top of page
Search

Happy spring To-do list

ree

සීතල හුළඟ සහ එක පාරටම වහින වැසි වැටෙන සති කීපයකට පස්සෙ හදිසියේම හොඳට ඉර අව්ව වැටුනු ඇඟට සනීප රස්නයක් දැනෙන ලස්සන දවස් දෙකක් අපට විඳින්න ලැබුනා.

Gloomy whether තියනකොට මානසිකව සමහර අය ටිකක් ඇද වැටෙනවා. විශේෂයෙන්ම ටිකක් මහලු වියේ පසුවෙන අයට ඒක අපහසුයි. පරිසරය ටිකක් එළිය වැටිලා, ඉර රස්නය ඇඟට හොඳට දැනෙනකොට මිනිස්සු එළිපහලියේ කාලය ගත කරන්න කැමැත්තක් දක්වනවා. අපිත් අපේ laptop දෙකත් අරගෙන පුංචි coffee shop එකකට ගොඩ වැදුනා ඒ සතුටෙන් ඉන්න අයගෙ vibe එක විඳ ගන්නත් එක්ක. ඒ කාරණාවත් එක්කම අපිට පුලුවන් අපේ පලවෙනි point එකට යන්න.


1) තමන්ගෙ ලෝකය busy වෙලා හරි තමන්ව emotionally ගොඩක් පීඩාවට පත් වෙලා හරි කියලා දැනුනොත් සමාජයත් එක්ක ටිකක් එකතු වෙන එක.


ree

සමහර අය ජීවත් වෙන්නෙ හිත් තුල ලොකු පීඩාවන් සඟවාගෙන. නමුත් ඒ තුවාල කොයි කොයි වෙලාවල් වල හරි පෑරෙන්න හෝ අලුත් වෙන්න පුලුවන්. ඒ හැම වෙලාවකම හිත් ගොඩක් රිදෙනවා. ඒ වගේම කඩාගෙන වැටෙනවා. ඒ විදියට ගොඩක් බරපතල ආකාරයෙන් කඩාගෙන වැටෙන්න කලින් පුංචියට රිදීමක්, පෑරීමක් හෝ පීඩාවක් දැනෙන්න ගන්නවා. ඒත් එක්කම තනි කමක් හෝ තනි වෙන්න ඕන කමක් දැනෙනවා. හැබැයි මේ වෙලාවට තනි වෙන එක නෙවෙයි option එක. තනි වුනහම වෙන්නෙ තව තවත් අර පීඩාකාරී ස්වභාවය වැඩි වෙන එකයි. තමන්ගෙ හිත ඇතුලෙම කුණාටුව වගේ කැරකෙන සිතුවිලි සහ emotion එක්ක අතරමං වෙන එකයි.

ඒ වෙනුවට යාලුවෙක් හරි පවුලෙ කෙනෙක් එක්ක හරි හමු වීමක්, කාලය ගත කිරීමක් හෝ පුලුවන් නම් තමන්ට දැනෙන දේත් බෙදා ගන්න එකයි කල යුතු වෙන්නෙ. හැබැයි අපි හිතමු ඔයාට මේ වෙලාවෙ කාවවත් හොයා ගන්න බැරි වුනා කියලා. එහෙම වුනොත් මේ විදියට කඩ මණ්ඩියට හරි shooing center එකකට හරි, රෙස්ටුරන්ට් එකකට හෝ එහෙමත් නැත්නම් පන්සලේ හවස බුද්ධ පූජාවට සහභාගි වෙන එක හෝ දෙයක් මගින් අනිත් අයගෙ positive vibe එක එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ ගන්න එක.


ree

හිනාවෙන, හඬ නගා කථා කරන සහ ප්‍රසන්න මුහුණින් ඉන්න අය අතර ඉන්නකොට ඒ ශක්තීන් අපි ගාව තියන negative ස්වභාවය මදකට නැති කර ගන්න උදව් වෙන්න පුලුවන්.


