top of page
Search

Spring diary - Slow living

ree

ලස්සන වසන්ත කාලෙ අවසාන දවස් ටික තමයි මේ ගෙවෙන්නෙ. ඒ එක්කම මේ ඍතුවේ අවසානයත් ග්‍රීෂ්ම ඍතුවේ ආරම්භයත් දෙකම සිද්ධ වෙනවා. හැම දෙයක්ම එහෙම නේද වෙන්නෙ? එක දෙයක අවසානය කියන්නෙ තව දෙයක ආරම්භය. ඉතින් ඒත් එක්කම අපේ Spring diary blog post season එකත් අවසන් වෙනවා. මම ඉදිරියේදි ඔයාට කියන්නම් ඊ ගාව ඍතුවේ අපි මොනවද ලියන්නෙ සහ කියවන්නෙ කියලා. පුංචි surprises සමහර වෙලාවට ලොකු සතුටක් හිත් වලට ගේනවා කියලා මට දැනිලා තියනවා.

ඉතින් මට හිතුනා මේ ලිපියත් ඔයාට slow living මගේ ජීවිතය තුල සිද්ධ වෙන හැටි ගැනම කියන්න වෙන් කරන්න.


ree

ඉස්සෙල්ලම ඔයාට කියන්න ඕනේ මේ කහපාට අලුත් රෝස පැලේ ලස්සන මලක් පිපුන බව. මේ කහපාට රෝස පැළය තමයි මම මේ පාර මගේ උපන්දිනය වෙනුවෙන් මට දීපු තෑග්ග. Winter එකේ පැළ කරපු නිසා හෙමීට තමයි එයා ටික ටික හැදුනෙ. ඊට අමතරව වසන්ත කාලෙම වගේ කඳුකරයට නිරන්තර වැස්ස තිබුන නිසා රෝස පැළයට අවශ්‍ය හිරැ එළිය හරියටම ලැබුනෙ නැහැ. ඉතින් හෙමීට හෙමීට අවශ්‍ය සාධක හරි යාගෙන එනකොට මල් පිපෙන්න පටන් ගත්තා. ඒ මල් දකින ගානේ මට හරිම සතුටක් දැනෙනවා. ඒ වගේම මට කොයි තරම් හදිසියක් තිබුණත් අවශ්‍ය දේවල් සම්පාදනය වෙනකන් ස්වභාව දහම කලබල වෙන්නෙ නැති හැටි දකිනකොට slow down වෙන්නෙ මගේ හිතයි.


ree

වැහි දවස් වරට එන පුංචි බඩගිනි වලට මේදය සහ ප්‍රෝටීන බහුලව තියන snack එකක් හදලා තියන්න මම පුරැදු වෙලා ඉන්නවා. මේ ground nuts ටික වෙලාවක් කබලෙ බැදගෙන ඒකට මිරිස් කුඩූ සහ ලුණු කුඩු එකතු කරහම තියන රසට අපේ ගෙදර ලොකු ඉල්ලුමක් තියනවා.


ree

උණුසුම් උඳුන ළඟට වෙලා දිගටම හැඳි ගගා හිටියා වුනත් කිපයක් කලු පාට වෙන එක නවත්තන්න අමාරුයි. කන්ද පහළට විනාඩි දහයක් විතර වාහෙනන් යන දුරක මේ වගේ snacks ගන්න පුලුවන් තැනක් තිබුනත් මුලුතැන්ගෙය උණුසම් කරගෙන සුවඳ කරගෙන රට කජු බදිනකොට ලැබෙන හැම දෙයක්ම ඒකෙන් ලැබෙන්නෙ නැහැනෙ. මේ විදියට පුලුවන් දේවල් ගෙදරම හදාගන්නකොට මගේ ජීවිතය තවත් slow වෙනවා.


ree

තවමත් වැසිබර අහස දිහා ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන්. අලු පාට, නිල්පාට සහ සුදුපාට කියන පාට වල මුලු පරාසයම අහසෙ තියනවා.


ree

ඒ වෙලාවට එලියට වෙලා උදේම බොන කෝපි කෝප්පය බොන වෙලාව හිත හුඟක් සන්සුන් කරනවා කියලයි මට දැනෙන්නෙ. අහසේ තිබුන ඒ පාට පෙට්ටියට හරියන්න වත්ත වටේ තියන රෝස පාට, රතු පාට, කහ පාට, දම් පාට සහ කොල පාට වගේ පාටවල් එකතු වුනහම නිස්කලංක කඳුකරය හොයාගෙන ආවෙ ඇයි කියලා මේ උදෑසන මට ආයෙත් පාරක් සිහිපත් වුනා.


