top of page
Sinhala
Articles on this page are published in Sinhala readers.


Tips to set-up your own Slow living journey in this Winter
Slow living එහෙමත් නැත්නම් සිංහල පරිවර්තනයට අනුව සරල, මන්දගාමී ජීවන රටාව කියන්නෙ හැම මොහොතකම කාර්යබහුල ලෝකයක් තුල මොහොතකට නැවතිලා ජීවිතයේ සරල සහ තමන් ළඟ දැනටමත් තියන දේවල් අගය කරමින් ඒ අගය කිරීම තුල සැනසිලිදායක ජීවිතයක් ගෙවනවා කියන එකයි. විශේෂයෙන්ම සීත ඍතුව කියන්නෙ ස්වභාවදහම පවා විවේක ගන්න කාලයක්. මුලු වටපිටාවම සීතලෙන් මිදිලා තියන දවස් ටික ටික කෙටි වෙන සීත කාලය කියන්නෙ ඇත්තටම අපේ ජීවිතය slow කරවන කාලයක්. පරිසරය දිහා බැලුවම පේන්නෙත් ගස්වල කොල හැලිලා, නිහඬව වසන්තය උදාවෙනකන් විව

Iresha Kariyawasam
Jun 274 min read


The 14 Mindfulness Trainings
Summer කාලය ඉවර වෙනවත් එක්කම තමයි මම මේ ලිපිය draft කලේ. ඔන්න ඉතින් දැන් තමයි publish කරන්න අවස්ථාව හරියටම ලැබුනෙ. ඔයා සමහර විට අහලා ඇති Thich Nhat Hanh ගැන. Zen Master කෙනෙක් උන් වහන්සෙ දැනට අවුරැදු කීපයකට කලින් අපවත් වුනා. (උන් වහන්සෙගෙ ආදාහනය live telecast වුනා. පැය පහක් විතරම අපි ඒක ඒ දවසෙ බැලුවා). මේ Training එක මම උන්වහන්සේගේ ඉගැන්වීම් ඇසුරෙන් තමයි සකස් කලේ. සිහිය තියනකොට තියන ප්රතිලාභ තේරැම් ගන්නවට වඩා සිහිය නිවැරදිව නැති වෙලාවට දැනෙන්නෙ කොහොමද කියලා බැලුවොත්, Mindful

Iresha Kariyawasam
Jun 255 min read


Slow Living Winter
හිතා ගන්නත් බැරි තරම් වේගයකින් කාලය ගෙවීගෙන ගිහින් අපි දැන් සීත ඍතුවේ පලවෙනි මාසයේ අන්තිම හරියටත් ඇවිත්. ඍතුව මාරැ වෙනවත් එක්කම වටපිටාවෙ වෙන වෙනස් කම් හරිම ලස්සන කථාවක් හැමදාමත් කියා දෙනවා. හැමදාමත් වගේ මගේ දවස පටන් ගන්න coffee ritual එකෙන් තමයි මේ ලස්සන, gloomy සීතල දවසත් පටන් ගත්තෙ. උදේ පාන්දරම කරන එක mindful activity එකක් මුලු දවසෙම සිහිය පවත්වා ගන්න උදව් වෙනවා කියලා මම දන්නෙ ඇත්තටම අත්දැකීමෙන්මයි. (Years after years I have been doing my mindful coffee routine😊) Slow l

Iresha Kariyawasam
Jun 243 min read


See within
මේ තමයි අපේ අලුත්ම workshop එක. මේ work shop එක පටන් ගන්න කියලා හිතාගෙන ඉන්නෙ ඇතුලාන්තයෙන්ම තමන්ව සුවපත් කර ගන්න වුවමනා කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය සියලුම මග පෙන්වීම් ලබා දෙන්නයි. දින තුනක් පුරාවට දිනකට පැය දෙකකට ආසන්න කාලයක් මාත් එක්ක live තමයි මේ පුහුණුව සිද්ධ වෙන්නෙ. මොනවද පුහුණුවට ඇතුලත් වෙන්නෙ: මානසිකත්වය සහ ආධ්‍යාත්මය සුවපත් කරවන yoga philosophy වලින් ජීවිතය නිවැරදි කර ගන්න හැටි දිනපතා Yoga අභ්‍යාස ( strengthening, releasing සහ weightloss ) Yogic lifestyle (ආහාර සහ දින චර්යා)

