Slow living කොහොමද ජීවිතේ වෙනස් කලේ?
- Iresha Kariyawasam

- Oct 13
- 2 min read
ලෝකය දුවන වේගෙන් හෝ ඊටත් වැඩි වේගයකින් දුවන එකේ ගැටලුවක් තියනවා කියලාවත් ඒක මගේ ශාරීරික මානසික සෞඛ්‍යයට තදින් බලපාන්න පුලුවන් කියලවත් ඒ කාලෙ මට තේරුනේ නෑ. වට පිටාවේ දකින, social media වල දකින මම ආස කරන හැම දෙයක්ම ළඟා කර ගන්න එක තමයි success කියලා මගෙ හිතේ තිබුනෙ.
කාලයත් එක්ක ඒ දිවිල්ල තුලම මහන්සිය දැනෙනකොට මට තේරුනා මම මටම කර ගන්නෙ ලොකු අපරාධයක් බව. ලෝකය වර්ණණා කරන හැම දේම මට ලස්සනට නීරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය නැති බව. ඒ වගේම මම කියන්නෙ මගේම හිතේ වහලෙක් නොවන බව.
එක දිගට විවේකයක් නැතුව රැකියාව කරගෙන යන එකෙන් මිදිලා මගේ ශක්ති ප්‍රමාණය ආධ්‍යාත්මික දියුණුවටත් ඉතුරැ වෙන විදියට රැකියාව කරන කාලය අඩු කරන කොට මා තුලත් පොඩි බයක් හට ගත්තා.
හැබැයි උදේට නැගිටලා , වත්ත වටේ ඇවිදලා, මල් කඩාගෙන බුදුන් වැඳලා, හිමීට උණු කෝපි කෝප්පයක් ගේ ඉස්සරහ පඩිය උඩට වෙලා රස බලනකොට හිතට දැනෙන නිවීම අර බය නැති කරල දානවා. ඈත කඳු පන්ති පිසගෙන එන නැවුම් වාතය ආශ්වාසයත් එක්ක පෙනහළ පුරවගෙන ශරීරය තුලට යනකොට දැනෙන නැවුම් බව ශරීරය සුවපත් කරනවා.
ඒ වගේම මම විවිධ මාධ්‍ය හරහා මා තුලට ගන්න තොරතුරැ ප්රමාණත් අඩු කලා. එතකොට අනවශ්‍ය ආශාවන් ඇති වෙන එක, ඒවා නිසා හිත කලබලයට පත් වෙන එක වගේ දේවල් ගොඩක් අඩු වුනා. මට දැනටමත් තියන දේවල්, මා වටා ඉන්න ටික දෙනාගෙ විශාල අගයක් දැනුනා. ඒ නිසාම දැන් ලැබිලා තියන ජීවිතයට greatful වෙන්න මට හැකියාව ලැබුනා.
පුංචි පුංචි activities මට ලොකු සතුටක් ගෙනත් දෙන බවත් මට තියන දේවල් නැවත නැවත කාලයක් පාවිච්චි කරන එක හිත තුල විශාල සන්තෘප්ත බවක් ගෙන දෙන බවත් slow living අවුරැදු පහලවක් විතර කරගෙන යනකොට මට දැන් හොඳටම පැහැදිලියි.
ආශාවන්, බය වල් පොදි බැඳිලා තියන ජීවිතය තුල ඒ දේවල් ටික ටික අඩු වෙනකොටයි ජීවිතය මේ විදියට slow වෙන්නෙ. කාලයක් පුරැදු කරපු නිසා දැන් ජීවිතයටම සම්බන්ධ කොටසක්. එහෙමත් නැත්නම් ජීවත් වෙනවා කියන්නෙම slow lifestyle එකමයි.
ලස්සන, සතුට පිරුණ සුභ වසන්තයක් ❤️
ඉරේෂා කාරියවසම්










හරිම වටිනා අදහසක්. මමනම් කැමැති මේ අළුත් wadeta😊mey ප්‍රශ්නය මටත් හරියට තියනවා. මට ගොඩාක් වටිනවා මේ advice. ගොඩාක් ස්තුතියි! !!!!!!!
I appreciate your support and guidance more than words can say🌼. Thank you for always helping us to grow and uplift our lifestyle 💪🔝. Your guidance has been a guiding light in our life😇. Thank you for being such an amazing mentor 🧡. You are my guardian angel in this universe☯️ .Thank you Ms Iresha Kariyawasam 🙏