ree

අපේ ගෙදර තවත් ආසම කෑමක් තමයි cinnamon scrolls. හවස තේ වෙලාවට උණුවෙන් උඳුනෙන් බාපු ගමන්ම ඉවර වෙන කෑමක්. ඒ වෙලාවෙත් මුලුතැන්ගෙය පුරාවටම විතරක් නෙවෙයි මුලු ගේ පුරාම දිව යන cinnamon scroll සුවඳ නැවත වරක් හිත් වර්තමානයට ගේනවා.


ree

ඒ වගේමයි කොයි තරම් කාර්ය බහුල වුනත් ගෙදර කට්ටියත් එක්ක ගෙදර ඇතුලතදි වගේම එලියටත් ගිහින් කාලය ගත කරන්න උත්සාහ කරන එක. රැකියාවට සහ දරුවන්ගෙ පෞද්ගලික පන්ති වගේ දේවල් වලට මුලු සති අන්තයම වෙන් කරන ලෝකෙක , පවුලෙ අය හැමෝම එකට එකතු වෙලා කාලය ගත කරන එක හැම දෙනාටම ඊ ගාව සතියට හොඳට reset වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම ගෙදරදි කියන්න හිතුනෙ නැති සමහර දේවල් පිටතදී කියන්න, බෙදා ගන්න හිතෙනවා. ඒක දරුවන්ටත් එයාලා හිත් වල හිරකරගෙන ඉන්න දේවල් දෙමාපියන් එක්ක බෙදා හදා ගන්න අවස්ථාව ලැබෙනවා.


ree

ඒ වගේම හැම දෙනාටම එක මාතෘකාවක් ගැන අදහස් දක්වන්න, හිනා වෙලා සතුටෙන් ටික වෙලාවක් කාලය ගත කරන්න ලැබෙන අවස්ථාවක් කට්ටියත් එක්ක එලියට යන එක. හැබැයි අපි එතනින්එ ලියට එන වෙලාව වෙනකොට හුළං තදින් හමන වැහිපොද වැටෙන සහ වට පිට අඳුරැ වුන කාලගුණයක් තමයි තිබුනෙ. හැබැයි අපි අපේ ගමට කිට්ටුව තියන තවත් ලස්සන පැත්තක අපි ආසම කරන අවන්හලකට ගිහින් හිටිය නිසා වැස්ස තද කරන්න කලින් අපිට ගෙදර බලා එන්න පුලුවන් වුනා.


ree

හරිම සුහදව ලස්සන කාලයක් ගත කරලා ගෙදර ආවහම අපි හැමෝගෙම හිත් අලුත් වෙලා වගේ දැනුනා. මහා ලොකු දෙයක් නෙවෙයි කියලා කෙනෙකුට හිතුනට, අපිට අමතක වෙන දේ තමයි, කොච්චර ලොකු දේවල් ඇතුලෙ වුනත් අපේ හිත් සතුටෙන් පුරවන්නෙ ඒ හිතට තදින්ම දැනෙන පුංචි මොහොතවල් විත්තිය. අපි කියන්නෙ simple joys කියලා.

රෑ පුරාවට කඳුකරය වසාගෙන, වෙලාවකට දෙවනත් කරගෙන වහින වැස්සට ඇහුන්කන් දෙන අතරෙ මම ගිය සතියෙ කියවන්න ගත්ත Danielle Steel ගෙ Perfect Life පොත කියවලා ඉවර කලා.


ree

මේ බබාලා ගන්න මගේ පින්තූර ❤️


සැහැල්ලුවෙන් දවස නිමා කරන ගන්න මගේ ජීවිතය තුල හැදිලා තියන slow lifestyle මට ගොඩක් වෙලාවට උපකාර කරනවා. ඉතින් ඔයාටත් ඔයාගෙ ජීවිතය ඒ හෙමීට, කලබල අඩුවෙන් සහ වර්තමානය තුල සතීමත්ව ගෙවා ගන්න මේ ලිපියත් උදව් වෙයි කියලා හිතනවා. ඔයාගෙ හෙමීට, සන්සුන්ව ගෙවුන දවසක් ගැන අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා.


ree


ඉතින් මේ ලිපියත් මේ තරම් වෙලා කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි.


ගොඩක් ආදරෙන්

ඉරේෂා කාරියවසම්

 
 
 

Comments


Post: Blog2_Post
bottom of page