Iresha Kariyawasam
Mar 61 min read


Summer - Mindful silence comes within
ඈත පලාතක කඳු මුදුනක් මැද තනියම ඉන්නවනං ඇරෙන්න නොනවතින වේගයකින් අපි කරා එන තොරතුරැ වලින් මිදී නිදහස් වෙනවා කියන එක හිතන්නත් අමාරැ කාලයකටයි අපි ඇවිත් ඉන්නෙ. ඔයා කාත් එක්ක හරි කථා නොකරන හිටියත්, රේඩියෝ එකකට හෝ වෙනත් මොකක් හරි entertaining sound system එකක් දාගෙන නොහිටියත්, වටේ පිටේ තියන විවිධ දැන්වීම් පුවරු, text messages, emails, දුරකථන ඇමතුම්, සමාජ මාධ්‍ය, නොයෙකුත් දැන්වීම් පත්‍රිකා ආදී වශයෙන් වචන, පින්තූර සහ හිතේ කථාව හිත් තුල විශාල වශයෙන් ශබ්ද ඇති කරනවා. කොච්චර හරි බැංකුවක,

Iresha Kariyawasam
Feb 64 min read


Summer - Mindfulness helps with contentment
ලෝකය දුර ගමනකින් පස්සෙ අද ඇවිත් තියන තැන බැලුවහම පෙනෙන එක පැතිකඩක් තමයි කෙනෙකුට නවතින්න ඉඩකඩ තියෙන්නෙ හරිම අඩුවෙන් බව. ඕනම දිනුම් කණුවක් පහුකරගෙන ඇවිත් හති අරින්නත් කලින් ඊ ගාව කණුව පෙන්නනවා. ඊට කලින් දුවගෙන ආපු, ළඟා කර ගත්තු තැන හිත ඇතුලෙන් මදි වෙනවා. හැබැයි ඒ පසු කරපු කණුව කරා දුවගෙන එනකොට දැනුනෙ ඒ තමයි තමන්ට උපරීම සැනසීම දෙන තැන කියලා. මේ චක්‍රයට psychology වලදි කියනවා the hedonic treadmill කියලා. (දුවගෙන යනවා අපේ ඊ ගාව purchase එක අපිට සතුට සැනසීම ගෙනත් දෙයි කියලා.) ලස්ස

Iresha Kariyawasam
Jan 313 min read


Summer - Mindful mind
හිත ඇතුලෙ සංහිඳියාව වැඩි වෙන තරමට හිතන දේවල් වල ඇති පැහැදිලිභාවය හුඟක් වැඩි වෙනවා. ඒ වගේමයි අනවශ්‍ය දේවල් නොහිතා හිතීමත් පුලුවන් වෙනවා. ඒ තුලින් ඔයාට ඔයාගෙ තීන්දු තීරණ peaceful මනසකින් ගැනීම හැකියාව ඇති වෙනවා. කලබලකාරී මනසක ඒ වෙනුවට සිදු වෙන්නෙ reaction. සමහර වෙලාවල් තියෙනවා ක්‍රියාවක්වත් ප්‍රතික්‍රියාවක්වත් නැති එකම තමයි පිළිතුර වන්නේ. Internet තිබුනෙ නැති, smart phone තියා mobile phone වත් තිබුනෙ නැති, Television වත් බහුල නොවූ කාලයක් ඔයා අත් විඳලා තියනවනම්, අනිවාර්යයෙන්ම ඔය