2) තමන් ආස කරන විදියෙ දෙයක් කැමතිම විදියකට හදාගෙන රස බලන එක.


ree

ආහාර සහ පාන කියන්නෙ කෙනෙක් තුල dopamine වගේ රසායනික ශ්‍රාවයන් නිකුත් කරන්න උත්තේජනයක් දෙන දේවල්. ඒ තුලින් negative emotions නිසා හෙම්බත් වෙලා ඉන්න හිතකට එක පාරටම positive boost එකක් දෙන්න පුලුවන්. කඩමණ්ඩියට ගිය වෙලාවක තමන්ට උණු, රසවත් කෝපි කෝප්පයකින් සංග්‍රහ කරන්න පුලුවන්. ඒක මම කැමතිම විදියට හදවගෙන පුංචි නගරය ඈතට ලස්සනට පේන වීදුරැවක් අයිනෙ තියන මේසයක වාඩිවෙලා උගුර උගුර හිමීට බොන්නයි මගේ කැමැත්ත වැඩිපුරම තියෙන්නෙ. ජීවිතය තුල ටිකක් කාර්යබහුල බවක් දැනුනත්, උණුවෙන් දුම් දාන කෝපි කෝප්පය හෙමීට රස විඳිනකොට ජීවිතය තුල තියන යම් හෝ කලබලකාරී ස්වභාවයත් ගෙවිලා ගිහින් සැහැල්ලු වෙනවා.


මේ දවසෙ නම් මෙතනට අපි දෙන්න එක්කමයි ගියෙ. රැකියා කටයුතුත් කරන ගමන් තමයි මේ කෝපි හල සහ ඒ අවට අපි කාලය ගත කලේ. ඒ වුනත් office space එකේ හිටියට වඩා සැහැල්ලුවක් තිබුනා. හැමදාම ගෙදර හදාගෙන බොන කෝපි එකට වඩා වෙනස් රසයකින් යුතු කෝපි කෝප්පයක් හම්බවුන නිසා ඒ වෙනසත් පුංචි සතුටක් එකතු කලා. මේ විදියට එකතු වෙන පුංචි පුංචි සතුටු මොහොතවල් අර negative emotional force එකට හොඳ antidote එකක් වෙනවා.


ree

මේ කාරණාවට එලියටම යන්න අවශ්‍යත් නෑ. ඔයාගෙම ගෙදරදි හරි රසට ගුණට ඔයා ආස විදියට කෑම වේලක් හදාගෙන රස බලන්නත් පුලුවන්. මේ විදියට හිත කලබල වෙලා තියන වෙලාවෙදි නම් විශේෂයෙන්ම කෑම හදනකොට හිතට ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හිත කය ටිකක් සන්සුන්ව තියාගෙන වෙලාව ටිකක් අරගෙන කෑම වේල සකසා ගන්න එක. එහෙම නැති වුනොත් ඔයාට කැමති රසය සහ ඔයාට මේ වෙලාවෙ අත්‍යවශ්‍ය පෝෂණය ලැබෙන විදියට කෑම ටික සකස් කර ගන්න බැරි වෙන්න පුලුවන්.


3) පුංචියට හරි Mindfulness practice එකක් කරන එක.


මෙතනදි අපි Mindfulness හෝ සතිමත් බව කියලා හඳුන්වන පුහුණු වීම් ම නෙවෙයි බුද්ධ දේශනාවේ සති කියලා උගන්වලා තියෙන්නෙ. බුදු දහමට අනුව සති කියන්නෙ හේතු - ඵල දහමට ගලපා බැලීමයි. නමුත් හිත කලබල වෙලා තියන , trauma නිසා anxeity, depression හෝ high levels of stress තියන කෙනෙකුට තමන්ගෙ හිත යම් තාක් දුරට මේ Mindfulness practice එකකින් සන්සුන් කර ගන්න පුලුවන් වෙනවා.


