Summer - Escaping mindfully
- Iresha Kariyawasam

- Dec 24, 2025
- 3 min read
Updated: Dec 27, 2025

කාලෙන් කාලෙට පුංචි නිවාඩුවක් කියන එක රැකියාවක් කරන, දිනපතා එකම routine එකක ජීවිතය ගෙවන ඕනම කෙනෙකුට ඉතාම අවශ්‍ය දෙයක්. ඒක අපට දෙයාකාරයකින් කරන්න පුලුවන්. පලවෙනි එක තමයි නිවාඩු කාලය තමන්ගේ නිවසේම ගත කරන එක, දෙවනි ආකාරය තමයි නිවාඩුවට ගෙදරින් පිට පළාතකට යන එක.
සමහර කාල වකවානු තියනවා විවේකය කොයි විදියට ගෙව්වත් හරිම සුවදායකයි. තවත් සමහර වෙලාවල් වලදි කොයි තරම් හොඳට plan කරලා නිවාඩුව ගත කරන්න ගියා වුනත් හිත relax වෙන්නෙම නැහැ. මේක ලියන ගමන් මට තවත් මම ආස කරන quote එකක් ඔයා එක්ක බෙදා ගන්න කියලා හිතුනා.
"The real voyage of discovery consists not in seeking new landscapes, but in having new eyes". - Marcel Proust
සමහර වෙලාවට ගෙදර ඇතුලෙම හරි වත්ත තුලම හරි අලුතෙන් පිපුණු මලක් හරි පිණි වැටුණු කොළ පාටින් පිරැණු ගහක් හරි දැක්කම උදේ පාන්දරට දැනෙන හිත සැනසෙන ස්වභාවයක් තියෙන්නෙ, අන්න ඒ වගේ. ගේ ඇතුලට ළා හිරැ රැස් කදම්භයක් වැටිලා පුටුවක් මතට වෙනස්ම පාටක් ලැබිලා තියන වෙලාවකුත් මේකට උදාහරණයක්. හොඳ කැමරා ශිල්පියෙකුට තියන ඉව වගේ තමයි තමන් තුලම සරල සතුට සහ සැනසීම සොයන කෙනෙකුගෙ පංච ඉන්ද්‍රියත්.


යන මග පින්තූර කීපයක් ගන්න නම් මට අමතක වුනේම නැහැ. හුඟාක් පළලට හදලා තියන ඔස්ට්‍රේලියාවෙ මහා මාර්ග මාර්ග තදබදය ටිකක් අඩු කරනවා. ඒ විදියට පාරවල් හදන්න හුඟක් ඉඩ හසර රට තුල තියන නිසා ඒ දේවල් පහසු වෙලා තියෙනවා.
ඒ වගේමයි අපේ හිත් තුල ඉඩ කඩ බහුල වුනහම සියුම්, ලස්සන දේවල් තමන් වටාම තියෙන සරල දේවල් තුලින් දැනෙන්න ගන්නවා. පහසුවෙන් සැනසෙන හිත තමන්ට වගේම තමන් වටා ඉන්න අයටත් ගෙනත් දෙන්නෙ ලොකු සැනසීමක්.

විශේෂයෙන්ම කාන්තාවන් වෙන අපි තුල උත්සාහයෙන් ඇති කර ගන්නම ඕනෙ දේවල් කීපයක් තමයි,
තමන්ව සතුටට පත් කරන, සැහැල්ලුවට පත් කරන සරල දේවල් මොනවද කියන එක. උදාහරණයකට උදෑසන දකින දරැවන්ගෙ හිනාව, සරල සහ තමන්ට ගැලපෙන විලාසිතාවක්, සැමියාගෙන් ලැබෙන ආදරය මුසු කාරුණික වචනයක් හෝ බැල්මක්, ගතට සුව දායී පරිසරය වගේ කීපයක් ගැන අවධානය යොමු කරලා බලන්න පුලුවන්. මේ දේවල් අපිට හැමදාමත් අපි ළඟම තියෙන දේවල්. හිත පෑරැණු ඕනම වෙලාවකදි මේ දේවල් දිහා බලලා හිත හදා ගෙන නැවත හිනාවක් ඇති කර ගන්න සාමාන්‍ය මානසිකත්වයක් තියන ඕනම කාන්තාවකට හැකියාව තියෙනවා.
මේ හැම අවස්ථාවක්ම හිත් තැවුලෙන් escape වෙන්න උදව් වෙනවා. Escapism කියන්නෙ තාවකාලිකව සුවයක් දෙන දෙයක් වුනත් කාලයක් මේ දේවල් හුරැ කලහම ජීවිතය තුල නිතරම, වැඩිය හිතන්නෙ නැතුව නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. ඒක නම් ගෙනත් දෙන්නෙ පුදුම සැනසීමක්.

