The 14 Mindfulness Trainings
- Iresha Kariyawasam

- Jun 25
- 5 min read

Summer කාලය ඉවර වෙනවත් එක්කම තමයි මම මේ ලිපිය draft කලේ. ඔන්න ඉතින් දැන් තමයි publish කරන්න අවස්ථාව හරියටම ලැබුනෙ. ඔයා සමහර විට අහලා ඇති Thich Nhat Hanh ගැන. Zen Master කෙනෙක් උන් වහන්සෙ දැනට අවුරැදු කීපයකට කලින් අපවත් වුනා. (උන් වහන්සෙගෙ ආදාහනය live telecast වුනා. පැය පහක් විතරම අපි ඒක ඒ දවසෙ බැලුවා). මේ Training එක මම උන්වහන්සේගේ ඉගැන්වීම් ඇසුරෙන් තමයි සකස් කලේ.
සිහිය තියනකොට තියන ප්‍රතිලාභ තේරැම් ගන්නවට වඩා සිහිය නිවැරදිව නැති වෙලාවට දැනෙන්නෙ කොහොමද කියලා බැලුවොත්, Mindfulness training එකක් කොයි තරම් නම් වටිනවද කියලා ඔයාට හිතෙයි.
Simple උදාහරණයක් අරගෙන බැලුවොත්, සිහියෙන් යුතුව දෙයක් කරනකොට සිහිය වෙන අතක ගියොත් ඒක දැන ගන්න පුලුවන්. අන්න ඒ දැනගැනීම සිද්ධ වෙන්නෙ awareness කියන එකෙන්. එතකොට සිහිය නැවත අවශ්‍ය දේ වෙත අරගෙන එන්න පුලුවන් වෙනවා. සිහියෙන් නොහිටියොත් බොරුවක්, කේලමක් කියවෙන්නේ දන්නෙම නැතුව. සිහිය හොඳට පිහිටියොත් ඒකෙන් තමන්ව මුදව ගන්න පුලුවන් වෙනවා. (ඉදිරියේදි Mindfulness for better daily life කියලා සම්පූර්ණ විග්‍රහයක් ඔයත් එක්ක බෙදා ගන්න පුලුවන් වෙයි)
අපි දැන් යමු පලවෙනි ක්‍රමයට.

1) Openness
සිද්ධ වෙන ඕනම දේකට විවෘත මනසකින් මුහුණ දෙන එක.
උදේම අවදි වුන තැන ඉඳලා දවස ගෙවීගෙන යන හැටි කොයි තරම් අවිනිශ්චිතද කියලා ඒ ගැන හොඳ සිහි කල්පනාවෙන් හිටියොත් ඔයාට වැටහේවි. ඒ නිසා දැඩිව පිහිටවා ගත්ත සංකල්පනාවක හිටියොත් ඒ වෙනස් කම් දරා ගන්න ටිකක් අමැරැ වෙනවා. ඍතු මාරැවත් එක්ක පරිසරය තුල වෙන වෙනස්කම් ඒ ගැන හොඳ අවබෝධයක් ලබා දෙනවා. කොල පාටින් පිරැණු වර්පණවත් පරිසරය සීත කාලය එනවත් එක්කම අඳුරැ ගතියකට හැරෙනවා. වර්ණවත් පරිසරයට දැඩි ලෙස ඇලුම් කරගෙන හිටියොත් සීත කාලය ඒ අයට ගෙනත් දෙන්නෙ දුක් සහගත හැඟීම් ටිකක්.

2) Non attachments to views
මේ තුලින් දකින අහන හැම දෙයක්ම එතනින්ම ඉවර වෙලා යන බව තේරැම් ගන්න පුලුවන් වෙනවා. ඇලුම් කලාට නොපවතින බව වැටහෙනවා. ඇලීම ඇති වෙන්නෙම ඒ සම්බන්ධව සතිමත් නොවුනමයි. සිහිය කියන්නෙ සතිමත් බවට අත්‍යවශ්‍යම දෙයක්. ඇලීම ඇති වුනත් බැඳීමක් ඇතිවෙන එකයි කෙනෙක්ව දුකට පත් කරවන්නෙ.

