Summer - Stop, look and let go
- Iresha Kariyawasam

- Jan 10
- 4 min read

සිහිය පිහිටුවාගෙන ජීවත් වෙනවා කියන්නෙ ලොකු පුහුණුවක් අවශ්‍ය කරන දෙයක්. පුහුණු වෙන මනසත් , පුහුණු වුන මනසත් කියන දෙකම නිතරම අභ්‍යාස වල යෙදෙමින් උවමනාවෙන් ඉදිරියට යන්න වෙනවා. වෙන ඕනම හැකියාවක්දි පුහුණුවෙන් පස්සෙ තියෙන්නෙ වැඩි දුර අධ්‍යයනය කරන්න. මේ පුහුණුවේදි එකම දේ නැවත නැවත කරන්න සිද්ධ වෙන එක වැඩියි. ඒ තුලින් තමයි පුහුණුව තීව්‍ර වෙන්නෙ. එහෙම නැතුව අධ්‍යයනය කලා කියලාවත් වැඩිපුර බණ ඇහුවා කියලවත් නෙවෙයි. එකම දේ නැවත නැවත කිරීමෙන් තමයි ඊළඟ අදියරට යන්න පුලුවන් වෙන්නේ.
සිහියෙන් ඉන්න එකේ වැදගත් කම තමයි, මනසේ ක්‍රියාවන් ගැන අවදියෙන් සිටීමට ඇති හැකියාව. ඒ අවදිමත් ස්වභාවය නොතිබුනොත් මනස නොයෙක් සිතුවිලි වලින් වැහිලා යනවා. සිතුවිලි කියන්නෙ නරක දෙයක් නොවුනත් ඒ ඔස්සෙ විවිධාකාර කෙලෙස් හට ගන්න පුලුවන් කම තියෙනවා. ඒ නිසා සිහියෙන් හිටියෙ නැති වුනොත් නොදැනිම මනස කිලිටි වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා.

සිහියෙන් ඉන්නවා කියන එකේ ප්‍රධානම තේරැම තමයි තමන් කරන කියන සහ හිතන දේ ගැන දැනුවත් භාවයක් තියනවද කියන එක. දේවල් සිහියෙන් කරනවා කියන එක නෙවෙයි. හැම වෙලාවකම කෙලේසයක් හට ගන්නකොට විශාල පීඩාවක් දැනෙනවා. ඒක චිත්ත පීඩාවක් හැටියටයි පටන් ගන්නෙ. පස්සෙ කායික පීඩාවන් වශයෙන් වුනත් දැනෙන්න පුලුවන්. ඒ තරම් දුරට වර්ධනය වෙන්න කලින් සිහිය ශක්තිමත් කෙනාට මේ ස්වභාවය දැන ගන්න ලැබෙනවා.
දැන් එයාට තියෙන්නෙ ඒ පෙලීමෙහි හේතුව සොයා බලන්නයි. මේ ගැඹුර බලන එක ලේසි නැහැ. ඒකට හේතුව හිත නොසන්සුන් කම. මනස සන්සුන්ව තියාගෙන ඉන්නවා කියන්නෙ ගැඹුරැ සහ කාලයක් එක දිගට කරන්න ඕනෙ පුහුණුවක්. මොකද මනස හරි ආසයි රවුම් ගහන්න. තණ්හාව ක්‍රියාත්මක වෙන තාක් ඇලි ඇලි ගමන් කරන්න. මනසේ ක්‍රියාවලිය හරියට දැනගන්න හෝ මනස සිහියෙන් තබා ගන්න අවශ්‍ය කරනවා කරැණු තුනක පරිපූර්ණත්වය.
1) මේ සම්බන්ධව අසා දැන ගැනීම
2) මනස සහ එහි හැසිරීම ගවේෂණය කිරීම
3) නිහඬව සහ ඉවසීමෙන් කාලයක් පුහුණුවේ යෙදීම

