Summer ☀️- Beauty of a slow mind
- Iresha Kariyawasam

- Dec 27, 2025
- 3 min read

අපි සිඩ්නි වල දවස් කීපයක් ඉඳලා මේ ටිකක් ඈතින් තියන town එකට ආවෙ මෙහෙ පරිසරයේ සුන්දරත්වය බලන්නත් එක්කමයි. මේ පැත්තට අපි කීප වරක් ඇවිත් තිබුනත් එක එක seasons වලට වෙනස් වෙන පරිසරය බලන්න අපි හැමෝම ලොකු කැමැත්තක් දක්වනවා. උදේ පාන්දරට pier එක දිගේ පැයක් හමාරක් ඇවිදලා උණුවෙන් කෝපි එකක් බීලා තමයි මේ දවස් වල අපේ දවස පටන් ගන්නෙ. ඇඳ ගාව තියෙන ජනේලයෙන් උදේම ඇහැරැන ගමන් පේන මේ ගැඹුරැ මුහුද දවස පටන් ගන්න ලබා දෙන්නෙ ලොකු උද්යෝගයක්. ඒ නිසාම පලවෙනියටම ඒ පැත්තෙ ඇවිදින්න යන එක දැන් දැන් ඉබේම කෙරෙන දෙයක් වෙලා.
මුහුද මැද්දෙ යන විශාල corgo ships, sailing boats වගේම paddle boats එහෙම නිතරම එහාට මෙහාට යනවා. ඒවයින් එන වතුර කැළඹෙන සද්දෙයි, pelicans ලගෙ සද්දයි තිබුනට ඒ දේවල් අපි තුල ඇති වෙන මානසික ඒකාග්‍රතාවය කඩන්න සමත් වුනේ නැහැ. අපි ඇවිදිනකොට අපිට ඉස්සරහට හම්බවෙන නානාප්‍රකාර රට වලින් ආපු නෝනලා සහ මහත්තුරැන් එක්ක "Good morning "සහ "Merry Christmas " වගේ greetings හුවමාරු කර ගන්නකොට හරිම සුහදත්වයක් දැනුනා.

ඇවිදිනකොට පේන මේ ඔරලෝසුවේ පැයෙන් පැයට සද්දෙන් සීනුව නාද වෙනවා. මම ඒක චුට්ටක් record කර ගත්තා ඔයාට video එකකින් ගේන්න. ඒ සද්දෙයි පැරණි පල්ලියේ තියෙන අමුතුම සුන්දරත්වයයි මේ නත්තල් දවස් වල හිතට දැනෙන කියා ගන්න බැරි හැඟීම තවත් වැඩි කරනවා. කොහොමත් පැරණි ගොඩනැගිලි ගොඩක් වෙලාවට මට ඒ හැඟීම ගෙනත් දෙනවා.
මේ pier එක දිගේ Beach එක හම්බවෙනකන්ම ඇවිදගෙන යනකොට coffee-shops කීපයක්ම හම්බවෙනවා.

ඒවයින් අපි නිදහසේ ඉඳගෙන කෝපි බොන්න ආසම කරපු තැනක් තමයි අපේ hotel Cafe එක. ඈත මුහුද සහ පාර දිගේ යන අය දිහා බලාගෙන මේ අරලිය මල් පිපුණු apartments ගාව තියන ඒ Cafe එක මම ගොඩක් ආස කරපු තැනක්.

මේ තියෙන්නෙ hotel Cafe එකේ මම ඉඳගන්න ආසම තැන. ඒකයි මම එතන ඉඳලම ඔයාට Christmas වලට wish කලේ.

