top of page
Search

Live authentically - Spring diary

ree

Growth cycle of nature, පටන් ගන්න මේ වසන්ත කාලය කියන්නෙ කෙනෙකුට තමන්ව හොයා ගන්න හොඳම කාලයයි. හැබැයි මේකට වසන්ත සෘතුව තියෙන්නම ඕන නැහැ. අවුරැද්දෙ ඕනම කාලයක පටන් ගන්න පුලුවන්. වසන්තයේ තියන වැදගත් කම තමයි, හැම දේකම ජීවය ආරම්භ වෙන කාලය වීම. Living authentically කියලා මූලිකවම හඳුන්වන්නෙ තමන් වෙනුවෙන් කාලය වෙන් කරගෙන මෙන්න මේ ටික ගැන හොයලා බලන එකයි:


👍 ඔයා මොනවද ජීවිතය තුල අවංකවම අගය කරන්නෙ?

👍 මොන වගේ දේවල් වලටද ඔයා වැඩි වැදගත්කමක් දෙන්නෙ?

👍 ඔයාගෙ core priorities මොනවද?


මේ හැම ප්රශ්නයක්ම එක වගේ දැනුනට ඒවා ගැන හොඳට හිතලා බැලුවම වෙනසක් තියෙනවා. ඒකයි authentic self එකත් එක්ක සම්බන්ධ වෙන්න කෙනෙකුට මේ තරම් අපහසු වෙන්නෙ.

Authentic self සහ authentic living කියන දෙක කෙනෙක් තුල වර්ධනය වෙනකොට තමයි එයා තුල ජීවිතයට අවශ්‍ය ශක්තිය සහ බලය ඇති වෙන්න ගන්නෙ. තමන්ව හරියට නොදැන ඔහේ ගහගෙන යන පැත්තට ගහගෙන යනකොට ජීවිතය තුල කිසිම බලසම්පන්න බවක් දැනෙන්නෙ නැතුව යනවා.


ree

පලවෙනියටම කරන්න ඕනෙ දේ තමයි මේ ගැන අහලා, කියවලා දැනුවත් වෙන එක. අපි තුල මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම්, ඒ බව දැන ගන්න එක තමයි වඩාත්ම වැදගත්ම දේ. මනස හරීම කැමතියි එහෙම දෙයක් නැති බවට තමන්ට නොදැනෙන්න රඟපාන්න. ඉතින් ඒ බව දැන ගන්න කෙනෙකුට තමයි එයින් මිදෙන්න ඉගෙන ගන්න පුලුවන් කම ලැබෙන්නෙ.


දෙවනියට බලන්න, ඔයාට දේවල් ඔයාගෙ සහයෝගයට නෙවෙයි, ඔයාට එරෙහිවයි සිද්ධ වෙන්නෙ කියලා නිතර දැනෙනවනම්, ඔයාගෙ authentic self එක ඔයාට මග ඇරිලා තියෙන්න පුලුවන්. ඒ නිසාම තමන්ට එරෙහිව දේවල් සිද්ධ වෙනවා කියලා ඔයා නිතර නිතර ගැටුම් ඇති කර ගන්නවා වෙන්න පුලුවන්. මේ නිසාම අනවශ්‍ය මානසික ආතතීන්ගෙන් ඔයා පෙලෙනවා වෙන්නත් පුලුවන්.


ree

දැන් තියෙන්නෙ පොඩි වෙලාවක් අරගෙන හිතලා බලන්න, අර පලවෙනියටම පටන් ගන්නකොට කිව්ව එක වගේ හැඟෙන කරැණු ගැන.

මෙතනදි ඔයා ගොඩක් අවංක වෙන්න ඕනෙ තමන්ටම.

සමාජය තුල හරියි කියන දේ නෙවෙයි, ඔයාට නිවැරදියි කියලා දැනෙන දේවල් මොනවද?


ඔයාගෙ දෙමාපියන් පිලි ගන්න දේ නෙවෙයි, ඔයා පිලිගන්න දේ මොනවද?


ලෝකය පිලි ගන්න, ලොකු වටිනාකමක් දෙන ඉගෙනීම හෝ රැකියාව නෙවෙයි, ඔයා තුල තියන ඇත්තම හෝ සහජයෙන්ම ක්‍රියාත්මක වෙන හැකියාවන් මොනවද?


ඔයා ට ඔයා ගැන තියන අවබෝධය මොන වගේද? (අනිත් අය ඔයා ගැන කියන දේවල් නෙවෙයි).