ලස්සනට පිපිලා වත්ත සරසන මල් කියන්නෙ ඕනම කෙනෙකුගෙ හිත හරි ඉක්මනට පිනවන ස්වභාවයක් ඇති කරන තැනක්. සමහර විට තව තව විඳින්න හිතෙනවා, තමන්ටත් ගෙනත් හිටව ගන්න හිතෙනවා, තමන්ටත් ඇත්නම් කියලා හිතෙනවා. දහමෙහි නුපුහුණු මනසකට හිතෙන්නෙ "අනේ කොච්චර ෂෝක්ද?" "මොකක්ද ඒකෙ ඇති වරද?" කියලා. නමුත් දහමෙහි පුහුණු මනස ක්‍රියාත්මක වෙන්නෙ වෙනත් විදියකටයි. "ඒකත් සාමාන්‍ය දෙයක් " කියලයි. මොකද ඒ මනසට භාජනය වෙන හැම දේම තුල ත්‍රි ලක්ෂණය ඉබේම මතු වෙන නිසා. බැරි වෙලාවත් එක දේකට හෝ ඇලෙන්න යනවනම්, එයා මනසිකාරය පටන් ගන්නවා. එකදු හෝ බලාපොරොත්තුවක් ඇති වෙන්න යනවනම් ඒත් මනසිකාරය ආරම්භ කරනවා. මාර්ග ඵල තුල පරිණත වෙන මග වඩන පුද්ගලයෙක් තුල බොහෝ වෙලාවට මේ දේවල් වලින් රාශියක් ඉබේම වෙනවයි කියලනෙ කියන්නෙ. ඉතින් මේ හිත අපටත් හොරා අපව ඇදලා දාන සමහර උගුල් පේන්නෙ හරිම සුවදායක විදියට, සමහර වෙලාවට පින් කම් විදියට. බොහෝම සැලකිල්ලෙන් ඉන්න ඕනෙ.

කෑමක් කනකොට හෝ බීමක් බොනකොට වුනත් රස නහර පිනා ගිහින් එන සැප වේදනාව රස ත්රැෂ්ණාවක් මූලික කරගෙන එනවා වෙන්නත් පුලුවන්. ඒකනෙ ඔය "ඒක හැදුවෙ කොහොමද?, ඒක කොහෙන්ද ගත්තෙ?" වගේ දේවල් කෙනෙක් අහන්න පෙළඹෙන්නෙ. ඒ වගේමයි කෑමක් හදන හැටි video වල බලන් ඉන්නකොටත් රස දැනෙන බවක් තියෙන්නෙ. ඒ තමන් තුල තියන ගති පණ ගහලා එන අවස්ථා. ඒ අවස්ථාවන් ගැන සිහියෙන් නොහිටියොත් තද බල වූ තණ්හාවට පොහොර වැටෙනවා. ඒ තුලින් ඇතුලාන්තයේ තියන ගති පොදිය /මතක පොදිය තව තව තර වෙනවා. (ආස්රව)
ආශ්‍රය කරල කරලා සසර පුරාවට තැන්පත් කරගෙන තියන ගති ටික තමයි සිහිය නැති වුනොත් පණ ගගහ උඩට ඇවිත් වද දෙන්නෙ.

මේ පුහුණුවේදි (සිහිය දියුණු කර ගැනීමේ) අවශ්‍ය කරන කාරණා දෙකක් තියෙනවා.
1) Observing
මෙතනදි තමන්ගෙ හිත දිහා වෙනත් කෙනෙක් වගේ බැලීමේ හැකියාව තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ අපි ඔය අනිත් අය කරන කියන දිහා බලාගෙන ඉන්නෙ. ආන්න ඒ වගේ තමන්ගෙ හිත දිහා බලන්න ඕනෙ. ඒ වෙලාවට හැබැයි inner chatter එකත් off වෙලා තිබුනොත් තමයි හොඳ.
2) Evaluating
මෙතනදි criticising නෙවෙයි හොඳද? මේ කියන්නෙ හේතු ඵල දහමට ගලපා බලනකොට ඔයාට කොහොමද ඒ සිද්ධිය දැනෙන්නෙ. ඔයා කියපු දේ හෝ කරපු දේ හේතුඵල දහමට සහ ඒ වගේම ණය විනයට ගැලපුනාද? ඒ කියන්නෙ තමන් නැවත මේ ආත්මයේදී හෝ ඉදිරි ආත්මයේදී හෝ ගෙවන්න ණයක් හදා ගත්තද කියන එකත් සොයලා බලන්න ඕනෙ.

