Spring diary - Minimalistic lifestyle
- Iresha Kariyawasam

- Nov 17
- 4 min read

හෙමින් හෙමින් වසන්තයේ අන්තිම මාසෙ මැදටත් ඇවිත්. අපිට සමහර විට ඒ තරම් නොදැනුනාට කාලය ගෙවෙන වේගය අපි හිතනවට වඩා හුඟාක් වැඩියි කියලයි මට හිතෙන්නෙ. කොයි හැටි වෙතත් ඔය දුවන කාලය තනියම නම් නෙවෙයි දුවන්නෙ. ලෝක ග්‍රහණයට අහු වෙලා ඉන්න අපිවත් අරගෙනමයි. ඒ හින්දයි අපිත් දවසෙන් දවස වයසට ගියා වගේ දැනෙන්නෙ.
ඉතින් මේ මායාකාරී ලෝකය තුල ගෙවන ජීවිතය එයින් මිදීම උදෙසාම නිරන්තරයෙන් අපි හැඩ ගස්සවා ගන්න ඕනෙ. නැතිනම් ආයෙත් මේ චක්‍රයටම අහු වෙලා තව වට ලක්ෂ සංඛ්‍යාත ගණනක යන්න වෙනවා.
ඒ විදියට හැඩ ගස්සවා ගන්න හදන ජීවිතයක, ගොඩක් වැදගත් අංගයක් තමයි සරල කම. සරල කම ඇතුලෙම තියෙන දෙයක් තමයි intentional living එහෙමත් නැත්නම් තමන් කරන දේ ගැන හොඳ ගැඹුරැ අවබෝධයකින් ජීවත් වෙන එක. එහෙම වුනහම අපිට අපි තුල හෝ අපෙන් භාහිරයට හෝ අනවශ්‍ය දෙයක් සිදු වෙන එක, අනවශ්‍ය විදියට දේවල් පරිහරණය කරන එක වගේ දේවල් වලින් වැලිකලා ඉන්න අවස්ථාව ලැබෙනවා. ඒක ජීවිතය සරල කර ගන්න ඉමහත් රුකුලක් වෙනවා.
හොඳට මද රස්නය වතුර ටිකක් නාගෙන ඉස්සරහ පුටුව උඩ වාඩි වෙලා ඈත පෙනෙන කන්ද දිහාව බලාගෙන ඕන තරම් වෙලාවක් ඉන්න පුලුවන්. ඒ වෙලාවට මාව පහු කරගෙන යන කාලය ගැන මට හැඟීමක් ඇත්තෙම නැහැ. ඇතුලත හිස් වුන, හිත කය දෙකම ඉමහත් සැහැල්ලුවකට පත් වුන මේ වගේ වෙලාවක් කියන්නෙ සසර පුරා දුවන මේ හිත නතර වෙලා ඉන්න අවස්ථාවක්.

උණු කොපි කෝප්පයක් ගෙදරම හදාගෙන Danielle Steel ගෙ Perfect Life කියන පොතට කිමිදිලා ඉන්න වෙලාවෙ සෙනඟ මැද ඉඳගෙන ඝෝෂාව මැද චිත්‍ර පටියක් බලනවට වඩා සැනසීමක් අද හවස මට ගෙනත් දුන්නා.

මේ පොත් වල රචනා ශෛලිය සහ මගේ හිතේ මැවෙන මටම ආවේණික රෑප රටා ගෙනෙන කථාව පුංචි කාලෙ පොත් කියවන කොට හිතේ ඇඳුන කථා ආපහු මතක් කරනවා. ඒ ගතිය තමයි ඔය inner child awakening කියන්නෙත්. කෝපි කෝප්පයේ උණුසුම, අලුත කොටපු කෝපි වල සුවඳ , හිමීට ඇද හැලෙන වැස්ස සහ මම ආසම කතු වරියගෙ පොතක් ...මට හිතුනෙ මේ හැන්දෑවට තවත් මොනවද මට ඕනෙ කරන්නෙ කියලා. අපි හැමෝටම මේ විදියට තමන් එක්කම උපරිම සන්තෘප්ත භාවයකට එන්න පුලුවන්. අලුතෙන් වියදම් නොකර, කොහෙවත් නොගියත්, කවුරැවත් තනියට නොසිටියත්, හිත නිවිලා තියෙනවා.

