Summer - Mindful silence comes within
- Iresha Kariyawasam

- Feb 6
- 4 min read

ඈත පලාතක කඳු මුදුනක් මැද තනියම ඉන්නවනං ඇරෙන්න නොනවතින වේගයකින් අපි කරා එන තොරතුරැ වලින් මිදී නිදහස් වෙනවා කියන එක හිතන්නත් අමාරැ කාලයකටයි අපි ඇවිත් ඉන්නෙ. ඔයා කාත් එක්ක හරි කථා නොකරන හිටියත්, රේඩියෝ එකකට හෝ වෙනත් මොකක් හරි entertaining sound system එකක් දාගෙන නොහිටියත්, වටේ පිටේ තියන විවිධ දැන්වීම් පුවරු, text messages, emails, දුරකථන ඇමතුම්, සමාජ මාධ්‍ය, නොයෙකුත් දැන්වීම් පත්‍රිකා ආදී වශයෙන් වචන, පින්තූර සහ හිතේ කථාව හිත් තුල විශාල වශයෙන් ශබ්ද ඇති කරනවා. කොච්චර හරි බැංකුවක, airport එකක හෝ අඩුම තරමෙ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පවා Television එකක් සද්ද කරන්නෙ නැති අයිනක් හොයා ගන්න නැති තරම්.
ඒ මොනවත්ම නැති වුනත් මනසේ කථාව කියන ශබ්දයෙන් මිදෙන්න කෙනෙකුට පහසු දෙයක් නෙවෙයි.
නිහඬ බව අත්‍යවශ්‍යම දෙයක්. අපිට හුස්ම ගන්න වාතය අවශ්‍ය තරමටම, ගහ කොල වලට හිරැ එලිය අවශ්‍ය තරමටම, නිහඬ බව අපේ ජීවිතයට අත්‍යවශ්‍යයයි. මනස සිතුවිලි , වචන සහ රෑප වලින් පිරිලා තියනකොට එතන කොහෙන්ද අපිට ඉඩහසරක්. තමන් ගැන දැන ගන්න, තමන්ගෙ ඇතුලාන්තය සමඟ සම්බන්ධ වෙන්න, හිත නිවෙන හැටි අවබෝධයෙන් දකින්න ලැබෙන ඉඩකඩ මේ නිසා අඩු වෙනවා.

නගරාසන්න පලාත් වල ජීවත් වෙන අය සමහර ශබ්ද වලට හුඟක් හුරැ වෙලා ඉන්නෙ. ගම්බද පලාත් වල මේ වගේ පොලකට ගියත් තියෙන්නෙ යම් නිවුන බවක්. ශබ්ද තිබුනට බාධාවක් ඇති වෙන්නෙ හරිම කලාතුරකින්. සති අන්තයේ කෙටි නිවාඩුවකට ගම්බද පලාතට එන සමහර අය එක්ක කථා කරනකොට දැනෙනවා නිහඬ බවට කොයි තරම් කැමති වුනත් ඇත්තටම ඒක විඳින්න ලැබෙනකොට නිහඬ බව කොයි තරම් බියක්, සහ පාලුවක් ඒ අයට ගෙනත් දෙනවද කියලා. නිහඬ බවට කැමතියි කියන එකයි, ඒක නිතරම අත්විඳිනවා කියන එකයි දෙකක් බව දැනෙන්නෙ ඒ වගේ අවස්ථාවන් වලදීයි.
මට Mindfulness උගන්වන අවස්ථාවකදි හම්බවුන කෙනෙක් කිව්වා එයාගෙ මහත්තයා හරිම silent, වැඩිය කථා බහ කරන්නෙ නැහැ. හැබැයි ගෙදර කොයි වෙලාවෙත් TV එක හරි computer එක හරි ඉස්සරහ තමයි ඉන්නෙ. අනිත් වෙලාවට toilet එකට යන්නෙත් phone එක අරගෙන කියලා. ශබ්දය කියන්නෙ කථා කිරීම තුලින්ම ඇති වෙන දෙයක් නෙවෙයි. නිහඬ බව කියන්නෙ කථා නොකර හිටියටම ලැබෙන දේකුත් නෙවෙයි කියලා ඒ දේවල් වලින් පේනවා.