යන මග මේ පුංචි ටවුමක ඇරලා තිබුන grocery store එකක අපි නතර වුනේ අපිට දවස් කීපයකට අවශ්‍ය බඩු කීපයක් ගන්න කියලයි.

අමුතු ලස්සනක් තියන , මෙල්බර්න් වගේ Big cities වල නැති නිහඬතාවයක් තියන මේ පුංචි නගරයේ වීථි දිගේ ඇවිදිනකොටත් හිත හරියට සංහිඳෙනවා. විවිධාකාරයේ හැල හැප්පිලි රාශියක් තියන කාලයක් තමයි අපි අද ගෙවාගෙන යන ලෝකය තුල දකින්න තියෙන්නෙ. ඒ මැද්දෙ විඩාවෙන් ටිකකට මිදෙනවා කියන්නෙ විශාල සැනසීමක්. ඒ වගේම විවේකය ගත කරනවා කියන එකෙන් කෙනෙකුට අදහස් වෙන්නෙ "හපෝ දැන් නම් එපා වෙලා තියෙන්නෙ. Trip එකක්වත් යන්න ඕනෙ" වගේ හැඟීමක් නම් එතන පුංචි ගැටලුවක් තියෙනවා. හේතුව තමයි කොහෙට, කොහොම escape වුනත් අපි අරගෙන යන්නෙ අපේම හිත වීම. ඉතින් ඒ හිත කැළඹිලා නම්, දුකට පත් වෙලා නම්, හෝ ඒ හිතේ සැනසීම අහිමි වෙලා නම්, ඉස්සෙල්ලාම කරන්න ඕනෙ කොහේ හෝ යන එකට වැඩිය ඒ හිත හදා ගන්න උත්සාහ කරන එකයි.

මේ ඉතින් නිදහසේ ඉන්න ටිකක් වැඩි වෙලාවක් හම්බවුන වෙලාවෙ ඔයාට මේ blog එක ලියන්න ලෑස්ති වෙන වෙලාවෙ ගත්ත පින්තූරය. මගේ ලිවීමට ඇති කැමැත්තයි, ඔයාගෙ තුල ඒ ලියන දේවල් කියවන්න ඇති කැමැත්තයි මට කොයි විදියකින් හරි ඒකට අවශ්‍ය කාලය සකස් කරලා දෙනවා.
ඒකත් ඉතින් අර මුලින් කිව්ව සැනසීම ලබාදෙන සරල දේවලින් එකක්. මගේ ජීවිතේ දවස් කීපයක අත්දැකීම් මගේ මුලු ජීවිතේ ඇතුලෙම තියන ආධ්‍යාත්මික අත්දැකීමකුත් එක්ක එකතු කරලා ඔයත් එක්ක බෙදා ගන්න එක මගේ සරල ජීවිතය තවත් හිස් කරලා සරල කරනවා.