Minimalism ගැන කථා කරනකොට මතු නොකරම බැරි තවත් දෙයක් තමයි අපි එක එක්කෙනා සතු විවිධාකාර වූ හැකියාවන්. සමහර විට ඒවා වැඩි දුර ඔප මට්ටම් වූ හැකියාවන් නොවෙන්නම පුලුවන්. ඒ වුනත් ගෙදර දොරේ අපිට ඒ හැකියාවන් භාවිතා කරලා ගොඩක් දේවල් කර ගන්න පුලුවන්. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මූලික දේ වෙන්නෙත් ආයෙත් පාරක් කාලයම තමයි. අපේ ජීවිත ගෙවෙනවට වඩා හුඟාක් හයියෙන් හිත දුවන නිසා කාලය කියන්නෙ අපිට නැති ඒත් අත්‍යවශ්‍යම සම්පතක්. මම තරැණ කාලෙම ඉගෙන ගත්ත දෙයක් තියනවා. ඒ තමයි මට ජර්මනියෙදි මට උගන්නපු professor කෙනෙක් කියපු කථාවක්.
"අපි රැකියාවක් කරන්නෙ ජීවිතයට පහසුවක් වෙන්න මිසක් ජීවත් වෙන්නෙ රැකියාව කරන්න නෙවෙයි කියලා හොඳට මතක තියා ගන්න"
මේ කියමන එදා ඉඳලා මාව අත හැරියෙම නැති කියමනක්. හිතේ වේගය වැඩි වෙලා හිත කලබලයට පත් වෙන වෙලාවට මට මේක මතක් වෙනවා. ඒක කියන දවසෙ මම ඉඳගෙන හිටපු තැන ජනේලයෙන් ඇපල් ගස් උඩට සහ මුලු විශ්වවිද්‍යාල භූමියටම සුදු රෙද්දක් එලලා වගේ හිම වැටෙනවා. එදත් හිත මොහොතකට නතර වුන අවස්ථාවක්. ඒ විදියට තදින් හිතට කා වදින දේවල් (ධනාත්මක හෝ වේවා සෘණාත්මක හෝ වේවා) අපේ හිතේ තදින් සටහන් වෙන්නෙ අවස්ථාවත් එක්කමයි.
තමන්ගෙ හැකියාවක් භාවිතා කරලා යම් දෙයක් කරන්න ගන්නවා කියන්නෙ අරපිරිමැස්ම, හැකියාවන් දියුණු වෙන සහ ඒ වගේම හිතට විශාල සතුටක් ගෙනත් දෙන දෙයක්.

ගේ දොර අස් පස් කරලා තමන්ට තියන ඉඩ කඩ පිරිසිඳුවට, පිලිවලකට සහ හිතට සැනසීමක් දෙන ආකාරයකට තියා ගන්නකොටත් හිත සතුටෙන් පිරෙනවා.

දෙයක් පාවිච්චියට ගත්තොත් ආපහු ඒක තිබුන ඒකට වෙන් කරපු තැනින්ම තියන්න පුරැදු වුනහමත් වට පිටාවෙ කලබලය අඩු වෙන නිසා හිතේ ලොකු සහනයක් ඇති වෙනවා. මේ විදියට නිවස තුලම සහනයක් දැනෙන්න ගන්නකොට නැවතත් භාහිරයේ බඩු භාහිරාදිය මිලදී ගන්න හෝ අතන මෙතන සතුට හොයන් යන්න හෝ අවශ්‍යතාවයක් ඇති වෙන්නෙ නැහැ. ඒකත් Minimalism වල තවත් අංගයක්. ඒ වගේම ඒ තුලින් ලැබෙන සහනයක්.

මේ හැම දේකින්ම ලැබෙන සහනය stress, burnout වගේ දේවල් වලට අපිට මූණ දෙන්න වෙන එක තමයි වලක්වන්නෙ. ලෝකයත් එක්ක දුවලා දුවලා මානසික ආතතියට බෙහෙත් බිබී, හිත් තැවුලෙන් හැබැයි දේවල් ගොඩක් එකතු කරගෙන ජීවත් වෙන එකද ඔයාට වටින්නෙ එහෙමත් නැත්නම් හිත සහ කාලය එකම වේගයක ගමන් කරන, නිවී සැනසුන ජීවිතයක්ද ඔයාට වටින්නෙ කියලා ගන්න තීරණය නම් ඇත්තටම ඔයාට භාරයි. මම ඉතින් කියන්න දන්නෙ මම සැනසීම කියලා දකින දේනෙ. මම කැමතියි ජීවිත් වෙන බව අමතක වෙලා කරන්න තියන දේවල් හෝ බලාපොරොත්තු වලින් වැහිච්ච නැති , ජීවත් වෙනවා කියලා හොඳට දැනෙන බවට.