ree

Mindful activity එකක් කරනවා කියන්නෙ, පුලුවන් තරම් තමන්ගෙ හිත ඒ කරන දේත් එක්ක තියා ගන්න පුලුවන්ද කියලා උත්සාහ කරන එකයි. ඒකට භාවනා කරන්නම අවශ්‍ය නෑ. ටිකක් කය විවේක කරගෙන නිස්කලංකව පොතක් කියවන්න පුලුවන් ටික වෙලාවකට. නිස්කලංක තැනක වාඩිවෙලා හරි කොට්ට ටිකක් දාගෙන හාන්සි වෙලා වගේ හරි ඉන්න ගමන් calming music එකකට ඇහුම් කන් දෙන්නත් පුලුවන්. මේ විදියට කොයි mindful activity එක කලත්, සිහිය ඒ ඒ වෙලාවට සිද්ධ වෙන දේත් එක්ක පවත්වන්න උත්සාහ ගන්න එකයි Mindfulness practice එකක් කියන්නෙ.


අපි සාමාන්‍ය ජීවිතය ගෙවන අතරෙනෙ ඔය negative emotions එන්නෙ. ඒවා මුලු හිතම අත් පත් කර ගන්නකන් සමහර විට කෙනෙකුට කිසිම සිහියක් නැති වෙන්න පුලුවන්. ඊට පස්සෙ ඒ නිසා විශාල දුකකට සහ පීඩාවකට පත් වුනාට පස්සෙ තමයි තමන්ට දැනෙන අපහසුව ගැන සිහිපත් වෙන්නෙ. දැන් ඒක හැකි ඉක්මනින්ම ඉවත් කර ගන්නයි කල්පනාව. ඒ දේවල් අපි දඟලන්න දඟලන්න තව තවත් පීඩාකාරී වෙන එකයි වෙන්නෙ. ඒ නිසාමයි Mindfulness පුහුණු කල යුතු වෙන්නෙ. ඒ තුලින් හිතට අනවශ්‍ය දෙයක් ඇතුල් වෙනකොටම දැන ගැනීමේ හැකියාව ලැබෙන නිසා.


4) තමන් ජීවත් වෙන වට පිටාව නිතරම පිලිවෙලට සහ පිරිසිඳුවට තබා ගන්න එක.


ree

කෙනෙක් නිරන්තරයෙන් ජීවත් වෙන වටපිටාව ගොඩක් දුරට ඒ කෙනාගෙ මානසික සුවතාවයට බලපානවා. නිතරම clutter වුණ, බඩු හැම තැනම දාලා තියන පිලිවෙලක් නැති වට පිටාවක් මනසකට ගෙනත් දෙන්නෙ විඩාබර ගතියක්.

හැම දවසෙම ගේ අස් කරලා අතු ගාලා ඉවර වෙලා පුංචි හරි තැනක් ලස්සනට පිලිවෙලට තියන එක මගේ පුරුද්දක්. එතන තියන වැඩි බඩු අයින් කරලා , ඒවා donation වලට වෙන් කරන පෙට්ටි වලට දාලා ඇහැට ප්‍රිය මනාප සහ මනසට සහනය දෙන විදියට එතන පිලියෙල කර ගන්නවා. ඒ තුලින් මගේ මනසට නැවුම් බවක් සහ විශාල සතුටක් එකතු වෙනවා.


මේ කුස්සියට ආසන්නව තියන තැනක් නිසා මම picnic basket එකයි cook book එකකුයි තව candle එකකුයි තමයි අද උදේ මෙතන පිලිවෙල කරන්න තෝර ගත්තෙ.