මේ ටිකට උත්තර හොයනකොට ඔයාට හෙමිහිට වැටහෙන්න පටන් ගනියි ඔයා කියලා ඇත්කිතටම කියන්නෙ ඔයා කලින් හිතපු කෙනාට වඩා කොයි තරම් වෙනස් කෙනෙක්ද කියලා. එතකොට තමයි තමන්ගෙ ජීවිත සුක්කානම තමන් අතට පත් වෙන්නෙ. එතකොට තමයි වැටහෙන්නෙ හැම දෙයක්ම මට එරෙහිව සිද්ධ වෙනවා කියලා හිතුව තැන ඇත්ත මම / authentic self නොසිටිය බව.


ree

සමහර විට ඔයා කියන්නෙ හරිම සරල කෙනෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සරලයි කියලා හිතුවට ඒ තරම් සරල නැති කෙනෙක් වෙන්නත් පුලුවන්. මේ කෙනෙකුට ආවේණික ගති ලක්ෂණ සසරේ එන ගමන් තමන්ම කරපු කියපු දේවල් නිසා එකතු වුන දේවල්. (හරියට මගේ මේ පරණ බඩු පාවිච්චි කරන්න තියන ආසාව වගේ.) මීට අවුරැදු විසි පහකට විතර කලින් ගෘහණියක් වෙනකොට මේ කිසි දෙයක් ගැන දැනීමක් තිබුනෙ නෑ. යන යන හැම තැනම නවීන පන්නයේ හැඩ වුන ගෙවල් වල නවීන පන්නයේ බඩු මුට්ටු පිරිලා තිබුනා. මට මොකක්දෝ හේතුවකට ඒ දේවල් වලට කිසිම ආකාරයක ඇල්මක් ඇති වුනේ නැහැ. ඒ නිසා මම හිතට ගැලපෙන දෙයක් මගේ ගෙදරට තෝර ගන්න නැති වීම ගැන කඩ සාප්පු එක්ක පවා නොහොඳ නෝක්කඩුවෙන් හිටියා. ඒ කාලයේ යුරෝපයේ ජීවත් වුන නිසා අහම්බෙන් මුණ ගැහුණ පරණ බඩු කඩයක් තමයි මගේ හිතේ ඒ තිබුන ආශාවට ගැලපෙන දේ පෙන්වල දුන්නෙ.


ree

එදා මම තේරැම් ගත්තා ගෘහ අලංකරණය වගේම ගෘහ පාලනය පැත්තෙනුත් මා තුල තියෙන්නෙ මොන වගේ අදහස්ද කියලා. ඒ වෙනකොට මම අවුරැදු විසි පහක අලුත විවාහ වුනු තරැණ බිරිඳක්. එදා පටන් ඔය විදියට ටික ටික මම හරියටම කොයි වගේද කියලා කුතුහලයෙන් බලපු නිසා මටම මග හැරිලා ගිහින් හිටිය කෙනා බවටම පත් වෙන්න මට පුලුවන් වුනා. පහුගිය අගෝස්තුවේ විසි දෙවෙනිදා ජීවිත ගමන් මගේ හතලිස් හත් වෙනි මංසන්ධිය පසුකරන වෙලාව වෙනකොට ඒ authentic self එකෙන් පරිභාහිර හුස්ම පොදක් වත් වැටෙන්නෙ නැති බවට දැනුන විශ්වාසය නිසාම ඔයාටත් මේ ගැන කියන්න හිතුනා.


ඉස්සර, ලෝකය සහ සිද්ධ වෙන දේවල් මට හරහට තියන බවට පෙනුනට තමන්ව හරියට හොයා ගත්තට පස්සෙ එහෙම දැනෙන්නෙ නැහැ. හරිම සාම කාමී බවක් දැනෙන්නෙ.


හැබැයි අනිත් අයත් එක්ක තමන්ව compare කරන්න ගියොත් ආයෙත් පටලැවෙන්න පුලුවන්.


Authentic self හොයා ගත්තට පස්සෙ මේ කියන සැනසීම ලබන්න නම් authentic living කියන දේට එන්න ඕනෙ.


ree

ඒ කියන්නෙ ඒ හොයා ගත්ත ඔයාට ගැලපෙන ජීවිතය තුල ජීවත් වෙනවා කියන එකයි. එතකොට තමයි slow living කියන එකේ නිවැරදිම අර්ථයත් දැන ගන්න ලැබෙන්නෙ. මනස නිතර විසිරෙන්නෙ නැහැ. අනිත් අයගෙ ජීවිත දැක්කා කියලා කලබලයට පත් වෙන්නෙ නෑ. මොකද එයා දන්නවා එයා කලින් එතන හිටපු බව. ඒ වගේම එතන තිබුනු කලබල කාරී, වෙහෙසකර බව. ඒ නිසාම කොයි තරම් අනිත් අයගෙ පිලිගැනීමට ලක් නොවුනත් එයා දන්නවා එයා දැන් ඉන්නෙ එයාට ගැලපෙනම තැන බව. ඒ නිසා ඒ හිත තුල , ඒ ජීවිතය තුල එයාට අවශ්‍ය ශක්තිය සහ බලය පණ ගැන්විලා.


ree

ඉතින් මේ තරම් වෙලා මේ ලිපිය කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි. මේ ගැන ඔයාගෙ අදහස් පහලින් comment කරන්න. කැමති නම් blog එකත් එක්ක join වෙන්න. ඉස්සරහට තව ලියමු, තව කියවමු.


ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්

 
 
 

Comments


Post: Blog2_Post
bottom of page