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ මට එතන ඉඳලා පේන view එක. මේ හැම පින්තූරයක්ම ගත්තෙ මට ඔයාව ඒ තරමට මතක් වුන නිසා. ඒ වගේම ඔයත් මාත් එක්කම මේ හැම තැනම ඉන්නවා කියලා හිතුන නිසා. ඒ වගේම මම පස්සෙ දවසක මේ blogs කියවනකොට මේ දේවල් මගේ මතකය තුල අලුත් වෙයි කියලා හිතෙන නිසා. මතකනේ අපි නිතර කථා කරන දෙයක් තියනවනෙ. අපිට අනාගතයට ගිහින් හැරිලා බලනකොට මිහිරි මතක එකතුවකුත් තිබුනොත් අමිහිරි මතක වලට වර්තමානය තුල කරක් ගහන්න ලැබෙන අවස්ථාව අඩු වෙනවා කියලා. ඉතින් ඔයාටත් මාත් එක්කම මේ දේවල් විඳගන්න පුලුවන් වෙන්න කියලා තමයි මට හිතුනෙ. මොකද අපි vision board එහෙම කථා කරනකොට දන්නවනෙ, අපේ මොළය අපි මනසින් විඳින ඕනම දෙයක් ඒ හැටියටම වුනා කියලා පිළි ගන්න බව.

ඒ වගේමයි මේ එක්තරා පවුලක් විසින් කරගෙන යන පුංචි cafeteria එක. එතන blueberry muffins නම් මම ඕන කෙනෙකුට recommend කරනවා. මෙතන ඉඳගෙන ඉන්නකොට ඔය කවුළුවෙන් පේන view එක තමයි පහත පින්තූරෙ තියෙන්නෙ.

මෙතනත් අපි සෑහෙන වෙලා ඉඳගෙන ඉන්නවා. මේ වෙලාව වෙනකොට ගොඩක් වෙලාවට අපිට එකිනෙකා එක්ක කථා කරන්න දෙයක් නැතිත් තරම්. මේ පැත්තට සැරින් සැරේට වැටුණු පොඩි වැසි නිසා උෂ්ණත්වය හුඟක් පහළ බැහැලා තිබුනෙ. ඒකයි ඔය maroon පාටට තියන jumper එකත් අරගෙන යන්න වුනේ. මෙතනට එන සීතල මුහුදු හුළඟයි, උණුසුම් කෝපි කෝප්පයයි blueberry muffin එකයි එක්ක ඔය view එකයි එකතු වෙලා හැදෙන feelings, emotions, thoughts and images තමයි මෙතන මිහිරි මතක හැටියට ගබඩා වුනේ.

රාත්‍රියට ආහාර ගත්තට පස්සෙත් චුට්ටකට හරි එලියට බැහැලා ඇවිදලා හෝටල් කාමරය තුලට යන්නත් අපි පුරැදු වුනා. රාත්‍රියට මෙතන තියෙන්නෙ වෙනමම ලස්සනක්. වෙනමම නිස්කලංක බවක්. ඒ නිස්කලංක භාවය තුල ගිලිලා පැයක් විතර හිටියම හිත හිස් වෙලා යන හැටි හරිම අපූරුයි.
මේ දවස් ටිකේ ස්වභාව දහමයි, රෑ- දවල් කියන දෙක අතර තියන අමුතුම විදියෙ වෙනසකුයි තමයි මගේ හිත පුරෝගෙන ඉන්නෙ. Hotel එකේ තියෙන පොඩි conference room එකේ මගේ මේ පැත්තෙ ඉන්න client කෙනෙක් මම හම්බවුනේ එයාගෙ බලවත්ම පෙරැත්තය නිසා ❤️😀. හැමදාම online ම හම්බවෙන නිසා එයාට in- person දකින්න ඕනෙම වුනා. ඉතින් එදා හවස ඒ හමුවීමත් හරිම සුවදායක එකක් වුනා.

මේ තියෙන්නෙ ඒ හමුවීමේ පින්තූර කීපයක්. එයාව නම් photo ගන්න මට නීතියෙන් තහනම්. ඒ නිසා මම විතරයි ඉන්නෙ.

