගතියෙන් පිරැණු වටපිටාවට එලිය දෙන වත්තෙ තැන තැන තියන Camellia මල් ගස් දිහා මම සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා. ඒ වගේම දැන් ලිලී මල් පිපෙන කාලෙ නිසා මේ ඉස්සරහ තියන මල් පෝච්චියේ ලිලී මල් නම් වරදින්නෙ නැහැ. Slow living වල තවත් එක අංගයක් හැටියට මම දකිනවා seasonal awareness. ඒ වගේම season එකේ taste එක නිවස ඇතුලටත් ගේන එක.

මේ දේවල් boxes tick කරගෙන යනවා වගේ ටක් ගාලා එලියට දුවලා මල් ටිකක් ගෙනල්ලා පෝච්චියකට දාලා තියන්නත් පුලුවන්. එතන හැබැයි seasonal awareness කියන දේ එතකොට නැතුව යනවා. මට නම් මේ දේවල් වලට පැයක් හමාරක් යනවා. ඒ තරම්ම භාවනාවක්, වර්තමානය තුල Seasonal awareness පවත්වනවා කියන්නෙ. ඒ ක්‍රියා කාරකම් එහි නිවැරදි අර්ථය වටහගෙන දිනපතාම කාලයක් කරනකොටයි තමන්ගෙ ජීවිතය slow down වෙනවා කියලා දැනෙන්නෙ. ඒ හැඟීමත් හරියටම විස්තර කර ගන්න අමාරුයි. හරියට නිකන් වෙඩි නොවදින shield එකකින් ඔයාගෙ හිත ආරක්ෂා කරනවා වගේ හැඟීමක්.




ඉතින් ඔන්න මේ ලෑස්ති වෙලා ඉන්නෙ අපේ දුවත් එක්ක එලියට යන්න. අපේ ගමේ library එකේ මේ දවස් වල Winter book sale එකක් තියනවා. ඉතින් එයා ආස කරන පොත් වගයකුත් තියනවා කියලයි මේ යන්න ලෑස්තිය. Slow lifestyle එකක් කියන්නෙ ඇත්තටම අමුතුවෙන් හිතලා කරන දෙයක් නෙවෙයි. ඒ තමයි ඒ ජීවිතයට හුරැ වුන අය ජීවත් වෙන විදිය. එතකොට දරැවන් වුනත් නිකන්ම ඒ හුරැව ලබනවා. අමුතුවෙන් උගන්වන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

ජීවිතය ගෙවෙන්නෙ හරිම intentional විදියකට. කරන හැම දේකටම ගැඹුරැ අර්ථයක් තියනවා. ඒක මතුපිටින් පෙනෙන අර්ථයට වඩා හුඟක් වෙනස් සහ ගැඹුරැයි.

මේ වගේ seasonal sale වලදි අපි ආස කරන පොත් සහ සඟරා ගොඩක් අඩු මුදලකට ගන්න පුලුවන්. Edition එක ටිකක් පරණ වෙන්න පුලුවන්, හැබැයි අවශ්‍ය පොත් සොයා ගන්න බැරි වෙන්නෙ නැහැ. මේ වගේ හරිම පුංචි දේවල් ටිකකින් මේ තරම් සතුටක් සන්තෘප්ත බවක් හිතට දෙන්න පුලුවන් කියලා මමත් තරැණ කාලෙ දැනගෙන හිටියෙ නැහැ. දැන් අවුරැදු පහලවක් විතර මේ විදියට ජීවත් වෙනකොට තමයි ඒ බව ටික ටික තේරෙන්න ගත්තෙ.



ඉතින් මුලු සවස් වරැවෙම අපි කලේ අපි දෙන්නා අරගෙන ආපු පොත් හොඳට snuggle-up වෙලා කියවපු එක.

සරල ජීවිතයක තියන අනිත් දේ තමයි, සරල, වැඩි වියදමක් නැති hobbies ජීවිතයට එකතු කරගෙන තියන එක. ඒ තුලින් ලැබෙන සැනසීම හදවතින්ම අගය කරන්න පුලුවන් බව. Slow lifestyle එකක් හෝ intentional living කියන්නෙ ජීවිතේ අපි ආස කරන දේවල් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. කෙනෙක් තමන් ඇත්තටම කොයි වගේද කියලා දැනගෙන ජීවත් වෙන එක. Sense of overwhelming සහ chronic stress වලට තියන විශාල හේතුවක් තමයි තමන්ට නොගැලපෙන ජීවිතයක් ගෙවන එක. ඒක නිවැරදි කර ගන්න මේ lifestyle tips ටික ඔයාට උදව් වෙයි කියලා මම හිතනවා.



තව පොඩ්ඩෙන් අමතක වෙනවා 🙉

මේ තමයි අර මම ගිය පාර video එකේ කිව්ව හතු වල පින්තූර. ඔයත් එක්ක බෙදා ගන්නමයි ගත්තෙ. එහෙනම් ගිහින් එන්නං. හැමදාම වගේ ඔයාගෙ comments කියවන්න තමයි බලාගෙන ඉන්නෙ.


ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්



6 Comments


Thank you very much

Like
Replying to

You are so welcome Kanthi ❤️❤️❤️

Like

Harima shoooi Akki asawen kiyewwa thawath kiyala tibunananm kiyala hithenne mata witharada 🩷🫰🧿

Akki photos godak lassanai

Adarei 🤗🥰♥️🙈

Like
Replying to

Hiiii thank you, Mila. Ayeth ඉක්මනට ලියන්නම්.❤️❤️❤️

Like

Godak kalekin hari asawen kiyeuwa

Hari lassana surangana katawak wage mamat issara jivite kiyanne hari Amaru epa karapu deyak wage dekka kalayak thibuna kema uyanne tharahen job 1 karanne tharahen a aida kiyalawat mata noteruna kalayak thibuna mata hari mahansiyak denenakot mama wenasak hoyamin innakota thama ahamben oya hambaune

Issara hinaunata trip giyata dinner out giyata mokakdo his bawak thibuna

Mata ekaparatama wenas wenna Amaru una et mama ata ariye ne Tika Tika kalayak aragen thama me gamanata adithalama gatte

Ithin mata man Gena den sathutu wenna puluwan mama tharahak awa gamanma den denena nisa a thatwen ikmaninma nidahas wenna puluwan mage den kalabala weda ne karana de hari sathutin hemin karanawa ude negitapu gaman mama den uyanna duwanne TiKak…

Like
Replying to

හරිම ලස්සනයි ඔයා ජීවිතය හදාගෙන යන හැටි ❤️❤️❤️

Like
bottom of page