Iresha Kariyawasam
Jan 224 min read


Mindful Summer days - Slowing, yet mindful
වට පිටාවෙ පාට ජාති ගොඩක් පේන්න තියෙන, විවිධාකාර කුරැල්ලන්ගෙ සද්ද හැම පැත්තෙන්ම ඇහෙන, summer time කියන්නෙ අපි පුලුවන් හැම දවසකම වගේ එලියට යන කාලයක්. මේ කාලය තුල පරිසරය observe කරනවා වගේම ඒ තැන් වලට වෙලා එක එක විදියට හිතට නැගෙන මාතෘකා ගැන කථා කර කර ඉන්නත්, ඒ වගේම පොත් කියවන්න සහ අපේ රැකියාව කරන්නත් අපි පෙළඹෙන්නෙ වැඩිය හිතන්නෙ නැතුවයි. Seasonally ජීවත් වෙන්න ජීවිතය හැඩ ගැහුනම කාලෙන් කාලෙට මාරැ වෙන සෘතුවත් එක්ක අපි ජීවත් වෙන ආකාරය, හිතන ආකාරය, කෑම කන ආකාරය ඒ වගේම කරන දේවල් පවා වෙ

Iresha Kariyawasam
Jan 183 min read


Summer - Stop, look and let go
සිහිය පිහිටුවාගෙන ජීවත් වෙනවා කියන්නෙ ලොකු පුහුණුවක් අවශ්‍ය කරන දෙයක්. පුහුණු වෙන මනසත් , පුහුණු වුන මනසත් කියන දෙකම නිතරම අභ්‍යාස වල යෙදෙමින් උවමනාවෙන් ඉදිරියට යන්න වෙනවා. වෙන ඕනම හැකියාවක්දි පුහුණුවෙන් පස්සෙ තියෙන්නෙ වැඩි දුර අධ්‍යයනය කරන්න. මේ පුහුණුවේදි එකම දේ නැවත නැවත කරන්න සිද්ධ වෙන එක වැඩියි. ඒ තුලින් තමයි පුහුණුව තීව්ර වෙන්නෙ. එහෙම නැතුව අධ්‍යයනය කලා කියලාවත් වැඩිපුර බණ ඇහුවා කියලවත් නෙවෙයි. එකම දේ නැවත නැවත කිරීමෙන් තමයි ඊළඟ අදියරට යන්න පුලුවන් වෙන්නේ. සිහියෙන් ඉන්

Iresha Kariyawasam
Jan 104 min read


Summer- Mindful living increases satisfaction
ඕනම දෙයක් කරනකොට සහ කොටින්ම ජීවිතේ ඇතුලෙ ජීවත් වෙනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි සිහිය. විශේෂයෙන්ම අපි කරන දේ ගැන, කියන දේ ගැන සහ හිතන දේ ගැන සිහියක් නැති වුනොත්, නොදැනුවත්වම අපිව ලොකු කරදර වලට පත් වෙන්න පුලුවන් ඉඩ කඩ වැඩියි. ඉතාම සරල තැනකදි වුනත් හරියට පවත්වගත්ත සිහියෙන් හිටියෙ නැති වුනොත්, අපේම ජීවිතේ ඇතුලෙ අපිවත් නොහිතපු වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. අද අපි කථා කරමු බලන්න, අපේ ක්‍රියාවට සහ වචනයට බලපාන සිතීම ගැන. අපිට සමාජය තුල විවිධාකාර පුද්ගලයන් ඇසුරු කරන්න ලැබෙනවනෙ. ඒ වගේමයි ව

