top of page
Search

Summer- Mindful living increases satisfaction


ඕනම දෙයක් කරනකොට සහ කොටින්ම ජීවිතේ ඇතුලෙ ජීවත් වෙනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි සිහිය. විශේෂයෙන්ම අපි කරන දේ ගැන, කියන දේ ගැන සහ හිතන දේ ගැන සිහියක් නැති වුනොත්, නොදැනුවත්වම අපිව ලොකු කරදර වලට පත් වෙන්න පුලුවන් ඉඩ කඩ වැඩියි.

ඉතාම සරල තැනකදි වුනත් හරියට පවත්වගත්ත සිහියෙන් හිටියෙ නැති වුනොත්, අපේම ජීවිතේ ඇතුලෙ අපිවත් නොහිතපු වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. අද අපි කථා කරමු බලන්න, අපේ ක්‍රියාවට සහ වචනයට බලපාන සිතීම ගැන.

අපිට සමාජය තුල විවිධාකාර පුද්ගලයන් ඇසුරු කරන්න ලැබෙනවනෙ. ඒ වගේමයි විවිධාකාර වූ අවස්ථාවන්ටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම තැනකදීම අපි කථා කරන විදිය සහ ක්‍රියා කරන විදිය එක එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා.


Meeting up with some of my husband's and my relatives
Meeting up with some of my husband's and my relatives

පොදු තැනක, පිරිසක් හම්බවෙනකොට, එක එක්කෙනා තම තමන්ගෙ කථා, ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නවා. ඒ වගේ තැනකදි අපි සිහිය උපදවා ගත යුතු දේවල් කීපයක් තියනවා.


1) තමන්ගෙ මතය ඉදිරිපත් කරනකොට ඒකෙන් එතන ඉන්න කාට හෝ හිත් රිදවීමක් වෙයිද කියන එක.


සමහර වෙලාවට ඔයත් එක්ක ඉන්න අනිත් අය කියන දෙයින් ඔයාගෙ හිතත් රිදෙන්න පුලුවන්. ඒ ඉතින් එයා සමාජගත වෙන්න දන්න විදිය. හැබැයි ඔයා ඔයාගෙ මතය කියන්න කලින් චුට්ටකට විමසිලිමත් වෙන්න බලන්න ඒක මෙතන කියන එක සුදුසුද? කාගෙ හරි හිත රිදෙයිද? කවුරුන් හෝ අපහසුතාවයට පත් වෙයිද කියලා.


2) ඔයාගෙ තුල යම් ආවේගශිලීත්වයක් ඇති වෙලාද කියලා කථා කරන්න කලින් දැනුවත් වෙන එක.


අනිත් කෙනා කියපු දෙයින් ඔයාගෙ හිත කැළඹුනා නම්, ගොඩක් වෙලාවට ඔයා තුල තරහක් හෝ දැඩි අපහසුතාවයක් ඇති වෙලා තියෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක ඔයා කියන්න යන දේ කොයි තරම් සාධාරණ දෙයක් වුනත් හොඳට හිතලා බලන්න තරහෙන්ද එහෙමත් නැත්නම් අමනාපයකින්ද කථා කරන්නෙ කියලා. එහෙම දෙයක් ඔයාගෙ හිත තුල ඇති වෙලා නම් මොහොතකට නැවතිලා ඒ කියන්න යන දේ නොකියා ඉන්න උත්සාහ ගන්න බලන්න ඕනෙ. ඇතැම් වෙලාවට කථා කරනවට වඩා හොඳ උත්තරයක් වෙනවා කථා නොකරන එක.



3) ඔයා කථා කරන දේ ඔයාගෙ පුංචි පවුලට ගෙනෙන්නෙ හොඳක්ද නරකක්ද කියන එකත් සිහිය තියෙන්න ඕනෙ.


කෙනෙක් කියන්නෙ ගොඩක් වෙලාවට තමන්වම විතරක් නෙවෙයි තමන්ගෙ පවුලෙ අයවත් නියෝජනය වෙන තැනක්. එතකොට ඔයා කථා කරන සහ ක්‍රියා කරන ආකාරය තුලින් ඔයාගෙ පවුලෙ අය ගැනත් භාහිර පුද්ගලයන් යම් යම් වැරදි අවබෝධ වලට එන්න පුලුවන්. ඒ නිසා තමන් කියන්න යන දෙයින් සහ තමන් කරන්න යන දෙයින් තමන්ට වගේම තමන්ගෙ පවුලෙ අයටත් හානියක් වෙන්න ඉඩකඩ තියනවද කියලත් අපි දැනුවත් වෙන්න ඕනෙ.


4) ඔයා කියන්න යන දෙයින් සහ කරන්න යන දෙයින් ඔයා තුල සහ අනිත් අය තුල රාග, ද්වේෂ වැනි කෙලෙස් ඇති වෙන්න පුලුවන්ද කියලා හිතන එක.


