Spring diary - The habit of negative thinking
- Iresha Kariyawasam

- Oct 30
- 3 min read

ලස්සන වසන්ත කාලෙ දැන් ටික ටික ඉර එලිය වැටීගෙන වට පිටාව ටිකක් රත් වේගෙන එන කාලෙ. ඉතින් දැන් අපට සැහැල්ලු ඇඳුමක් ඉඳ හිට අඳින්න පුලුවන්. එළි පහලියේත් විවේක කාලය ගත කරන්න පුලුවන් කමක් අපට දැන් උදා වෙලා තියෙනවා. ඒ වුනාට සීතල කාලයෙත් ස්වභාවික පරිසරය තුල කාලය ගත කරන එක නම් මම අමතක කලේ නැහැ. සෘතු එයාලට ගැලපෙන විදියට ස්වභාව ධර්මයේ නීති රීති පද්ධතියට අනුව මාරැ වෙන එකත් එක්ක එකතු වෙලා කටයුතු කරන එක තමයි මට දැනෙන හොඳම විදිය. ඒ දේවල් එක්ක ගැටුනා කියලා ස්වභාවිකව සිද්ධ වෙන දේවල් වෙනස් නොවෙන නිසා ඒ දේවල් ඉවසීම තුලින් මගේ හිත ජීවිතයේ එන යම් යම් පුංචි හෝ වෙනස් කම් ඉදිරියේ සැලෙන්නේ නැතුව ඉන්න පුරැදු වෙලා.
ගොඩක් දෙනෙක් මට කියන දෙයක් තමයි මේ negative thinking කියන්නෙ. අපි මුලින්ම බලමු මොන වගේ සිතුවිලි රටාවක්ද negative කියලා කියන්නෙ කියලා.
අපි හොඳට සතුටෙන් , සතිමත්ව , නිස්කලංකව ඉන්න වෙලාවල් ගැන මතක් කරලා බලන්නකො. ඒ වෙලාවල් ගැන කවුරැවත් complain කරන්නෙ නෑ නේද? එහෙනම් කෙනෙකුට තරහක්, දුකක්, කලකිරීමක් හෝ අන් අය ගැන ඊරිසියාවක් වගේ දෙයක් ඇති වුන වෙලාවක් ගත්තොත්. ඒක ටිකක් අපහසු බවක් ගෙන දෙන අවස්ථාවක් නේද?
අපි ඒ සඳහා උදාහරණ කීපයක් බලමු:

රැකියා ස්ථානයෙදි කවුරැ හරි දෙයක් කිව්වොත් සහ ඒක හිත රිදෙන දෙයක් වුනොත්.
තමන් කැමති, හිතන පතන ආකාරයට දෙයක් සිද්ධ නොවුනොත්.
තමන් අකමැති දෙයක් කරන්න වුනොත්.
මෙන්න මේ වගේ අවස්ථාවන් වල දැවීමක්, තැකීමක්, පිච්චීමක් වගේ දෙයක් කෙනෙක් තුල ඇති වෙන්න පුලුවන්.
මේ අවස්ථාවන් ගැන සිහිපත් ගතියක් නොතිබුනොත්, ඒ ආපු ආවේගය ඔස්සේ මහා දුරකට හිතාගෙන හිතාගෙන යන ගතියක් මනුස්සයා තුල ඇති වෙනවා. අන්න ඒ සිතුවිලි ගෙනත් දෙන්නෙ positive වටපිටාවක් නෙවෙයි හිත තුලට. ඒ සිතුවිලි ඇති කරන්නෙ negative වටපිටාවක්. අන්න එවැනි සිතුවිලි තමයි negative thoughts කියන කොටසට මූලිකවම වැටෙන්නෙ.

ගස් වල මල් පිපීගෙන, නැවුම් එලවලු පළතුරැ මේ පැත්තටත් ලැබෙන මේ වසන්ත කාලය කියන්නෙ අලුතින් හිතන්න පටන් ගන්නත් හොඳම කාල වකවානුවක්. තමන් තුල negative thinking pattern එකක් ක්‍රියාත්මක වෙනවනම් වහාම ඒ පිළිබඳව සතිමත් / mindful වෙන්න උත්සාහවත් වෙන්න ඕනෙ. ඊට පස්සෙ ඒ negative thinking pattern එක වෙනුවට ආපු සතිමත් බවට හිත ඇතුලෙ හැදෙන ඉඩ කඩ වැඩි වෙනකොට ඒ negative force එක ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සෙ ඔයාට පුලුවන් ඒ හිස් තැන positive දෙයකින් පුරවා ගන්න.
මේ දේ ඔයාට කොහේ හිටියත් කරන්න පුලුවන්. මොන වැඩේ කර කර හිටියත් කරන්න පුලුවන්.

උදාහරණයකට ඔයා shopping ගිහින් ඉන්න වෙලාවක වුනත්, හිතට එන දේ දැවීමක්, තැවීමක් , පිච්චීමක් ගේනවනම් ඒ ගැන සතිමත් වෙලා positive දෙයකට හිත යොමු කරන්න පුලුවන්. ඒ වගේමයි අධික ආශාවක් හිත තුල ඇති වුනත් සිද්ධ වෙන්නෙ. එතනදි දැඩි ඇල්මක් ඇති වෙනවා, මත් බවක් ඇති වෙනවා. ඒ ස්වභාවය ගැනත් ඔයාට හොඳට සතිමත් වෙන්න පුලුවන්.
Negative thinking වැඩි කෙනෙකුට මොනවද තමන් තුල ඇති කර ගන්න පුලුවන් positive habits?

උදාහරණයකට ඔයාට තියන විවේක කාලය ඔහේ social media වලම ගත නොකර ඔයා කැමති hobby එකක් පුරැදු පුහුණු වෙන්න යොදා ගන්න පුලුවන්. ඒ තුලින් ඔයාගෙ personal development එක වගේම මානසික සුවතාවයකුත් ලැබෙනවා.

හැකි තරම් ස්වභාව දහම සමඟ කිට්ටුවෙන් ජීවත් වෙන එක. ඒ තුලින් immune system එකටත් හොඳ boost එකක් ලැබෙනවා. ඒ වගේම නවතම research වලින් කියනවා blood pressure වැඩි අයට සුව වෙන්නත් උපකාර වෙනවා කියලා. මේ වගේ කායික සෞඛ්‍යයට ලැබෙන දේවලුත් ගොඩක් තියනවා. ඊට අමතරව මානසික ආතතිය අඩු කරලා විශාල සුවසහනයක් කෙනෙකුට ලබා දෙනවා.

තව දෙයක් තමයි මනස සන්සුන් වෙන දැනුම ලැබෙන දේවල් කියවන එක.
මේ දේවල් පුහුණු කිරීමෙන් negative thoughts ඇති වෙන්න තියන අවස්ථාව සහ තමන් තුල තියන negative thoughts ඇති කරවන බීජ වලට පොහොර වැටෙන්න තියන අවස්ථාවත් අඩු වෙනවා.

ඔයාට කරදර කරන්නෙ නැති, ඔයාට හිතවත් හිතක් ඇති කර ගන්න යන මේ ගමනෙදි මේ ලියමනත් ඔයාට හයියක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මේ තරම් වෙලාවක් කියෙව්වට ස්තූතියි. හැමදාම වගේ පහලින් ඔයාගෙ අදහස් මාත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනය කරනවා.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Comments