Iresha Kariyawasam
Jan 54 min read


Summer ☀️- Beauty of a slow mind
අපි සිඩ්නි වල දවස් කීපයක් ඉඳලා මේ ටිකක් ඈතින් තියන town එකට ආවෙ මෙහෙ පරිසරයේ සුන්දරත්වය බලන්නත් එක්කමයි. මේ පැත්තට අපි කීප වරක් ඇවිත් තිබුනත් එක එක seasons වලට වෙනස් වෙන පරිසරය බලන්න අපි හැමෝම ලොකු කැමැත්තක් දක්වනවා. උදේ පාන්දරට pier එක දිගේ පැයක් හමාරක් ඇවිදලා උණුවෙන් කෝපි එකක් බීලා තමයි මේ දවස් වල අපේ දවස පටන් ගන්නෙ. ඇඳ ගාව තියෙන ජනේලයෙන් උදේම ඇහැරැන ගමන් පේන මේ ගැඹුරැ මුහුද දවස පටන් ගන්න ලබා දෙන්නෙ ලොකු උද්යෝගයක්. ඒ නිසාම පලවෙනියටම ඒ පැත්තෙ ඇවිදින්න යන එක දැන් දැන් ඉබේම කෙ

Iresha Kariyawasam
Dec 27, 20253 min read


Summer - Escaping mindfully
Beautiful bridge I saw on my way කාලෙන් කාලෙට පුංචි නිවාඩුවක් කියන එක රැකියාවක් කරන, දිනපතා එකම routine එකක ජීවිතය ගෙවන ඕනම කෙනෙකුට ඉතාම අවශ්‍ය දෙයක්. ඒක අපට දෙයාකාරයකින් කරන්න පුලුවන්. පලවෙනි එක තමයි නිවාඩු කාලය තමන්ගේ නිවසේම ගත කරන එක, දෙවනි ආකාරය තමයි නිවාඩුවට ගෙදරින් පිට පළාතකට යන එක. සමහර කාල වකවානු තියනවා විවේකය කොයි විදියට ගෙව්වත් හරිම සුවදායකයි. තවත් සමහර වෙලාවල් වලදි කොයි තරම් හොඳට plan කරලා නිවාඩුව ගත කරන්න ගියා වුනත් හිත relax වෙන්නෙම නැහැ. මේක ලියන ගමන් මට තවත් මම

Iresha Kariyawasam
Dec 24, 20253 min read


Summer- letter to North pole
Bringing all your wishes to North pole with me ♥️ අමුතු හැඟීමක් මට දැනෙන මාසයක් තමයි මේ දෙසැම්බර් මාසය කියන්නෙ. සමහර විට ජීවිතයෙන් හරි අඩකටත් වඩා වැඩි කාලයක් බටහිර රටවල් වල ජීවත් වුන නිසාද කියලත් හිතෙනවා. මුලු වටපිටාවම නත්තලට සරසනකොට, හැමෝම සුභ දායක දේවල් ප්‍රාර්ථනය කරනකොට, ඒ හදවත් වලින් පිටවෙන විශාල සුදු කිරණ සම්භාරයක් විශ්වයට එකතු වෙනවා. මට හිතෙන්නේ ඒ දේවල් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මටත් මෙහෙම දැනෙන්නෙ කියලා. මේ සතියෙ අපි ගිය පොළ තිබුනෙත් ගම්බද වික්ටෝරියානු ප්‍රාන්තයේ කඳුක

Iresha Kariyawasam
Dec 16, 20253 min read


Summer- Mindfulness for slow living
ඉස්සර ඉඳලම කථාව අඩු , නිහඬ බව ප්‍රිය කරන ස්වභාවයක් තමයි මා තුල මම දැක්කෙ. ඒ ස්වභාවය නිරන්තරයෙන් මගේ අවධානය මගේ ඇතුලාන්තයේ සිද්ධ වෙන දේ ගැන හිත අවධානයෙන් තිබ්බා කියලයි මට හැඟෙන්නෙ. ස්වභාවික පරිසරය කියන්නෙ මට හරිම හුරැ පුරැදු තැනක්, සහ මගේම කොටසක්, මම අයිති එතනටයි කියලා දැනෙනකොට පුංචි වෙලා යන මාන්නය දැක්කම හිනහත් යනවා. මේ තරම් විශාල, මේ තරම් ලස්සන, මේ තරම් අපිව රකින වගේම බිය වද්දන තැනක මම කොයි තරම් පුංචි කූඹි පැටියෙක්ද කියලා මට ඒ වෙලාවට හිතෙනවා. තනිකම හුඟක් ප්‍රිය කරපු නිසාදෝ