Mind is pure and beautiful just like pretty flowers
Mind is pure and beautiful just like pretty flowers

ඒ දේ කියන්න කලින් තිබුනු ලස්සන, පිරිසිදු හිත් ටක් ගාලා කිළුටු කරන්න පුලුවන් එක වචනෙකින්. ඒ නිසා ඒ ගැනත් අපි හොඳින් සිහිය පැවැත්විය යුතු වෙනවා. තමන්ගෙ හිත කිළුටු වෙන එකට වගේම අන් අයගෙ හිත් අපිරිසිඳු කිරීම වෙනුවෙනුත් අපට වග වෙන්න වෙනවා.


My garden gave me yummy beetroot
My garden gave me yummy beetroot

මේ විදියට හොඳට සිහියෙන් කථා කලොත් සහ ක්‍රියා කලොත් අපට පස්සට පසු තැවෙන්න දෙයක් නැතුව යනවා. ඒකට හේතුව තමයි අපේ හිතට බරක්, බැම්මක් හෝ බාධාවක් වෙන විදියෙ කිසිම දෙයක් අපි අතින් සිද්ධ වෙලා නැති නිසා. ජීවත් වෙන්න තියන කාලය තමන් විසින්ම තමන්ට බාධා ඇති කරන එකෙන් අපට මිදෙන්න හැකියාව ලැබෙනවා. තමන් විසින්ම ඇති කර ගන්න ආපදා වලින් මිදෙනකොට ඔයාට දවසක තේරෙයි අනිත් අයගෙන් එන ප්‍රශ්න කොච්චර නම් අඩුද කියලා.



එතකොට තේරෙනවා සන්තෘප්ත හිතකට තියෙන්නෙ හරිම පුංචි අවශ්‍යතාවයන් ටිකක් කියලා. ඒ ටික ඉතින් අපි කාටත් අපි වෙනුවෙන් සපයාගන්න පුලුවන්.



ගෙවත්තේ හැදෙන පුංචි හරි දෙයක් කෑමට එකතු කර ගන්නවා වගේම මම වවාගෙන තියන මල් ගස් වලින් හම්බවෙන මලකින් නිවස ඇතුලත ලස්සන කර ගන්නවා කියන්නෙත් ඒ සන්තෘප්ත භාවය මට ගෙනත් දෙන දේවල් කීපයක්.



ඒ වගේමයි මගේ පවුලෙ අයත් එක්ක එකතු වෙන හැම වෙලාවක්මත් මට ඒ වගේ හැඟීමක් ගෙනත් දෙනවා. අපි හැමදාමත් එකිනෙකාව දකිනවා සහ කථා කරනවා වුනාට වෙනමම හතර දෙනත් එක්ක ඉඳගෙන කථාබහ කරන වෙලාවක් කියන්නෙ හිත හුඟක් සැහැල්ලු වෙන අවස්ථාවක්.

Satisfaction කියන දේ හරියටම විඳින හැටි මම ඉගෙන ගත්තෙ මම කාලයක්ම ගුරැහරැකම් ලබාගත්තු Ajahn Brahm ගෙන්. Ajahn Brahm ව නම් නොදන්න කෙනෙක් නැතිත් තරම්. ඒත් ඔයා අහලා නැත්නම් මම කියන්නම්. Ajahn Brahm කියන්නෙ බෞද්ධ භික්ෂුවක්.


🙏🙏🙏 Ajahn Brahm
🙏🙏🙏 Ajahn Brahm

උපතින් ඉංග්‍රීසි ජාතික උන්වහන්සේ ඉතාමත් තරැණ වයසෙදි තායිලන්ත ජාතික Ajah Chah යටතේ පැවිදි වෙනවා. දැන් උන් වහන්සේ වැඩ වසන්නේ ඕස්ට්‍රේලියාවෙ Perth නුවර. අපි ඉඳලා හිටලා ගිහින් බැහැ දැකලා වන්දනා කරලා එනවා.

මේ ස්වාමීන් වහන්සේගෙන් මම ඉගෙන ගත්ත සන්තෘප්ත භාවයේ නිවැරදි ක්‍රමය තමයි "satisfying without expectations ". කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ලැබෙන සන්තෘප්ත භාවය. ඒක තේරැම් ගන්නම මට ටික දවසක් ගියා. Cerperntine පන්සලේ තියෙන උන් වහන්සේගේ අතින්ම නිර්මාණය වුන භාවනා ශාලාවෙ මම දවස් දෙකක් විතර කාලය ගෙව්වා මේ දේම කල්පනා කරමින්.


