top of page
Search

Summer - Mindful mind


හිත ඇතුලෙ සංහිඳියාව වැඩි වෙන තරමට හිතන දේවල් වල ඇති පැහැදිලිභාවය හුඟක් වැඩි වෙනවා. ඒ වගේමයි අනවශ්‍ය දේවල් නොහිතා හිතීමත් පුලුවන් වෙනවා. ඒ තුලින් ඔයාට ඔයාගෙ තීන්දු තීරණ peaceful මනසකින් ගැනීම හැකියාව ඇති වෙනවා. කලබලකාරී මනසක ඒ වෙනුවට සිදු වෙන්නෙ reaction. සමහර වෙලාවල් තියෙනවා ක්‍රියාවක්වත් ප්‍රතික්‍රියාවක්වත් නැති එකම තමයි පිළිතුර වන්නේ.

Internet තිබුනෙ නැති, smart phone තියා mobile phone වත් තිබුනෙ නැති, Television වත් බහුල නොවූ කාලයක් ඔයා අත් විඳලා තියනවනම්, අනිවාර්යයෙන්ම ඔයාට මම මේ කියන දේ මතක ඇති. කාත් එක්ක හරි කථා නොකරන, කිසියම්ම හෝ වැඩකත් නිරත නොවුන කාලවල් අපේ දින චරියාව ඇතුලෙ තිබුනා. ඒ වෙලාවල් වල phone එකට එන text message එකකින්වත්, social media ගිහින්වත් අපිව distract කර ගන්න අවස්ථාව නොතිබුන නිසාම අපි හිත ඇතුලෙ නැගුන දේවල් එක්ක තනි වුනා. ඒවට මුහුණ දුන්නා. ඒ දේවල් ගැන හිතුවා. හවසට බුදුන් වැන්දම ගොඩක් දේවල් හැලිලා ගියා. උත්තරයක් නැති දෙයක් කියලා දැනුනොත් ඔහෙ ඕනෙ එකක් වෙච්චාවෙ කියලා හරි හිතපු නිසා ඒ දේවල් මනස ඇතුලෙ පල් වෙන එකෙන් වැලකුණා. රෑට නිදා ගන්න යන්න කලින් අම්මටයි තාත්තටයි ගාථා කියලා වඳිනකොට පුංචියට හරි හිත් අමනාපයක් තිබුනොත් එවෙලේම නැති වෙලා ගියා.



මේ හැම දේම එන්න කලින් තිබුන ඒ ලෝකය තුල අපි හැදුන වැඩුන නිසා නිදහස් මනසක් පවත්වනවා කියන එක ඒ තරම් ලොකු ගැටලුවක් වුනේ නැහැ. ඒ නිසාම phone එකෙන්, laptop එකෙන් සහ TV එකෙන් වෙන වුන කාලයක් ගත කරන්න අපි නිතර නිතර පෙළඹෙනවා. ඒ කාලය තුල එකිනෙකා දිහා බලාගෙන කථා කරන්න, තමන්ගෙ හිතේ තියන දේවල් තමන්ටත් පැහැදිලි වෙනකන් කථා කරන්න වගේ දේ සඳහා අපි යොදා ගන්නවා. ඒ කථා බහ අවසන් වෙනකොට හිත් වල හිස් වුන ගතියක් තමයි දැනෙන්න තියෙන්නෙ. එතකොට ගන්න තීරණ වල ලොකු පැහැදිලි කමක් තියෙනවා.

විශේෂයෙන්ම වයස අවුරැදු හතලිහ පහුවෙනකොට කාන්තාවකට තමන් වෙනම කෙනෙක් බවට පත්වෙනවා වගේ දැනෙන්න ගන්නවා. ඒ වෙනස දැනෙන්නත් හිත තුල යම් විවේකී බවක් තියෙන්න ඕන වෙනවා. මේ කාලයේදි ඇතිවෙන වෙනස්කම් වලට ඉඩ දෙන්න, කලබල නොවී ඉන්න වගේ දේවල් වලටත් මනසක් තුල තියන විවේකී භාවය උදව් වෙනවා.

හිත් තුල විවේකී භාවය ඇති කර ගන්න මනස calm කර ගන්න, සිහියෙන් ජීවත් වීම බෙහෙවින් උපකාර කරනවා. කොයි තරම් දේවල් දැන ගත්තත් ඒ දේවල් භාවිතයට යොදවන්න නම් මනස තුල කලබලකාරී ස්වභාවයන් ඇති වෙන අවස්ථාව ඒවා ඇති වෙන වර්තමානය තුලම දැන ගැනීමේ හැකියාව තියෙන්න ඕනෙ.