මේ හැම දෙයක්ම එකම දවසක කරන්න අමාරුයි. මලින් පිරැණු වටපිටාවක් තියන, ඇඟට සනීප දේශගුණයක් තියන මේ ලස්සන වසන්ත කාලේ මගේ මානසික සුවතාවය පවත්ව ගන්න මම කරන දේවල් මුලු සතිය පුරාම දවසට එකක් හෝ දෙකක් වශයෙන් තමයි plan කරගෙන තියෙන්නෙ. එහෙම නැතුව ඔක්කොම ටික එකම දවසක කරන්න ගියොත් ඒකත් stress create කරන්න පුලුවන්. හැබැයි ඉහත කියපු දේවල් වලින් මම හැමදාම කරන එක දෙයක් තියනවා. ඒ තමයි, mindful වෙන එක.


ree

ඉතින් මම හිතනවා මේ බෙදා ගත්ත points ටික ඔයාගෙ හිත emotional overwhelming කියන තත්ත්වයට වගේ දෙයකට නිතර පත්වෙනවනම් ඔයාට උපකාරයක් වෙයි කියලා. හැබැයි මේ දේවල් හිත ගොඩක්ම කලබලයට පත් වුනහම කරන්න බෑ. කලින් ඉඳලා තමන් තුල පුරැදු කරලා තියෙන්න ඕන.


ඉතින් Spring diary series එකේ මේ blog post එක ඔයාට උදව් වුනේ කොහොමද සහ ඔයා මේකට කැමතිද කියලා පහතින් comment එකක් තියන්න.


ගොඩක් ආදරයෙන් ❤️

ඉරේෂා කාරියවසම්



 
 
 

5 Comments


Meena Perera
Meena Perera
17 hours ago

මේවා කියවන කොටත් මගේ හිතට නම් දැනෙන්නේ positive vibe එකක්මයි. බොහොම ස්තූතියි

Like

ගොඩක් අගය කරනවා මේ දැනුම අපිට දෙනවට. මාටත් නිතරම ඔය පීඩනය න් දැනෙනවා. ඔයාගේ vedios මට ගොඩාක් උදව් වෙඅවා ඒ දේවල් මගහැර ගන්න. මගේ හිත ට පුදුම සහනයක් ලැබෙනවා මේ දේවල් practice කරන කොට. .thank you so much.

Like

ස්තුතියි ඔබට ♥️ ඔය කියන මානසික විඩාබර ගතිය මට බොහෝ වෙලාවට ඇතිවෙනවා. මම ගුරුවරියක්. මට ආතතියක් දැනෙන සෑම දවසකම ඔයාගේ වීඩියෝ එකක් බලනවා. මටත් ආසයි ස්ලෝ ලිවින් එකකට යන්න. ඒත් තාම හැම දෙයක්ම කලබලකාරියි. පොඩ්ඩ පොඩ්ඩ හැම දෙයක්ම පිළිවෙලට හදාගන්න බලනවා. ඒකට ඔයාගේ මේ වීඩියෝ ලොකු පිටුවහලක්. දහස් වාරයක් පින් ❤️

Like

ගොඩක් ආසාවෙන් අක්කගෙ blogs කියවන්නත් එකතු වෙන්නෙ ..නොදැනිම අවුරුදු දෙකකට කිට්ටු වෙලා අක්කගෙ ඇසුරටත්...ජීවිතේ ටිකෙන් ටික මට ඕන දිශානතිය වෙතට යන බව තේරෙනවා...ඒ වෙනුවෙන් අක්කගෙන් ලැබෙන උපකාරය , මගපෙන්වීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්....අතීතයට වඩා දැන් බොහොම දේවල් හරිම සුබවාදීව පේන්න පටන් අරං...කිසිම හදිස්සියක් නැතිව සෑම කුඩා මොහොතක්ම විදිමින් ගත කරන ජීවිතයේ ඉස්සරහට එන්නෙ මම අවුරුද්දෙ ගෙවන්න ආසම කාලය...ආසම කාලය පවුලෙ හැමෝමත් එක්ක සතුටු මොහොතින් වලින්ම පුරවගන්න බොහොම සතිමත්ව කටයතු කරන එකයි මගේ එකම අධිෂ්ඨානය. ආදරෙයි අක්කේ ❤️


Like
Replying to

Thank you නංගි. මට හරිම සතුටුයි ඒ ගැන ❤️❤️

Like
Post: Blog2_Post
bottom of page