මේ ඉන්නෙ මගෙ ආචිචි. වැඩිය කථා බහ නොකරපු කෙනෙක්. අවශ්‍යම දේකට විතරයි කථා කලේ. TV බැලුවෙ නැහැ, radio ඇහුවෙත් නැහැ, නිදහසේ එලි මහනට වෙලා ඉඳගෙන හිස් බව තුලට වෙලා කාලය ගත කලේ. මම අහනවා "ඔයා මොනවද හිතන්නෙ" කියලා. ඒ ගොඩක් වෙලාවට උත්තරේ තමයි, "හිතන්නෙ? හිතන්නෙ නැතුව මෙහෙම වාඩි වෙලා විතරක් ඉන්නත් පුලුවන්නෙ පුතේ" කියන එක.
මට මතකයි මමත් ඒක try කරනවා. හරිම ලේසියි කියලා හිතුනා. වෙල අයිනෙ එයත් එක්ක එහෙම ටික වෙලාවක් ඉඳලා, ගෙදර ගිහින් උල්පත් වතුරෙන් නාගෙන කුඹුරෙන් ලැබුන රතු හාල් එක්ක වෑංජන තුන හතරක බත් ටිකක් කාලා ඒ ගෙවපු පාසල් නිවාඩු කාලවල් නිසා මගේ ජීවිතයට අන්තිම වෙනකන්ම අවශ්‍ය අඩිතාලම වැටිලා කියලයි මට හිතෙන්නෙ. කවදාවත් කලු පාටට පාට නොකරපු ඇගේ කොණ්ඩය ඇය මිය යන තෙක්ම දණ හිස ළඟට දිගට තිබුනා. මිය යන තෙක්ම කණ්නාඩි පාවිච්චි නොකර තමයි පත පොත කියෙව්වෙ.


ඇවිදින්න යනකොට හම්බ වුන acorns සහ ගේ ඇතුලෙ තියාගෙන ඉන්න කෘත්‍රිම acorns දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ඉස්සර ගමේ ඇවිදිනකොට හම්බවුන මදටියා ඇට මැණික් වගේ දැනුන හැටි මතක් වුනා. මේ වගේ පුංචිම දේකින් වුනත් සිද්ධ වෙන inner child awakening නිසාත් හිත සන්සුන් වෙන්න පුලුවන්. හැබැයි ඒ මතක ඔස්සෙ අතරමං වෙනවා කියන එක නම් නෙවෙයි. ඒ හැඟීම, connection එක දැනිලා ආපහු යන හැටි බලාගෙන ඉඳීම තුලින්. එහෙම නැති වුනොත් මතක එකකට එකක් වශයෙන් ගැට ගැහි ගැහි හිත කලබල කරනවා. නැවතත් ශබ්ද ගොඩක් ඇති වෙන්න බලනවා.

කැලේ මැද hike එක යන්න අපි ගොඩක් කැමතියි. නිරන්තරයෙන් කැලයට යන එක සහ කැලය තුලට වෙලා මහ විශාල ගස් එක්ක ගැවසෙන කොට හිතත් හිස් කර ගන්න පුලුවන් වුනොත් අපි ඒකට කියනවා forest bathing කියලා. ඒ තුලින් වර්තමානය තුල හොඳට ground වෙන්නත් පුලුවන්. ඒ වගේම නැවුම් වාතය කෙලින්ම ඒ source එකෙන්ම ආශ්වාස කරන්න ලැබෙන නිසා පෙනහලු වලටත් සනීපයි.

ගේ ඉස්සරහ පඩිය උඩට වෙලා අද උදේ පාන්දර කෝපි එක බොනකොට කඳු පන්තිය පෙනුනෙ ඔය විදියටයි. එක පාරටම ඇස් දෙකට සනීපයකුත්, පාන්දර කුරැල්ලන්ගෙ ශබ්ද කණට මිහිරකුත් ගෙනාවා. ඊට අමතරව මේ වටපිටාවට මගේ හිත තුලට සිතුවිලි සහ ඒවයින් නැගෙන ශබ්ද ඇති කරන්න අවශ්‍ය වුනේ නැහැ. Sense impressions නිසා තමයි අපේ මනස ගොඩක් අවිවේකී වෙන්නෙ. ඒ නිසා අපි මනස තුලට ඇස්, කන , දිව , නාසය සහ ශරීරය හරහා සපයා දෙන තොරතුරැ නොහොත් ආහාර ගැන සැලකිල්ලෙන් ඉන්න වෙනවා. ඊට පස්සෙ මනස ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකද ඔය එන ඒවා ඒ විදියටම නෙවෙයි මනස process කරන්නෙ. එයාට ඕනෙ ඕනෙ විදියට නිසා.
මට දැනෙන්නෙ Mindfulness awareness හරියට නිකන් sunscreen එකක් වගේ. Awareness නැති වුනහම ඕන දෙයක් ඇතුල් වෙනවා. දන්නෙම නැතුව ඒවා ගැන හිතනවා. අන්තිමට damage එක වෙලා ඉවරයි. නිහඬ බවට ප්‍රිය කරන එක හොඳයි, හැබැයි නිහඬ බවට තමන් තුලට කාන්දු වෙන්න ඉඩ දෙන්න පුලුවන් නම් හිත හුඟක් සන්සුන් වෙනවා. මෙතන වැඩේ තියෙන්නෙ මේ වෙනුවෙන් කියලා එහෙම කරන්න දෙයක් වැඩිය නැති එකයි. නොකර සිටීමයි වැදගත්.
ටික ටික අවබෝධය වැඩි වෙනකොට ගොඩක් දේවල් අත්‍යවශ්‍යමයි කියලා හිතන් හිටියට එහෙමම නැහැ කියලා දැනෙනවා. ඒ නිසාම අත හැරෙනවා. ඒ තුලින් ඒ දේවල් නිසා ඇති වුන ශබ්ද නැති වෙලා යනවා. ඔය විදියට හෙමීට තමන්ට මේ නිහඬ බව ඇතුලාන්විතයෙන් විඳින්න හැකියාව කෙනෙකුට හදා ගන්න පුලුවන් වෙනවා. අද හොයාගෙන තියෙනවා සුව කරන්න අපහසු විශාල ප්‍රමාණයක් ලෙඩ රෝග මේ නිහඬ මනස ඇති කර ගත්තම පුදුම සහගත විදියට සුව වෙනවා කියලා.