This is not the hall I mentioned above
This is not the hall I mentioned above

ඊට පස්සෙ ඒ දේ ජීවිතයට නිවාරදිවම ගලපා ගන්න තවත් අවුරැද්දක පමණ කාලයක් ගත වුනා. ඒ කාලයේ මගේ දුවට අවුරැදු හතයි. එයත් මාත් එක්කම ඒ hall එකේ හිටියා. එයත් මට උගන්නපු ඒ දේවල් අහගෙන හිටියා. පුතයි මහත්තයයි අනෙක් ස්වාමීන්වහන්සේලා සමඟ වත කරමිනුයි හිටියෙ. මට තාමත් හොඳට මතකයි ඒ වටිනා ඉගැන්වීම්.

කියන්න ලේසි වුනත් ගිහියන් හැටියට ජීවිතයට ගලපා ගන්න අපහසු ඒත් කල හැකි තවත් බොහෝ පාඩම් තියනවා මට ඔයත් එක්ක බෙදා ගන්න.


ඉඩ ලැබෙන හැටියට බලමු නේද?



ඉතින් අදත් මේ ලිපිය මේ තරම් වෙලා කියෙව්වට ඔයාට ගෝඩක් ස්තූතියි. වෙනදා වගේම මම ඉතින් මග බලාගෙන ඉන්නෙ blog එක ගැන ඔයාගෙ comments කියවන්නයි.


ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්

 
 
 

7 Comments


“Satisfying without expectations “Wow!

Live this.

Tx Iresha 😍😍

Like

කහපාට පෙටූනියා මල් පෙති තරම්ම සුසිනිදු, සුන්දර,ලිපිය ලදිමී.🥰බොහොමත්ම ස්තුතියි❤🙏

බෞද්ධ ඉගැන්වීමෙ ඵන "යෝනිසෝමනසිකාරය" වශයෙන් හදුන්වන්නේද මෙ අදහස බවයි මගෙ දැනීම.වරදීන සෑම විටම හේතුව දෙවැන්නාට විතැන්කිරීමට

පුරැද්ද ක් තිබුනත් ඵයට හේතුව තමා සහ තමාගෙ වැරදි සිහිය පිහිටුම බවනම් දැන් දැන් වටහාගෙන ඇත.ඔබගෙ උපදෙස් ද මහත් රැකුලක් විය ඉරේශා...ස්තුතියි ඔබට🙏💛

දහමට අනුව තම මතය සිතුමතය ලෙස අසා ඇත.වර්තමාන ලෝකයෙ පුද්ගලයන් විවිධ පටු අරමුණු වෙනුවෙන් විවිධ වැරදි මත

සාධාරණීකරණය කරමින් සමාජ මාධ්‍ය පවා අවහාවිතා කරමින් කරනු දක්නට ඇත.වඩාත්ම භයානක හා සෝචනීයම දේ නම් බුද්ධ වචනය පවා ලැඡ්ඡ හය නැතිව වෙනස්කරමින් තම නීච මත සමාජගත කිරීමයි.😔

දැන් දැන් පුරැද්දක් ලෙස මගෙ අදහස් හා වචන මා මුදාහරින්නේම සුදුස්සා ඉදිරියෙ පමණක්ම වීමට පරිස්සම් වීමයි.ඵසේ නොකලොත් වන තත්ව ඔබ මනාවට දක්වා ඇත.ඵ් පිලිබද අත්දැකීම් ඇති නිසාම හා…

Like
Replying to

❤🙏

Like

❤️

Like

Mama kalayak oya ekka hitapu nisa oya widinna senasilla a widiyatama netat podiyata hari mama den widinawa

Mama godak slowdown wela kiyala mata den denenawa

Mage puruddak thibuna mona den karanna giyat husband gen kohomada karanne kiyala ahana.et eyata a dewal ekaparata kiyanna tharam personality ekak neti bawa mama terum gatta

Den mama eyagen hita norida mata yahapat kiyala hitanna de karanawa

Eka eyatat matat pahasuwak genat dunna

Kohoma unat mata den pudumakara sathutak labanawa

Mama den job 1 karannet sathutin

A wagema mama a job 1 dewal etanama tiyala nidahase Gedara yanawa.kalayak thibuna matat job eke stress 1 Gedara aragena gihin getum hadagatta awastha.

Den Tika Tika hemadema hariyanawa wage feeling 1k thiyenawa mata

Me hema sathutak senaseemakma mama…

Like
Replying to

ඔව් ඔය විදියට හදා ගන්න ජීවිතේ ගොඩක් වටිනවා. දැන් බලන්න තව ටිකක් ගැඹුරෙන් හිතන්න පුලුවන්ද කියලත්. ඒ තුලින් ඔයාට ලිපියෙ කියන බලාපොරොත්තු නැති නමුත් සන්තෘප්ත ජීවිතයකට පාර හදා ගන්න පුලුවන්. තණ්හාව ගැන, කෙලෙස් ගැන වගේ දේවල් ගැනත් අවධානය දෙන්න. එතකොට ඔයාගෙ හිත ගැඹුරෙන් සුවපත් වෙන්න පටන් ගනීවි.

Like
Post: Blog2_Post
bottom of page