නිවාඩුවකට ඈතට යනවනම්, ඒ ගෙදරින් පිටතදී ලැබෙන අත්දැකීම ඔයාට ලබාදෙන්නමයි ඒ දේ සිද්ධ වෙන්න ඕනෙ. නිවසේම ඔයාගෙ නිවාඩුව ගත කරනවනම්, ඒකත් ඔයා කැමැත්තෙන් හිත සන්සුන්ව ගත කරන කාලයක් බවටයි පත් කර ගන්න ඕනෙ. Escape වෙන එක mindfully සිද්ධ වෙනවා කියලා මම client education වලදි උගන්වන්නේ ඒ විදියටයි. එහෙම නැතුව "හැම දේම එපා වෙලා. ඒ හින්ද ගැල වෙන්න ඕනෙ" කියලා හිතලා කරන දේවලින් අපි හිතන සැනසීමම අපට ලබා ගන්න බැරි වෙනවා. ලැබුණත් ඒක හරිම තාවකාලිකයි.
ඉතින් මුලින්ම අපි අලුත් අවුරැද්ද වෙනුවෙන් අපේ හිත් සරල සහ සන්සුන් තැනක් කර ගනිමු. සරල සහ පුංචියට හරි අපට සැනසීමක් දෙන දේවල් සොයා ගනිමු. ඊටපස්සේ අපි ඒවා අපේ ජීවිතය තුල පුරැදු පුහුණු කරමු. එතකොට ඒ තමයි ඔයාගෙ ඇත්තම escape එක.
ඉතින් මේ තරම් වෙලා මේ ලිපිය කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි. හැමදාම වගේ මම බලාගෙන ඉන්නෙ ඔයාගෙ comment එක කියවන්නයි. ඔයාගෙ අදහස් blog එකේම comment section එකේ ලියනවනම් මට ඒක ගොඩක් පහසුයි. නැත්නම් මම ආපහු YouTube post එක බලනකොට තමයි ඔයාගෙ comment එක මට ලැබෙන්නෙ. ඒ වගේම ලිපිය ළඟම ඒකට අදාල comments තියන එක මට වටිනවා. මොකද මම ඉඳලා හිටලා ඒ ලිපි කියවනකොට ඔයාලා blog එකේම ලියලා තියන comments ටිකත් ආයෙත් කියවනවා. ඉතින් ඒවා මගේ හිතේ රැඳෙනවා.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




නත්තලේ උණුසුම රැකගෙන පිනිමුවන් පරිස්සමට ගෙනා නත්තල් ලිපිය ලදිමී..ස්තුතියි
ඔබට..🙏❤
ගෙදර ලැබෙන විවේකයත් නිවාඩුවකට ඵලියට යෑමත් මට නම් කායිකව දෙයාකාර වීම නිසාත්
භාහිර පරිසරය හා බද්ධව නවමු අත්විදීම් ලැබෙන නිසාත් දෙයාකාර වේ.🏖
සත්‍යය වශයෙන්ම සිත පැවැත්වීමෙ වගකීම්කරැ තමා බැවින් මෙ දෙතැනම සංවර මනසක් පවත්වාගැනීමට අප දක්ශ විය යුතුය.slow living life practice කරන්නෙකු අනිවාර්යෙන්ම මෙ දෙතැනේම වැඩි වශයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි මගෙ හැගිමයි.
තම වසඟයේ කිසිවක් පවත්වා ගැනීමට නොහැකිය යන බුද්ධ වචනයත් කර්මය හා කර්ම පල විශ්වාසය මත ජීවත්වන අපට ඊලග මොහොත අපෙ සිත මාරයාට නතුවීමට ඇති ඉඩකඩ ඇත්තකී.
ලද දෙයින් සතුටු වෙමින් ගැටලුවෙන් මිදිමට තාවකාලික පැලැස්තර දැමීම වෙනුවට අන් අය වෙනස් වේයැයි හිස් බලාපොරොත්තුවද අතහැර ගැටලුවට ගැලපෙන ආකාරයට විකල්පයන්ගෙ හොද නරක මෙනෙහි කර සිත විවේක කරගත යුතුය.ඵවිට තමන් වෙනුවෙන් ඇති…
Just got the time to read the blog Akki ..
Interesting and valuable information..
Love u and enjoy every moment with your loved once 😘😘😘😘🥰😊