3) Freedom of thought
හිත කියන්නෙ පුදුමාකාර විදියට නිදහසක් බුක්ති විඳින, කලමනාකරණය නොවුනු තැනක්. ජීවිතයම මහා බරක් විදියට දැනෙන්න තරම් දෙයක් create කරන්න සිත සහ සිතුවිලි වලට පුලුවන්. සිහිය පුරැදු කරන කෙනාට මේ සිතුවිලි වල හැසිරීම හොඳට තේරෙන්න ගන්නවා. එයා දන්නවා මොන වගේ සිතුවිලිද එයාට අවශ්‍ය වෙන්නෙ සහ මොන වගේ සිතුවිලිද අනවශ්‍ය කියලා. අනවශ්‍ය දෙයින් සිත මුදව ගන්න දක්ෂ වෙනකොට සිතුවිලි හට ගැනීම කියන දේ සම්බන්ධ control එක එයාට ලැබෙනවා. සිහිය දියුණු වුන කෙනාට දේවල් හිතෙන්නෙ නැහැ. එයාට අවශ්‍ය නම් එයා හිතනවා. එහෙම නැත්නම් මනස නිහඬයි. දවසේ ක්‍රියාකාරකම් පැවැත්වීමට විතරයි සිතුවිලි පහල වෙන්නෙ, and that is one aspect of freedom of thought.
ඊ ළඟ පැත්ත තමයි, ඒ පහල වෙන සිතුවිලි වලින් කර්ම හැදෙන්නෙ නැති කම. ඒ නිසත් එයා නිදහස්.

4) Awareness of suffering
ගොඩක් වෙලාවට තමන් ඉන්නෙ පීඩාවක කියලා කෙනෙක්ට තේරෙන්නෙ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒ පීඩාවෙන් මිදෙන්න හෝ පීඩාව මග හරින්න කටයුතු කරගෙන යන නිසා. සිහියෙන් ඉන්නකොට පීඩාවක් ඇති වුනොත් ඒ සම්බන්ධව හොඳ දැනුවත් බවක් එයා තුල ඇති වෙනවා. එතකොට ගැලවෙන්න හදනවා වෙනුවට ඒකට හේතුව ගැන බලන්න හැකියාව ලැබෙනවා.

5) Simple, healthy living
බැඳීම් නැති වෙනකොට සහ සිතුවිලි තුල නිදහස් ලැබෙනකොට ජීවතය නිකන්ම සරල සහ නීරෝගී වෙනවා. Slow living කියන්නෙ හිතලා කරන දේකට වඩා සිද්ධ වෙන දෙයක් කියලා ඒකයි මම නිතරම කියන්නෙ.

6) Dealing with anger
තරහා ඇති වෙන්නෙ හිතෙන් බැඳිලා ඉන්න තැන දන්නෙ නැති වුනහමයි. කාලයත් එක්ක විවිධ ආශාවන් පෝෂණය කරනකොට ඒවත් එක්ක හිත තදින්ම බැඳෙනවා. හැබැයි ඒ දේවල් වල පුංචි හරි වෙනසක් වුනොත්, හිත කඩාගෙන වැටෙනවා. ඒ වැටීමේ වේගයට අනුව තරහ සහ දුක නිර්මාණය වෙනවා. සිහියෙන් ඉන්න පුරැදු පුහුණු කරනකොට මේ කාරණාවේත් හිත අනිවාර්යයෙන්ම පුහුණු කරන්න වෙනවා. දිගින් දිගටම ඒ ගැන දැනුවත් වෙනකොට එහි ප්‍රතිඵලය තමයි තරහ නොයන එක.

7) Dwelling happily in the present moment
සිතුවිලි වලින් නිදහස් වුනහම සිත පවතින එකම තැන වර්තමානය. වර්තමාන මොහොත තුල ඉතින් තියෙන්නෙ සතුට, සැනසීම මිස වෙන මොනවද නේද? 🌸🙂
ගෙවන හැම මොහොතකම සිහිය පවත්වනවා කියන එකට සරලවම කියන්න පුලුවන් දේ තමයි, වර්තමානය තුල ජීවත් වෙනවා කියන එක. ගෙවුන කාලයේ දුක් කරදරයක් හෝ ඉස්සරහට එයි කියලා හිතන කාලයේ දෙයක් හෝ හිතනකොට පීඩාව වැඩියි. ගෙවීගෙන යන මොහොත නිතරම පෙන්වලා දෙනවා කෙනෙකුට එයාගෙ control එකේ තියන දේ සහ නැති දේ. ඉතින් ඒ නිසා වර්තමානය හරිම නිදහස් සහ සැහැල්ලු තැනක් බවට පත් වෙනවා.