ලස්සනට ඈත මුහුද පේන පුංචි corner එකක් තමයි මම ඒ lady ටයි මටයි book කරන්න කිව්වෙ. කොහොමත් මම කැමතියි client කෙනෙක් එක්ක කථා කරනකොට නිදහස් වටපිටාවක් සහ එලිය පේන එකට. ඉතින් එදා ඒ හමු වීම එයා තුල ඇති කලේ මහ විශාල සතුටක්. ඒ සතුටට මගෙත් හිත පිරැණා.
අපේ හිත slow වෙච්ච හිතක් වුනහම මේ වගේ වෙලාවකදි තියෙන්නෙ හිස් වෙලාමයි. ඒක ලොකු cleansing effect එකක් ගෙනත් දෙනවා. ඒ වගේමයි ස්වභාවික දේවල් එක්ක ඒවයෙ රිද්මයට ජීවත්වෙනකොට හිත් තුල කැළඹිලි ගොඩක් අඩු වෙලා යනවා.
ඉතින් මේ slow holiday blog එක කියවන්න ඔයා ආස වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාගෙ අදහසුත් comment එකකින් පහතින් ලියලා තියන්න කියලා ආරාධනය කරනවා.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Blue Berry muffins සහ coffee සුවද මුසුවු ඔබේ සුන්දර ලිපිය ලැබුනා.ස්තුතියි!!🙏❤
ඔබගෙ ගමන ඔබ හොදින්ම අත්විදි
බව හා ඵහි හොදින්ම බැදුනු බව ඡායාරෑප වලින් පසක් විය.💚
වෙනස්වන පරිසරය නැවුම් බවක් ගෙන දේ.
සිත සන්සුන්ව මුහුදු පතුලෙ ගැඹුර දකිනට ඔබ සමත් වී යැයි මා විශ්වාස කරමි.
පරිසරයෙ කැලඹිලි ශබ්ද ඔබට නෑසුනා සේ මුහුදු පතුලටත් ඵය නොදැනෙන්ටම ඇත.
ස්භාවික පරිසරයෙ රිද්මයට පුතිවිරැද්ධව හිත කැලඹුනහොත් ඵහි කැලඹිලි ස්භාවය අපට පෙන්වීමට පරිසරය දෙවරක් නොසිතයි.
නත්තල් සීනු ඵකම හඩින් රාත්‍රී 12.00 ට නාද වීමත් නත්තලෙ අසිරිය ඇගටම දැනෙන්නට දේ..
අපෙ ඉපැරණී සිද්ධස්ථාන, රාජධානී වල තිබෙන ඵ් අභිමානය ඔබ දකින පැරණි ගොඩනැගිලිවල ත් ඇති බව නම් නොඅනුමානය.
ඉතින් මෙ අත්දැකීම් slow වු මනසකින් විදිමින් ඵ් සුන්දරත්ව ඇත්තෙන්ම අපත් ඔබ හා සිටියා සේ දැනෙන්නටම ඉඩ හැරියා ඔබ…
අනේ .. හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් කියෙව්වා. මමත් බටහිර රටක ජීවත් වෙන කෙනෙක් විදියට .. ඔයා කියල දෙන විදියටම මේ වගේ ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙන්න සහ ඒ ආශ්වාදය විදින්න ගොඩාක් උත්සාහ කරනවා. ලංකාවෙ නුවර ඉපදිලා .. ඒ සුන්දරත්වය ඉහලින්ම විදලා.. සරලව ජීවත් වෙන්න එදා ඉදලම මම පුරැදු වුන කෙනෙක්. ඒත්.. රට වෙනස් වෙලා.. දරැවො ලැබිලා.. පවුලේ කෙනෙක් නැතුව, හරිම කාර්යබහුල ජීවිතයක් ගෙව්වෙ. දැන් දරැවො ලොකුයි. ඔයා කියල දෙන විදියටම .. මට ආයෙත් දැන් පරන ජීවිතේ අත් විදින්න පුලුවන් වෙලා තියෙනවා නංගියෝ. ඔයාට ගොඩාක් පිං මේ දේවල් ආයෙ ආයෙමත් මතක් කරල දෙනවට. පුදුමාකාර සැනසීමක් , සතුටක් හිතට දැනෙනවා මේ විදියට slow living එකක ඉන්නකොට. ♥️🙏
Oyage lipi kiyawaddi mamat a lassanai then Wala innawa wage hegimak denuna pudumakara sathutakin hita pirenawa
Ane mata yanna nene wage sithuwillakwat mage hitata enneti eka Gena mata denenne itat wada Loku sathutak
Jivite mata dawasin dawasa lassanai bawa penawa dawasa awasaneta hari nidahas bawak hitata denenawa
Oyage magapenweema mama nam mata puluwan uparimen gannawa
Anekawarayak hadawatinma sthuthi
❤️❤️❤️❤️