top of page
Search

Summer- letter to North pole

Bringing all your wishes to North pole with me ♥️
Bringing all your wishes to North pole with me ♥️

අමුතු හැඟීමක් මට දැනෙන මාසයක් තමයි මේ දෙසැම්බර් මාසය කියන්නෙ. සමහර විට ජීවිතයෙන් හරි අඩකටත් වඩා වැඩි කාලයක් බටහිර රටවල් වල ජීවත් වුන නිසාද කියලත් හිතෙනවා. මුලු වටපිටාවම නත්තලට සරසනකොට, හැමෝම සුභ දායක දේවල් ප්‍රාර්ථනය කරනකොට, ඒ හදවත් වලින් පිටවෙන විශාල සුදු කිරණ සම්භාරයක් විශ්වයට එකතු වෙනවා. මට හිතෙන්නේ ඒ දේවල් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මටත් මෙහෙම දැනෙන්නෙ කියලා.

මේ සතියෙ අපි ගිය පොළ තිබුනෙත් ගම්බද වික්ටෝරියානු ප්‍රාන්තයේ කඳුකරයේ තවත් ලස්සන පැත්තක. පොළට යන්නෙ සතියට අවශ්‍ය කරන බඩු ටික ගන්නම නෙවෙයි, ඒක අපිට අපි ඉන්න පළාතෙ ඉන්න community එකත් එක්ක socialise වෙන්න ලැබෙන අවස්ථාවකුත් නිසා. මේ කාලෙට තියන Christmas markets වල සෙනඟ නම් බහුලයි, ඒත් ලස්සන uplifting music, ලස්සන සැරසිලි, විවිධ කෑම බීම වගේම නත්තල් තෑගි භෝග වලිනුත් පිරිලයි තියෙන්නෙ.


ree

ඇවිදගෙන යන මග තියන පැරණි ගොඩනැගිලි අතරින් පතර මේ විදියට කඳූ පන්තිය ඈතට හරි ලස්සනට පේනවා. Car park එකේ ඉඳලා ටික දුරක් ඇවිදින්න තිබුනත් විඩාවක් නොදැනුනේ මේ ලස්සන ස්වභාවික පරිසරය නිසයි. හැම හිතකම වාගේ සුභ දායී පණිවිඩ, ප්‍රාර්ථනා වගේම මිනිසුන් තුල එකිනෙකාට උදව් කිරීම, හැම කෙනෙකුටම හිනාවකින් හෝ සංග්‍රහ කිරීම වගේ දේවලුත් මේ කාලය තුල දකින්න තියෙනවා. මෛත්‍රිය ගැන බුදු දහමේ ඉගැන්වීම් නොදන්නා නමුත්, මට මේ දවස් වල මුණ ගැහෙන අන්ය ආගමික බොහෝ අය තුල මෛත්‍රී හැඟීම් තිබුනා. ඒ වගේම කරැණාව සහ අනුකම්පාව තිබුනා. ඉතින් මේ දේවල් එක ජාතියකට හෝ එක ආගමකට පමණක් සීමා වූ දේවල් නෙවෙයි. මේවා පොදු මනුස්ස ගුණ ධර්ම කියලයි මගේ වැටහීම.

මනුස්ස ගුණ කියන්නෙ ඊට පහතින් ඇති ගති සහිත ඉපදිය හැකි තැන් හතරක් පහු කරලා ලබන තැනක්. ඉතින් එතනට ආදාල ගතිගුණ ටික තියනවා කියන්නෙ මහත් ලාභයක් හැටියටයි මම දකින්නෙ.


Sharing is caring
Sharing is caring

මේ පොළවල් වල බඩු විකුණන්නෙ local vendors ලා. ඉතින් ඒ අයගෙ business වලට support කරන එකත් අපේ තවත් එක පරමාර්ථයක්. ඉතින් මේ දවසෙ අපි Spanish rice එකක් තමයි අරගෙන share කලේ. ඒකත් එක්ක skewers ත් ගත්තා. මේ තැන් වල කෑම ගන්නකොට මිනිස්සු මේ විශාල ගස් යට ඒවයෙ ලොකු මුල් උඩ ඉඳ ගන්නවා. ඉතින් ඉඩ කඩ ටිකක් තිබුන තැනක ගහක් යටට වෙලා එලිමහනෙ සනීප හුළං වැදෙන ගමන් ඉන්නකොට මේ පින්තූරෙ ගන්න හිතුවෙ ඔයාට එවන්නමයි. North pole හරහා ගිහින් මේ ලිපිය ඔයාට සීතල, නත්තලට කලින් ලැබෙයි කියලා අපි හිතුවා.

ජීවිතය slow වෙනවා කියන එකයි Mindfulness කියන දේයි අතර තියෙන්නෙ ලොකු සමාන කමක්. ගෙවෙන මොහොත තුල ලැබෙන්නෙ දුක හෝ සතුට හෝ වේවා ඒ දේ accept කිරීම කියන්නෙ එතනින් පැනලා දුවන්න rush වෙන්නෙ නෑ කියන එකයි. එතනදි ඒ ගෙවාගෙන යන දේත් එක්ක ඒකට පාඩුවේ ගෙවෙන්න ඉඩ දෙන එක ජීවිතය slow down කරනවා. හදිසි වෙනවා කියන්නෙ හෝ එයිට විරැද්ධව දේවල් කරනවා හෝ කියන්නෙ ඒ ගෙවෙන මොහොත විශාල වශයෙන් කළඹනවා කියන එකයි. ඒක නිසා ජීවිතේ එන හැටියකට භාර ගන්නත් මේ. Mindful living ඇතුලෙ මම පුරැදු වෙලා ඉන්නවා.