8) Community and communication
අපිට ආශ්‍රය ට ලැබෙන වටපිටාව සිහිය පුරැදු කිරීමෙදි හුඟක් වටිනවා. සරල උදාහරණයකින් අපි මේක පැහැදිලි කර ගනිමු. ටිකක් controlling behaviour patterns තියන කෙනෙක් ඉන්නවා. එයාගෙ මනස හරි වේගවත්. මෙතන හිටියට හිත වැඩ කරන්නෙ තව steps හතරක් පහක් ඉස්සරහට. එතකොට එයාට පේන්නෙ එයා වටා ඉන්න අය කරන දේවල් slow වගේ, එහෙම නැත්නම් ඒ අය කරන දේ වැරදියි වගේ. ඒ නීසා එයාගෙ විදියට ඒ අයව හැඩ ගස්සවන්න එයා ලොකු උත්සාහයක් ගන්නවා. ඔය අතර ටිකක් slow down. වෙන්න හිතන, mindful වෙන්න හිතන ඔයාට එයා අණ පනත් දෙනවා, විවිධාකාර වගකීම් පටවනවා. ඔයා බැහැ කියන්න බැරි කමට බැරි මරගාතෙන් ඒවා කරනවා. ඔයාට එතකොට ලොකු පීඩනයක් දැනෙනවා. ඒ ඔයා තමන් නොවෙන කෙනෙක් වෙන්න යන නිසා. දැන් ඒකට හේතුව වුන ආශ්‍රය දිහා බලන්න. අන්න ඒ ආශ්‍රය ඔයාට නොගැලපෙන තැනක්.
මේ විදියට බලනකොට සිහිය විසින් කෙනෙක්ව නුසුදුසු ආශ්‍රයෙන් වලක්වනවා.

9) Truthful and loving speech
කෙනෙකුගේ කථාව එයාගෙ සම්පූර්ණ චරිතයම විදහා දක්වනවා. තරහා නැති, සිතුවිලි වලට කරපු වහල් බවෙන් නිදහස් වෙනකොට මුලින්ම දකින්න ලැබෙන වෙනස්කම් වලින් එකක් තමයි වචනයේ තැන්පත් බව. හරිම සෞම්‍යයි එයාගෙ වචනය. කාටත් ප්‍රියයි. ඔයාටත් ඔයාව ප්‍රියයි. ඇත්ත කථා කරන, සැහැල්ලු, සරල කථා බහ සිහිය සහ සතිමත් බව විසින්මයි කෙනෙක් තුල ඇති කරවන්නෙ. (සතිමත් බව ගැන members corner එකේ පාඩම් මාලාවක්ම කරලා තියනවා. පුලුවන් අහ ගිහින් ඒකත් බලන්න. මේ ලිපියේ මම කථා කරන්නෙ සිහිය ගැනයි. සතිමත් වීම ලොකුවට cover වෙන්නෙ නැහැ).

10) Protecting sangha
මේ විදියට සිත සිහිය තුල හොඳට පදම් වෙනකොට එයා තුල නිතැතින්ම ඇති වෙන්නෙ සඟ ගුණ. තමන්ට මේ නිදහස ලැබුනෙ තමා තුල සඟ ගුණ ඇති කර ගැනීම නිසා කියලා තේරැම් ගන්නකොට ඉතින් ආයෙත් නම් පස්සට අඩියක් වත් තියන්න එයාට හිත් දෙන්නෙ නැහැ. මෙතනදි එයා ඉතා හොඳින් තව තවත් කැපවීමෙන් තමන් තුල දලු දාගෙන එන සඟ ගුණ ආරක්ෂා කරමින් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.

11) Right livelihood
එයාගෙ ජිවන ප්‍රතිපදාව සහ ජීවත් වෙන්න කරන දේ ගැනත් සිහිය පිහිටුවමින් හැසිරෙනවා. ජීවන ප්‍රතිපදාවන් වෙනස් වෙන්න ගන්නකොට තමයි අනිත් අයට ඔයාව රුස්සන්නේ නැතුව යන්නෙ 😀
මම නම් පුද්ගලිකව ඒකට හරි කැමතියි. ඒ මොකද දන්නවද, එතකොට අර හලා ගන්න ඕනෙ අය නිකන්ම හැලෙනවනෙ. ඇයි එයාලට truthful කෙනක්ව තේරෙන්නෙ නැහැ, වැඩි විස්තර බෙදාගන්නෙ නැති කෙනෙක්ව තේරෙන්නෙ නැහැ, වැඩි ආශ්‍රයට අකමැති කෙනෙක්ව තේරෙන්නෙ නැහැ, ලෝක සැපය හඹා නොයන කෙනක්ව තේරෙන්නෙ නැහැ......ඉතින් බලන්නකො වැඩේ කොච්චර ලේසිද කියලා 👌👌

