top of page

Let's slow down our lives

Nov 8
3 min read

අපේ සිරුරට සවන් දීම: (Somatic Healing) අපේ ජීවිතයට වැදගත් වන්නේ ඇයි?


අපි බොහෝ දෙනෙක් දවසේ වැඩි කාලයක් ගත

කරන්නේ අපේ මනස තුළයි. වැඩ කටයුතු, වගකීම්, අනාගතය පිළිබඳ කනස්සල්ල හෝ අතීත මතකයන් අපේ සිතුවිලි නිරන්තරයෙන් වෙලාගෙන තියෙනවා. නමුත් අපේ සිරුර මේ සියලු මානසික පීඩනයන් සහ හැඟීම් නිහඬව විඳ දරාගනිමින් තමයි ඉන්නෙ.


අපේ මනසට පමණක් නෙවෙයි, ශරීරයට ද තමන්ගේම වූ මතක ශක්තියක් සහ කථා කිරීමට ක්‍රමයක් තියෙනවා. (Somatic Healing) කියන්නේ හරියටම මේ සිරුරේ භාෂාව තේරුම් ගනිමින්, සිරුර තුළ ගැඹුරින් සිරවී ඇති ආතතිය සහ Trauma මුදා හැරීමට උපකාරී වන ක්‍රමවේදයකටයි.


සෝමැටික් හීලිං (Somatic Healing) යනු කුමක්ද?

"Soma" කියන ග්‍රීක වචනයේ තේරුම "ජීවමාන සිරුර" යන්නයි. සාම්ප්‍රදායික Counselling හෝ මානසික ප්‍රතිකාර ක්‍රමවලදී අපේ සිතුවිලි සහ වචන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළත්, somatic ප්‍රතිකාර මගින් සිරුරේ සංවේදනා (Bodily sensations) සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කරනවා.



අපේ ජීවිතයේ මුහුණ දෙන අභියෝග, බය, කණගාටු මෙන්ම දිගුකාලීන ආතතිය පවා සිරුරේ විවිධ තැන්වල (උදාහරණයක් ලෙස: කර සහ උරහිස් තද වීම, පපුවේ හිරවීම, හෝ abdominal complications විදියට) තැන්පත් වෙන්න පුළුවන්. Somatic healing මගින් කරන්නේ මේ අවහිරතා හඳුනාගෙන, සිරුරට නැවතත් සැහැල්ලුවක් සහ ආරක්ෂිත බවක් ලබා දීමයි.


මෙය අපේ එදිනෙදා ජීවිතයට එතරම් වැදගත් වන්නේ ඇයි?


1. සිරුරේ සිරවී ඇති ආතතිය සහ කම්පන මුදා හැරීම


අපි යම් අනතුරකට, විශාල මානසික පීඩනයකට හෝ කම්පනයකට (Trauma) මුහුණ දුන් විට, අපේ ස්නායු පද්ධතිය සටන් කිරීමට හෝ පලා යාමට (Fight or Flight) සූදානම් වෙනවා. සමහර අවස්ථාවලදී එම තත්ත්වයෙන් මිදුනත්, එම ආතති ශක්තිය අපේ සිරුර තුළ දිගටම හිරවී තියෙන්න පුළුවන්. Somatic therapy මගින් එම සිරවී ඇති ශක්තිය ආරක්ෂාකාරීව මුදා හැරීමට ඉඩ සලසා දෙයි.


2. ස්නායු පද්ධතිය නියාමනය කිරීම (Nervous System Regulation)


අද වන විට බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම අධික ආතතිකාරී තත්ත්වයක (Chronic Stress) ජීවත් වෙනවා. ඈත කාලයේ (අපේ ආච්චි අම්මලාගෙ කාලයේදි වගේ නම්දී මේ දේවල් වල අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ. ) , ස්වභාවිකවම එයාලා grounding පුහුණු කලා. Spirituality ජීවිතය තුල තිබුනා. තමන්ට දරන්න අපහසු දේවල් ගැන අවබෝධයක් තිබුනා.



ස්නායු පද්ධතිය අධික ලෙස ක්‍රියාත්මක වීම නිසා නින්දයාමේ ගැටලු, කාංසාව (Anxiety) සහ ඉක්මනින් කෝප වීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්. ඒ දේවල් හෝමෝනමය වෙනස් කම් නිසා කෙලෙස් විදියට දකින්න ගියොත් ඔලුව කැක්කුම වුනත් හැදෙන්න පුලුවන්.