අපි මේ පහු කරගෙන යන්නෙ summer කාලයේ අවසාන මාසය. ඊ ළඟට පටන් ගන්නෙ Autumn. ඒ season එකේ අපේ අලුත් Blog topic එක මම මේ දවස් වල හිතමින් ඉන්නෙ. ඔයාලගෙත් අදහස් comment එකකින් කියන්න හොඳ topic එකකට.

මේ ලිපිය කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි. Blog එකේ ඔයාගෙ comments කියවන්නයි ඉතින් දැන් මගේ ආසාව.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




රසම රස Nibbles සුවද මුසුවුන හා hibiscus මලේ නැවුම් බවත් මුසු වු ඔබෙ වටිනා ආදරණීය ලිපියට ස්තුතියි.🌷❤🙏
පෙනෙන ලෝකයත් බුදුදහම දක්වන ලෝකයත් අතර යම් කුඩා අවබෝධයක් හෝ අපට තිබිය යුතුමයි.පෙනෙන ලෝකයේ මායාකාරි වසගයට අපෙ පංච ඉන්ද්‍රිය මුලාවට වැටෙන මුලාශ්‍ර තිබුනත් ඇතුලට ගතයුත්ත නොගතයුත්ත හෝ වැරදීමකීන් ගත්තත් ඉක්මනින්ම අවබෝධයෙන් බැහැර කිරීමත් කල යුතුයි.ඔබෙ වෑයමත් ඵය අපට අවබෝධ කර දීමනනෙ මිතුරිය.
අමාරැ වුවත් මෙතෙක්කල් මගපෙන්වමින් අදාල අභයාස,දැනුම උදාහරණ කොතෙකුත් අපට කියාදුන්නාද.....
ස්තුතියි ඵ් හැම දැනුවත් කිරීමකටම🙏❤
දහසක් ශබ්ද මැද සිත නිහඩ කරගැනුමටයි මෙ වෑයම...
කතාව නිහඩ වුවත් නිහඩ සමහර පුද්ගයන් දුරකතනයටත් TV ඵකටත් තදින් ඇලුනු ස්වරූපය මාත් දැක ඇත.
ඔබගෙ අත්තම්මා පිංවන්තියෙකි යැයි හැගේ.ඇගෙ ගුණයනුත් දිගු වරලසත් ඔබට ඇගෙන් හිමිවුවක් බව හැගේ.😊
මදටිය සේම ඔලිදත්,කොට්ටම්බත් කුඩා මගෙ අවධියත් සිහි වී සිත සතුටින්ම…
Thank you for the guidance 🙏🏽
You make a lot of changes in our lives, in a good way.
Pls keep it up.
Also would like to join the members corner as well. Hope it will soon be available for us in SL.
Thank you so much Akki❤️❤️
Just wonderful thoughts 💭
Love u Akki 🥰
Oya widinna suwayak dekkama hari asai
Apita nithata forest yanawa attatama mukutma a welawata denenne ne hari asai fresh air ganna kiyalai mulinma yanna purudu une den ita wada deyak labana bawa denenawa
Hemadamat wage hadawatinma sthuthi ❤️ ❤️ ❤️