12) Reverence for life
ජීවිතය for granted ගන්නවා. එහෙමත් නැත්නම් ජීවිතය කියන්නෙ පිට්ටනියක්, මම එහි පුලුවන් තරම් හොඳට play කරන්න ඕනෙ කියලා හිතනවා.
ඒ වෙනුවට හොඳට සිහිය පිහිටුවීම පදම් කෙනාගෙ ඊගාව training එක තමයි ජීවිතය දිහාව නිදහස් වීම කියන කෝණයෙන් බලන්න පුහුණු වෙන එක. තමන් කියන පුංචිම පුංචි ඒකකයට වඩා කොච්චර විශාල තැනක්ද කියලා දකින්න උත්සාහ කරන එක. ඒ නිසා එයා ජිවත් වෙන අවුරැදු කීපය නොයෙකුත් target. හඹාගෙන ගිහින් අධික මහන්සියකට පත් වෙලා සියල්ල අත හැරලා දවසක යන්න වෙනවා කියන යථා අවබෝධය පුහුණු කරනවා. සිහිය තුල පුහුණු කරපු දෙවන training module එක වුන non attachment to views කියන එකේ ප්‍රතිඵලය තමයි මෙතනදි එයාගෙ පුහුණුවේ අත්තිවාරම වෙන්නෙ.

13) Generosity
මේ තැනට පත් වුනහම කෙනෙකුට අවශ්‍ය වෙන්නෙ තමන්ට දැනෙන සැනසීම තව එක්කෙනෙකුට හරි ලබා දෙන්නයි. ඒ තමයි දානයේ අග්‍ර ම දානය. අපට ඒකට ධර්ම දානය කියන්නත් පුලුවන්. හැබැයි ඒකට ඔය ඉහත training modules දොලහම ඉතා හොඳින් පුහුණු කරලා, තමන් තුල වගාවක ඵලදාව ලැබෙනවා වගේ, තමන්ට හොඳින් ප්‍රතිඵල ලබාදෙන තෙක් පුහුණුවේ යෙදෙන්න ඕනෙ. අපිට හොඳ රස කෝපි හලක් හම්බවුනහම හරී ආසයි නේද පවුලෙ අයව හරි යාලුවෙක්ව හරි එක්කන් ගිහින් එතනින් කෝපි එකක් අරගෙන දෙන්න?ඒ අපි ඒ කෝපි හලේ කෝපි එකේ රස හොඳටම දන්න නිසා නේද?
ආන්න ඒ වගේ.

14) Right conduct
දැන් ඉතින් තියෙන්නෙ සිහිය තුල මනාව පුහුණු වුන ජීවිතය අලුතින් හිතලා කල යුතු කිසිම හික්මීමක් අවශ්‍ය නැති ජීවිතය, නමුත් හරි ලස්සනට ඉබේම, නිරායාසයෙන්ම හික්මෙමින් තියන හැටි දකිමින් ජීවත් වෙන එකයි. මෙතනදි උන් වහන්සේ ඒ ජීවිත මල් ඵල දැරූ ජීවිතයක් ලෙස හඳුන්වනවා.

දැන් ඔන්න ඔයාට පුලුවන් මේ training එක ඔයා තුල තියනවද කියලා බලන්න. තියනවනම් ඔයා දැනටමත් හොඳට පුහුණු කරලා තියන අදියරවල් මොනවද කියලා බලන්න. ඔයා ළඟ මේ training එක නැත්නම් , අද ඉඳලා ඔයාට පටන් ගන්නත් පුලුවන්. හැබැයි මෙතන තියෙන්නෙ පුරැදු කරගත්, දැන හඳුන ගත් සිහිය යොදවමින් හැඩ ගැහෙන training එකයි. සිහිය හිත තුල ජීවිතයේ සෑම ආකාරයෙන්ම කොහොමද පදම් කරන්නෙ කියන එකට මට වෙනම training එකක් හදන්න වුනා. ඉතින් ඒක ඉස්සරහට මම ඔයත් එක්ක බෙදා ගන්නම්.
දැන් ඉතින් ඔයාගෙ වෙලාව. මේක ඔයාට ප්‍රයෝජනවත් වුනාද? ඒ කොහොමද කියලා මට ලියලා එවන්න.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Mama kiyanne mama me pare yanawa kiyala et mama a pare yanna patan aran thiyenne oyage me maha denuna sambarayen aniwaryenma jivitaya lassana karaganna Aya athi wevi
Ilaga lipi Tika kiyawanna maga balan innawa lassana jivitayak wenuwen
❤️❤️❤️❤️❤️❤️
Kiyanna wachna neha Akki den name life eka Akki kiyala Dena piliwelata yannama try karanawa manasa wena peththakata giya gaman den auto click wenwa 🙈🤭 godak dewal den practice ekata gannawa Akki life eka change wela Athulathin .hebai fashion nam karanawa ithn 🤗