හවස් වේගන එනකොට මේ ඉටිපන්දම පත්තු කරලා බුදුන් වැඳලා සන්සුන් වුන හිතකින් දවස නිමා කරන එක මගේ හිතට සැනසීම දෙන තවත් ආකාරයක්. වසන්ත කාලෙ ගෙවාගෙන යන මගේ ජීවිතය තුල Minimalism ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ මේ ආකාරයටයි. මේ තුලින් ඔයාගෙ ජීවිතයට යමක් එකතු කර ගන්න පුලුවන් වුනොත්, ඒක තමයි මගේ ලිපියේ බලාපොරොත්තුව. Minimalism කියන්නෙ අල්පේච්ඡ තාවයට කියන තවත් නමක්ම නෙවෙයි. මෙතනදි කරන දේවල් ගැන තියන අවබෝධය හුඟක් වැදගත්. ඒ තුලින් ජීවිතය සසර චක්‍රයෙන් මුදවා ගන්න අවශ්‍ය නැවතීම වෙතට අපිව අරගෙන යනවා වගෙයි මට දැනෙන්නෙ.

තමන් තුලම, තමන් ජීවත් වෙන පරිසරය තුලම තමන් වටා ඉන්න අයත් එක්කම සැනසීම, සුහදත්වය සහ කරුණව මෛත්‍රිය පිරැණු පසුබිමක් හදා ගන්න පුලුවන් කම ලැබුනොත් අපේ අවධානයත් හතර අතේ දුවන්නෙ නැතිව එක තැනක නතර වෙන්න පටන් ගනියි. ඒ විදියට තමන්ගෙ circle එක පුංචි වෙනකොට ඔයාට ඔයාගෙ හිත ඇතුලෙ වෙන දේ හරියටම දැක ගන්න පුලුවන් වේවි. ඉතින් Minimalism practice එක මගේ ගමන ගමනාන්තයකට යොමු කරන්න මට උපකාර වුනේ මේ විදියටයි.
මේ තරම් වෙලා මේ ලිපිය කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි. වෙනදා වගේම blog එකේ ඔයාගෙ comment එක කියවන්න මම බලාගෙන ඉන්නවා. මේ ලිපියත් එක්කම blog එකේ ඔයාගෙ comment එකත් Publish වෙනවා. ඒක මට ලොකු හයියක්.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්





ගොඩාක්ම ස්තූතියි නංගි. හරිම ආසාවෙන් කියෙව්වා. සම්පූර්ණ ඇත්ත ඔයා කියන දේ. ඔයා කියන දේවල් follow කරලා , මම ඒ විදියට ජීවත් වෙන්නෙ ගොඩාක් කල් ඉදල. ඇත්තටම මම ජීවත් වෙන්නෙ මේ කියල තියෙන විදියට . හිතට පුදුමාකාර සැහැල්ලුවක් , සතුටක් ලැබෙන්නේ මේ විදියට සරලව ජීවත් වෙනකොට. ඒ හිතට දැනෙන සතුට ඇත්තටම වචනයෙන් කියන්න තේරෙන්නෙ නැහැ . මේ වගේ ගුරැ හරැකම්වලින් අපිව තව තවත් දැනුවත් කරන්න , හිත්වලට සැනසීම ඇති කරන්න .. ඔය හිතට ගතට තව තවත් ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා..!! තෙරැවන්ගේම සරණයි..! නිදුක් නිරෝගී වේවා..!! 🙌♥️
හරීම ආසාවෙන් කියෙව්වා..බොහොම ස්තූතියි
Thanks a lot. I personally accept your ideas. You have experienced solace by yourself. In my case I am experiencing minimalism according your way.. you are the guider . Godak pin. Thank you very much again .