අපි ඉතාමත් දීර්ඝ ගමනකයි මේ එන්නෙ. ඒ වගේම දැන්වත් මේ නවතින ක්‍රමය හොයා ගත්තෙ නැතොත් තව යන්න තියෙන දුර හිතා ගන්නවත් බෑ. ඒ නිසයි උත්සාහ කල යුතු වන්නෙ. මග දුටුවෙකුට පුලුවන් මග පෙන්වන්න විතරයි. ඒ මග අපිව යවන එක ඔවුනට කල නොහැක්කක්. ඒකයි මේ ගමන තම තමන්ගෙ නැණ පමණට සීමා වෙන්නෙ. මම ඒකට එකතු කරන්න කැමතියි තම තමන්ගෙ උත්සාහය සහ කැපවීම කියන එකත්.

මේ සඳහා ඔබ කුඩා කල සිට ජීවත් වූ පිලිවෙල කිසිම ආකාරයකින් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. තව අය අනුකරණය කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. උදාහරණයකට අපි හිතමු කෙනෙකුට හිතෙනවා "ඉරේෂා වගේ වෙන්න ඕනෙ කියලා". ඒත් කොහොමද එහෙම වෙන්නෙ. ඉරේෂා is already existing. You can be your own version of that what you see in her.
ඒ වගේමයි මේකෙදි කරන්න තියෙන්නෙ දැනටමත් ඉන්න ඔයා තුල හැදෑරීම් කරන එකයි. වෙනත් වේෂයක් මවාගෙන ඒ තුල හැදෑරීම් කලාට ඔයාව එතෙර වෙන්නෙ නෑ. ඒකයි මම මගේ ජීවිතයවත් වැඩි පුර videos වල ගේන්න අකමැති. හේතුව දුක් විඳින ඕනම මනසක් තමන්ට සහනය දැනෙන තැනට තදින් ඇලෙන නිසා.
තව දෙයක් මතක තියා ගන්න ඕනෙ.
ඒ තමයි පුහුණුව තුලදි හිත නිතරම කොහේ හෝ පැනලා දුවන්න ස්වභාවයක් තියෙනවා. ඒකට disheartened වෙන්න එපා. තවත් උත්සාහ වන්ත වෙන්න. ඔනම කෙනෙකුට ඒ දේට මූණ දෙන්න වෙනවා. පුහුණු මනසත් ඉඳ හිට රවුමක් දෙකක් ගහලා එනවා. ඒත් ඒ වෙනකොට ඒ හිත් හයියයි. පහලට ගැට ගහලා තියන බැමිත් කීපයක් හෝ ලිහිලා නිසා කලබල වෙන ගතිය අඩුයි. ඒ තමයි ඉතින් හිතේ හැටි.
ඉඩ ලැබෙන විදියට හෙමීට කථා කරමු. මේ ලිපියත් කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Ice coffee සුවද මුසුවු ඔබෙ වටිනා ලිපිය ලදිමි .🥰ස්තුතියි ඔබට❤🙏
වත්තෙ පීපෙන මල් පෙති වලටත් ඵහාගිය සියුම් බවත් ඉක්මනින්ම පරවෙන්නටත් කලින් ( අසුරැ සැනින්) වෙනස්වන මනස ගැනත් ඔබ අද තවත් ගැඹුරට කතාකර ඇත.🙏ඔබ පෙන්වා ඇති ගස්පේලිය තරම්ම සිසිලසක් රැකවරණයක් අපෙ බවයට, ආත්මයට, සැනසීමක්