Iresha Kariyawasam
Dec 10, 20254 min read


Summer - Mindfulness journey - Daily practice
ගොඩක් හිත් කරදර තියන කාලයක් තමයි අපි කාටත් ගිය පාර blog එකත් අදත් අතර ගෙවුනෙ. හිත් කරදර එනවා කියන එක ජීවිතේම කොටසක්, ඒ වගේම සතුට වගේම දුකත් අපට උරුමයි වගේ කථා කොයි තරම් කිව්වත් දරුණු හිත් තැවුලක් තමන්ටම ආපු දාටයි හරියටම මේ කිව්වෙ මොකක්ද කියලා අපට වැටහෙන්නෙ. ඒකත් ඔලුව උස්ස ගන්න බැරි වෙන්න දැනෙනකොට තමයි අපි ටිකකට හරි හිතන්න ගන්නෙ ජීවිතය ඇත්තටම මොකක්ද කියලා. මුලු ජීවිතේම හරි හම්බ කරපුවා වතුරට ගහගෙන යනකොට, පසට යට වෙනකොට, ජීවිතේ පුරාවට දුක සැප බෙදාගෙන ළඟින් හිටපු අය ඇස් පනාපිට වතු

Iresha Kariyawasam
Dec 6, 20254 min read


Summer- Mindfulness journey
Summer කිව්වට තවම එහෙම දැනෙන්නෙ නම් නැහැ. සීතල හුළඟ, වැස්ස සහ අතරින් පතර පායන දවස් හැටියට තමයි මේ දවස් වල මේ පැත්තෙ කාලගුණය. දෙසැම්බර් මාසෙ පළවෙනිදා ඉඳලා තමයි කැලැන්ඩරයට අනුව ග්‍රීෂ්ම සෘතුව මෙහෙට ආරම්භ වෙන්නෙ. හැබැයි ස්වභාව දහම වැඩ කරන න්‍යාය ඉතින් ඊට වඩා හුඟාක් වෙනස්. විටක ප්‍රචණ්ඩවත්, තවත් විටක සෞම්‍යවත් අප කරා එන ස්වභාව දහමේ ස්වභාවය හතර අතේ දුවන හිත් එක තැනකට ගේන්න දක්වන්නෙ අපූරු හපන්කමක්. අපිට අමතක වෙලා යන ජීවිතයේ යථාර්ථය බලෙන් හරි මතක් කරවල දෙන බවක් තමයි පෙනෙන්නෙ. මේ ව

Iresha Kariyawasam
Dec 1, 20253 min read


Spring diary - Slow living
ලස්සන වසන්ත කාලෙ අවසාන දවස් ටික තමයි මේ ගෙවෙන්නෙ. ඒ එක්කම මේ ඍතුවේ අවසානයත් ග්‍රීෂ්ම ඍතුවේ ආරම්භයත් දෙකම සිද්ධ වෙනවා. හැම දෙයක්ම එහෙම නේද වෙන්නෙ? එක දෙයක අවසානය කියන්නෙ තව දෙයක ආරම්භය. ඉතින් ඒත් එක්කම අපේ Spring diary blog post season එකත් අවසන් වෙනවා. මම ඉදිරියේදි ඔයාට කියන්නම් ඊ ගාව ඍතුවේ අපි මොනවද ලියන්නෙ සහ කියවන්නෙ කියලා. පුංචි surprises සමහර වෙලාවට ලොකු සතුටක් හිත් වලට ගේනවා කියලා මට දැනිලා තියනවා. ඉතින් මට හිතුනා මේ ලිපියත් ඔයාට slow living මගේ ජීවිතය තුල සිද්ධ වෙන