ඒ වගේමයි අවට පරිසරය සමඟ ඇති සම්බන්ධය. උදෑසන අවදි වෙන වෙලාව වෙනකොටත් ලාවට වගේ තියෙන ඈලි මෑලි ගතිය පාන්දර කාලයේ ලාවට වැටෙන හිරැ එලිය අව් කණ්නාඩි නොදැමූ ඇස් වලින් දැකීම තුලින් නැති වෙලා යනවා, සහ ඒ වගේම හවස් කාලයේ බැසගෙන යන හිරැ එලිය දැකීම කියන දේ තුලින් දවස නිමා කරමින් නින්දට ලක ලෑස්ති වෙනවා කියන දේ ගැනත් ඇති දැනුවත්භාවය ජීවිතයට හුඟක් සම්බන්ධයි. ඒකට හේතුව තමයි අවට පරිසරයේ සිදුවෙන දේයි අපේ ජීවිත අතරෙයි ඇති සම්බන්ධතාවය.

පහුගිය කාලෙ ලංකාවෙ ඇතැම් ප්‍රදේශ වල සිදුවුන ජල ගැලීම් නිසා ඒ ප්‍රදේශ වල ඉන්න අයගෙ මනසේ වගේම ඒවා news වලින් බලන අයගේත් මනස තුල කණස්සලු ස්වභාවයක් සහ කැළඹීමක් දකින්න තිබුනා. පරිසරය තුල සිදු වෙන වෙනස් කම් වගේමයි, දැන් internet හරහා ලෝකය පුංචි වීමෙන් සිද්ධ වෙලා තියෙන්නෙත්.


අර phone එකක්වත් නැති කාලෙ අපිට බලපෑවෙ අපි වටා සිදු වුන දේවල් විතරක් වුනාට දැන් අපිට වඩා ගව් ගාණක් ඈතින් ඉන්න අයගෙ සහ රටවල් වල වෙන දේවලුත් කෙනෙක්ව අසීමිත කලබලයකට පත් කරන්න පුලුවන්.



පුංචි හරි හුළඟක් වැදෙනකොට මේ ගඟේ දිය පහර යාන්තමට හරි කැළඹෙනවා. ඒ වගේමයි සිහිය නොදියුණු, නුපුහුණු මනස. හරිම ඉක්මනට සහ වේගවත්ව කැළඹෙනවා. මනස තුල ripple-effect වශයෙන් සිද්ධි මාලාවක් ඇති වෙන්න ගත වෙන්නෙ තත්පර ගානයි. පටන් ගත්තෙ කොතනින්ද කියලවත් හොයා ගන්න බැරි තරමට පැටලෙන්න අවස්ථාව එවැනි මනසකට තියෙනවා.

පරිසරය සමඟ සම්බන්ධව ජීවත් වෙනවා කියන එකේ නිකන්ම walk එකක් යනවට වඩා දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතයත් ඒ ආකාරයට ගැලපෙන්න සකස් කර ගැනීම. ඒ තුලින් තමයි ඒ සැනසීම ජීවිත තුලට සාර්ථකව ගන්න පුලුවන් වෙන්නෙ.



මනස සිතුවිලි, හැඟීම් සහ විවිධාකාර වූ වේදනාවන්ගෙන් පිරිලා තියෙනකොට කිසි දෙයක් පැහැදිලි නැතිව යනවා. මනසේ clarity ඇති වෙන තවත් ආකාරයක් තමයි, yoga වගේ පෞරාණික practices. Yoga කියන්නෙ ශාරීරික අභ්‍යාසයක්ම විතරක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ජීවත් වෙන රටාවක්. ඒ වගේමයි ආයුර්වේදය කියන්නෙත් ආහාරම විතරක් නෙවෙයිනෙ. දින චරියාවක් හරියට ගෙවන හැටි ගැනයි ඒවයින් ඉගැන්වෙන්නෙ. ඒ දේවල් වල කරන පුහුණු වීම් වලිනුත් මනස නිරවුල්ව තියා ගන්න පුලුවන් වෙනවා.

අද ගොඩක් අය පුරැදු වෙලා තියෙන්නෙ හැම දෙයක්ම ලේසියෙන් කර ගන්නයි. නමුත් lifestyle එක වෙනස් කරගෙන ඒ තුලින් යහපත් මානසිකත්වයක් හදා ගන්නවා කියන එකට short cut එකක් නැහැ. ඒක හරියට කොයි තරම් anti wrinkle products පාවිච්චි කලත් මනුස්සයා වයසට යන එක නවත්තන්න බැහැ වගේ. කෙටි කාලීන ගොඩක් දේවල් ගෙනත් දෙන්නෙ කෙටි කාලයකට විතරක් වලංගු ප්‍රතිඵල.



යම් කිසි වෙනස්කම් දින චරියාව තුල තමන්ට ගැලපෙන සහ හැකි ආකාරයෙන් කරමින් මනස සන්සුන් සහ දියුණු කර ගන්නවා කියන්නෙත් පුංචි පැළ යාන්තමට ගහක් වෙලා මල් ඵල දරනවා වගේ කාලයක් ගත වෙන දෙයක්. ඒ සඳහා ඉවසීමෙන් එකම දේවල් ටිකක් කරනවා කියන එක ටිකක් challenging. ඒ නිසාම කෙනෙක්ට ආයෙත් පුරැදු දේටම ඉබේම යැවෙනවා.

නමුත් තමන්ට කර ගන්න ඕන වෙනසට strong "why" එකක් තිබුනොත්, ඒ දේ දිගටම කරගෙන යන්න පුලුවන් කම ලැබෙනවා.