ඵක් කරනුයෙද මෙ සිතමයි. සමහර මහ වෘක්ෂ සහ සමහර මල් පවා මොනතරම් පාරසරික බලබෑම් තිබුනා වුවද තම පෙති ටිකත්,ගසෙ අතු පතරත් නිරුපද්‍රිතව තබාගනී.
මා හට ගම්‍ය වන්නේම ඵසේ වීමට හේතුව ශක්තිමත් මුල මණ්‌ඩලය වීමමය.සුලඟට, වැස්සට යට වුවද
නිරුපද්‍රිතව සිටිනවා මා ඕනෑ තරම් දැක ඇත.🌲🌲🌻🌼🏵🌹
ඉතින් අද ඔබ පැහැදිලි කිරීමට උත්සාහ කල දෙයට අනුව නම් මෙ සිතත් ශක්තිමත් කලොත් ඉද හිට සෙලවුනත් පුරැදු කල දේ ශක්තිමත් බව මත සිතෙ ශක්තිමත් බව රැදෙනු ඇත යන්නයි මට හැගුනෙ.
පුද්ගලිකව මගෙ…
Oya kiyala dena pare mata nam hitenne yanna Aditya thibba witarai kiyala makada mama slow living patan gatta witarai
Et wenada ta
wada rest 1k thiyenawa
Wenada karana weda tikama tharahak kalabalayak netiwa karana bawa denenawa
Tharahak apahasuwak awa gamanma mama marama kiyagannawa madu tharahak awit thiyenne relax wenna kiyala
Deep breathing puluwan hemawelawema karanawa
Hemadema ekaparata karaganna beri unat pulupuluwan widiyata me gamana nidahas karaganna balanawa
Hemadamat wage hadawatinma godak sthuthi
🙏🙏🙏❤️❤️❤️
ගොඩක් ස්තූතියි අක්කා මේ පැහැදිලි කිරීමට...සතිමත් බාවය පුහුනුවේදී තමන් මේ සම්බන්ධව ආධුනික බව නිතර හිතට දැනීම සාමාන්‍ය ද අක්කෙ..වෙනද ට වඩා මගේ අඩුපාඩු වචනයේ සහ ක්‍රියාවේ පේන්න තියනවා..ඒ වෙලාවට මං ගැනම කල කෙරෙන අවස්ථාත් නැතුව නෙමෙයි...එතකොට හිතෙනවා මම නැවත මුල ඉදලා පටන් ගන්න ඕන කියලා....තව දෙයක් මේ කාලය තුල මට තේරුනා සමහර අවස්ථාවන් තියනවා උදාහරණයකට ගන්නකොට කේන්ති යන ගතිය වගේ...පුරුද්දට වගේ කේන්ති යන අවස්ථා තියනවා මට ..බබාලට පොඩි පොඩි අවස්ථාව ල කෑ ගහන එක වගේ..ඒ වෙලාවට මට තේරෙනවා මගේ අභ්‍යන්තර යේ කිසිම දැවීමක් තැවීමක් නෑ...ඒත් මම කෑගහනවා..තරහ ගියා වගේ පෙන්වනවා...ඒ වගේම සමහර අවස්ථාවල ඇතුලතින් පිච්චෙන එන කේන්තියක් එන අවස්තාත් තියෙනවා...දැන් දැන් ඒ වගේ තැන් අදුන ගෙන සිහියෙන් මුහුණ දෙන්න පුලුවන් ඒත් පුරුද්ද ට වගේ සිද්ද වෙන දේවල් නිසා අකුසල් රැස…
Thank you so much mrs.iresha . It is so helpful for my practice.