Iresha Kariyawasam
Nov 23, 20253 min read


Spring diary - Minimalistic lifestyle
හෙමින් හෙමින් වසන්තයේ අන්තිම මාසෙ මැදටත් ඇවිත්. අපිට සමහර විට ඒ තරම් නොදැනුනාට කාලය ගෙවෙන වේගය අපි හිතනවට වඩා හුඟාක් වැඩියි කියලයි මට හිතෙන්නෙ. කොයි හැටි වෙතත් ඔය දුවන කාලය තනියම නම් නෙවෙයි දුවන්නෙ. ලෝක ග්‍රහණයට අහු වෙලා ඉන්න අපිවත් අරගෙනමයි. ඒ හින්දයි අපිත් දවසෙන් දවස වයසට ගියා වගේ දැනෙන්නෙ. ඉතින් මේ මායාකාරී ලෝකය තුල ගෙවන ජීවිතය එයින් මිදීම උදෙසාම නිරන්තරයෙන් අපි හැඩ ගස්සවා ගන්න ඕනෙ. නැතිනම් ආයෙත් මේ චක්රයටම අහු වෙලා තව වට ලක්ෂ සංඛ්‍යාත ගණනක යන්න වෙනවා. ඒ විදියට හැඩ ගස්සවා

Iresha Kariyawasam
Nov 17, 20254 min read


Spring diary- A letter to a friend
ටිකක් එහායින් තියන අල්ලපු ගමයි අපි ඉන්න ගමයි මැද්දෙ තියන කන්ද බැහැගෙන තැපැල් මහත්තයා එන හැටි ඉස්සරහ පඩිය උඩට වෙලා කන්ද දිහා බලාගෙන ඉන්න දවසක මම දැක්කා. ඒ වෙලාවෙ මගේ මතකය inner child එක්ක එකතු වුන අවස්ථාවක් වුනා. මට මතක් වුනා ඉස්සර ආදරණීය යාලුවෙක්ගෙන් ලියුමක් හරි greeting card එකක් හරි එනකොට මගේ හිත කොයි තරම් සතුටින් පිරැණද කියලා. ඒ වගේමයි තැපැල් මහත්තය බයිසිකලය පාරෙන් අපේ ගෙවල් පැත්තට හරවන එකම පුංචි මට ඒ කාලෙ හරි ලොකු excitement එකක් වුනා. දැන් digital ලෝකයේ හැම දෙයක්ම send

Iresha Kariyawasam
Nov 8, 20254 min read


Spring diary - Slow November
ටික දවසක් ගෙවුනත් උදා වුන මේ අලුත් මාසය ඔයාට සතුට සැනසීම උදා කරදෙන වාසනාවන්ත මාසයක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා. අපිට නොදැනීම සති හතරක්, එහෙමත් නැත්නම් දින තිහක් ගෙවිලා ගිහින්. මාත් එක්කම මේ slow living journey එකේ ඔයත් යනවනම්, මේ කාලය ගෙවෙන විදිය එතරම්ම කරදර කාරී හෝ වේගවත් විදියට ඔයාටත් දැනෙන්නෙ නැතුව ඇති. නොවැම්බර් මාසය කියන්නෙ මේ වික්ටෝරියානු ගම්බද කඳුකර පළාත් වල ජීවත් වෙන හුඟක් අය තමන්ගෙ ගෙවතු වගාවෙ ඵල නෙලා ගන්න කාලයයි. ඒ වගේම ගෙවතු වගාව වෙනුවෙන් මහන්සි වෙන කාලයක්. නොවැ

Iresha Kariyawasam
Nov 4, 20253 min read
bottom of page