Simple to advanced breathing techniques වලට ක්‍රමයෙන් අවධානය යොමු කිරීමෙන් ස්නායු පද්ධතිය සන්සුන් කර (Rest and Digest තත්ත්වයට ගෙන ඒමට) මනසට සහ සිරුරට සැබෑ විවේකයක් ලබා දීමෙන් පුහුණු කරන්න පුලුවන්.


3. Deep self-awareness and self compassion

අපි ගොඩක් වෙලාවට අපේ ශරීරය criticise කරන්න පුරුදු වෙලා ඉන්නෙ. —"මට ඇයි මෙච්චර මහන්සි දැනෙන්නෙ?", "මගේ ශක්තිය මදි" ආදී වශයෙන්. නමුත් somatic healing හරහා අපි ඉගෙන ගන්නේ සිරුරට දොස් පැවරීම වෙනුවට, අපේම ශරීරය අපට කියන දේට ආදරයෙන් සවන් දෙන්නයි. එය මනස සහ අපේ ශරීරය අතර ඇති බැඳීම ගොඩක් ශක්තිමත් කරනවා.



අපේ දෛනික ජීවිතයට somatic habits එකතු කරගන්නේ කෙසේද?


මේ විශේෂ උපදෙස් නැතුව කාටත් කරන්න පුලුවන් දේවල් ටිකක් තියනවා.


(Mindful Breathing): දවසකට කීප වතාවක් ගැඹුරින් හුස්ම ගනිමින්, හුස්ම ඇතුළු වන සහ පිටවන ආකාරය සිරුරට දැනෙන්නට ඉඩ හරින්න. මෙය මොළයට සහ ස්නායු පද්ධතියට ඔබ ආරක්ෂිතයි කියලා පණිවිඩයක් යවයි.


  • ග්‍රවුන්ඩින් (Grounding): බිම ස්ථිරව පාද තබා සිටින විට හෝ ස්වභාවධර්මය සමඟ ගත කරන විට, ඔබේ පාදවලට දැනෙන පොලවේ ස්පර්ශය හෝ වටපිටාවේ ශබ්ද ගැන අවධානය යොමු කරන්න. එය ඔබව වර්තමානයට (Present moment) ගේනවා.


Specific somatic practices සහ trauma yoga අනිවාර්යයෙන්ම therapist කෙනෙක් එක්ක පුහුණු වෙන්න.


අවසාන වශයෙන්...

සුවය ලැබීම (Healing) කියන්නේ එක රැයකින් සිදුවන්නක් නොවෙයි; ඒක slow, beautiful journey එකක්. ඒ වගේම ඉවසීමෙන් යුතුව කළ යුතු ගමනක්. මනසින් පමණක් නෙවෙයි, ශරීරය මුල් කරගනිමින් කරන මේ Healing ඔබේ ජීවිතයට අලුත් ශක්තියක්, deep sense of peace සහ විශාල සැහැල්ලුවක් ගෙනත් දෙනවා.

ඔයාගෙ ශරීරයට ආදරයෙන් සවන් දෙන්න; එය ඔබත් එක්ක කතා කිරීමට සූදානම් වෙලයි ඉන්නෙ.


Love,

Iresha Kariyawasam

 
 
 

2 Comments


මමත් දැන් ඔයා කියලා දීපු විදියට deep breathing කරනවා මට ඒක ලොකු පහසුවක් මම කොහොමත් ඔයා කියලාදෙන දේවල් හෙමින් තමා ජීවිතයට එකතු කර ගන්නේ මට මහන්සියි වගේ දැනුනොත් මම නිවාඩු දාලා ටිකක් විවේක ගන්නවා මම මාත් එක්ක ඉන්නවා

ගිය අවුරුද්දේ ඔයා වස් කාලයට පින් කර ගන්න එක ගැන කියලා දුන්නා මම මේ අවුරුද්දේ හරිම භක්තියෙන් ආරණ්‍යකට දානය පුජා කරා මට හරිම සතුටුයි අපිට හරි අමාරුයි දානයක් ඉල්ලගන්න ඒත් මගේ ආසාව නිසාම ඒක හරි ගියා ඔයාටත් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️

Like
Replying to

හානේ....මමත් ඒ පින අනුමෝදන් වෙනවා. ඔයා ඒ ගැන ගොඩක් සතුටෙන්. Very good 👍

Like
bottom of page