මනසේ ඒකාග්‍රතාවය වැඩි දියුණු කර ගන්න වගේම wisdom දියුණු කර ගන්නත් තවත් ඇති කර ගන්න පුලුවන් දෙයක් තමයි භාවනාව කියන්නෙ. මුලින්ම හිත එක අරමුණක පවත්වන්න උත්සාහ කලත් හෙමීට තමන්ගෙ මනස තුල පණ ගහන විවිධාකාර රැළි සමත කර ගැනීම දක්වාම දියුණු කර ගන්න උත්සාහ ගන්න පුලුවන්. ඒ තුළිනුත් සන්සුන් මනසක් ඒ වගේම ගැඹුරැ දැක්මක් ඇති කර ගන්න පුලුවන් වෙනවා. ඒ තුළිනුත් ඔයාට ගන්න තීන්දු තීරණ වලට විශාල පිටුවහලක් ලැබෙනවා.



ඉතින් මේ summer එකේ Mindfulness කථා කරන කාලයේ මට හිතුනා මේ කරැණු ටිකත් ඔයත් එක්ක බෙදා හදා ගන්න. Blog එක කියවන්න අලුතෙන් එකතු වුන අයත් ඉන්න නිසා සමහර කරැණු නැවත මතක් කිරීම් හැටියටත් එකතු කලා.

ඉතින් මේ ලිපියත් මේ දක්වා කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි. වෙනදා වගේම ඔයාගෙ comments කියවන්න තමයි ඉතින් මග බලාගෙන ඉන්නෙ.

ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්

 
 
 

11 Comments


අද ලිපිය ගොඩක් සැහැල්ලු බව දැනුනා.මන්ද ලිපිය පුරාම ගොඩක්ම කතාකර ඇත්තෙ ස්වභාදහම හා බද්ධව ඵ් රිද්මයට ඇහුම්කම්දෙමින් මනස සන්සුන් කරගන්නා ආකාරයයි.ඉතින් ලිපිය පුරාම ඵ් සුවද තිබුනා.ස්තුතියි ඔබට.🙏🌹💙

මෙ දේවල් පෙරත් ඔබ ගැඹුරින් කතා කර ඇත.නොසන්සුන් මනසකින් ගත් තීරණ බොහෝ විට කුමක් හෝ අඩුවක් ගෙන දේ.ඵය අත්විද ඇත.පුංචි දෙයකින් වුවත් කැලඹෙන මනස නොසෙල්වෙන ජලය හා මෙන්ම තවත් ගැඹුරට ගන්නයි වෑයම.ඔබෙ උපදෙස් ඉතිම්

කොතරම් වටිනවා වුවාදැයි ඔබ දන්නවනෙ.ස්තුතියි ඔබටත්..🙏🌹

නගින හිරැත් බහින හිරැත් කොතරම් වැදගත්ද යන්න ඔබ සදහන් කර ඇත.අදත් ඵක දවසක් වුවා යැයි නොසිතා ඵය අර්ථවත්ව ගත කිරීමටත් slow living උපදෙස් නම් ගොඩක් උදව් වුනා.

ඵක මේසයෙ පවුලෙ හැමෝම ඵකට කෑම ගැනීම මගෙ පවුලෙ කවුරැත් දැඩි කැමැත්තක් දක්වයි.ඵ් කාලය ඇත්තෙන්ම අපෙ අන්‍යෝන්‍ය සම්බන්ධකම් බොහෝ වැඩි කරයි.

Yoga පිලිබද ඇත්තටම කැමැත්ත ඇතත්…

Like
Replying to

🙏❤🌹

Like

Oyage lipi kiyawanne mama pudumakara sathutakin kiyawala nikan inne ne mama mata puluwan uparimen practice karanawa

Mage jiviteta galapagannawa

Mata face book account 1kwat neti kenek mama asama nidahase me nature 1t ekka inna a pare yanna magapenwanna hodama kena oya oyage vedio mata ahamben hambaune mage Pera pinakata kiyalai mata hitenne Api degree gatta Hoda job karanawa et me manasika suwapatbawaya a ekakinwat ganna be ugatkama me pare yanna udauwak una hemadamat wage hadawatinma sthuthi oyata ❤️ ❤️ ❤️

Like
Replying to

Godak sthuthi Madhu ❤️❤️❤️

Like

Mama me dawaswala godak akkage channel eka follow karanawa. Mata podi kale indanma Oni Una mawa hoyaganna. Mama wenna. Without following trends.Ekata lassanai park pennana akkata theruwan saranai.

Like
Replying to

සතුටුයි ඔයාගෙ ගමනට උදව්වක් වෙන්න පුලුවන් වුන එකට නංගි ❤️❤️❤️

Like

Thankyou aunty.


Like
Replying to

My pleasure darling ❤️❤️❤️

Like

Akki ♥️🥰 thank you soo much

Wonderful thoughts

Much love

Mila 🥰😘♥️

Like
Replying to

Thank you Mila ❤️❤️❤️❤️

Like
Post: Blog2_Post
bottom of page