ree

ඒ පුංචි Township එකේ පාර අයිනෙ තිබුන අක්කයි නංගියි කරගෙන යන පැළ තවානක් මගේ නෙත් සිත් පැහැර ගත් අවස්ථාවක් තමයි මේ. ඒ දෙන්නත් එක්ක ටික වෙලාවක් කථා කරනකොට තමයි දැන ගත්තෙ එක ගැහැණු ළමයෙක් එයාගෙ නීතීඥ රැකියාව අත හැරලා තමයි මේ පැළ තවාන කරන්න ඇවිත් තියෙන්නෙ කියන එක. හොඳ වෙලාවට එයාට හොඳ understanding husband කෙනෙක් ඉඳලා තියෙනවා එයාගෙ passion එකට ඉඩ දීපු. එයා කියනවා බැංකුව ගැන නම් මම දන්නෙ නැහැ හැබැයි මගෙ හිත නම් මේ රස්සාව පටන් ගත්තට පස්සෙ හොඳටම පිරිලා කියලා. ඒ තමයි ජීවිතය තුල තමන් කරන්න කැමති දේ, තමන්ව මානසික ආතතියකට ඇදලා නොදාන විදියකට සකස් කර ගත්ත අවස්ථාවක්. මේ වගේ තීරණයක් මමත් ගත්තු අවස්ථාවක් තියෙනවා. ඒ වගේ වෙලාවට අපි තරයේම හිතේ තියා ගන්න ඕන දේ තමයි, තමන්ට ලැබෙන ආදායමට වඩා පහලින් වියදම් තියා ගන්න එක. එතකොට නිකන්ම සරල ජීවිතයක් ලැබෙනවා.


Where I found tastiest coffee
Where I found tastiest coffee

Lost woods market එකෙන් කෑම කාලා ආපහු එන ගමනේ තමයි මේ ලස්සන පාර හම්බ වෙන්නෙ. ඉතින් මේ පැත්තට ආවහම අපි අනිවාර්යයෙන්ම කෝපි එකක් බොන්න මෙතන නවතිනවා.

මගේ ජීවිතේ දැන් ගෙවෙන විදිය ගත්තොත් මේ වගේ පුංචි දේවල් වලට ඒ ජීවිතේ ඇතුලෙ තියන ඉඩකඩ බොහෝ වැඩි වෙලා. ඉස්සර වගේ හඹාගෙන යන්න ඉලක්ක, හැබෑ කර ගන්න හීන වගේ දේවල් ඇත්තෙම නැති තරම්. නමුත් ජීවිතයක target තියන අය සහ හීන හිත ඇතුලෙ ගුලි කරගන ඉන්න සහෝදරියන් රංචුවක්ම මාත් එක්ක ඉන්න නිසා තමයි ඒ අයගෙ හීන වලට යන මාර්ග මම කථා කරන්නෙ. එක එක්කෙනාගේ සතුට රැඳිලා තියෙන්නෙ එක එක තැන් වල නිසා. අන්තිමටම publish කරපු video එකේ අලුත් අවුරැද්ද plan කරන හැටි ගැන අපි කථා කලා. ඔයාගෙ wish list එක කොයි තරම් දිග වුනත්, කොයි තරම් කෙටි වුනත්, අපි දෙන්නම දන්න දේ තමයි, අපේ හීන සහ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ අපිම විත්තිය. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ අපිම බව.


ree

මේ rhubarb සහ pistachio වලින් හදලා තිබුන dessert එක විකුණන ව්‍යාපාරය කරගෙන යන්නෙ පොඩි family එකක්. එයාලා තුන් දෙනාම ඇවිත් weekend වලට ගොඩක් මහන්සි වෙනවා. අපේ හීන වෙනුවෙන් අපිට හැමදාම ගොඩක් මහන්සි වෙන්න අමාරුයි. අපේ වියපත් වෙන ශරීරය ඒකට ලොකු ඉඩක් දෙන්නෙ නැහැ. ඒ නීසා ඔයාට පුලුවන් කාලෙ ඔයාගෙ කාලය, ශ්‍රමය සහ බුද්ධිය වැය කරලා ඔයාට යන්න ඕන තැනට යන්න ඕනෙ.

ඉතින් ඔයාගෙ විස්තරත් මාත් එක්ක comment එකකින් බෙදා ගන්න කියලා ආරාධනා කරනවා.


ree

මග දිගට වෙලාව අරගෙන මේ ලස්සන සැරසිලි බල බල තමයි ඉතින් ඔය ඔතන තියන ලියුම් පෙට්ටියෙන් ඔයාට මේ ලිපිය එව්වෙ.


මේ තරම් වෙලා මගේ ලිපිය කියෙව්වට ඔයාට තුති.

ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්

 
 
 

2 Comments


Hema daamath wage blog eka adath kiyewwa Akki

Oyata godaaakma sthoothie

Godak unusum lassana dewal genawata meh seethala kale

Mama inne Scotland godak seethalai den nam weda meh welawe break eke meh kiya wala iwara une ♥️🥰

Like
Replying to

Thank you so much nangi. Stay warm. හොඳට relax වෙලා gratitude Practice කරගෙන ඉන්න විශේෂයෙන්ම මේ කාලෙදි. Sending love ♥️♥️

Like
Post: Blog2_Post
bottom of page