top of page
Search

සැහැල්ලු හිතක්

  • Writer: Iresha Kariyawasam
    Iresha Kariyawasam
  • Oct 9, 2025
  • 1 min read

වසන්තය එනවත් එක්ක වට පිටාව වෙනස් වෙන හැටි දැක්කම හිතත් අලුත් කර ගන්න හිතෙනවා. ලාවට ඇඟට දැනෙන සීතලක් තියන ලස්සන වසන්තය අලුත් ඇරඹුමක් මතක් කරනවා. කොල නැති ගස්වල පිපෙන ලස්සන මල් එක එක පාටින් සුවඳට තියනවා. හිතට හරිම නැවුම් බවක් ගේනවා. ශීත කාලයේ අතු ටික විතරක් තිබුන ගස් වලට අලුත් බවක් ඇවිත් තියෙනවා. ඒත් ඒ එකම ගහ. ඍතුවට අනුව වෙනස් වෙලා.


කොයි තරම් බර වෙලා තිබුණත්, හිතත් ඕන තරම් අලුත් කර ගන්න අවස්ථාව තියෙනවා. පරිසරයේ වට පිටාව වෙනස් වෙනවත් එක්කම ඒ දේ හිත තුලත් කර ගන්න ලොකු අවස්ථාවක් කෙනෙකුට ලැබෙනවා. වසන්තය කියන්නෙ ගොඩක් පැහැදිලි වෙනසක් පෙන්වන කාලයක්.


උදේම අවදි වෙලා, ලස්සන ඉර එලිය, යාන්තමට දැනෙන හීතල මේ වෙනස හිතේ ඇති කර ගන්න තියන හොඳම නැකතයි. ඒ වගේ උදෑසනක පාන්දරින්ම අවදි වෙලා ලා රස්නෙ උණු වතුර ටිකකින් නා ගත්තහම හිතටත් දැනෙන්නෙ පුදුම සනීපයක්.



එහෙම දවසක මේ ලස්සන පරිසරයට, මගේ ළඟින් ඉන්න අයට, ස්තූති වන්ත වෙන්න, ඒ වගේම ඒ දේවල් ගැන ටිකක් හිතන්න, ඒ සතුට විඳින්න මට නම් අමතක වෙන්නෙම නෑ. ඒ විදියට දවස පටන් ගත්තම ආපහු කලකිරීම් වගේ දේවල් මුලු දවස පුරාම හිතෙන් ඈත් කරලා තියා ගන්නත් සමහර වෙලාවට හිතට නොඑන්නත් උදව් වෙනවා.


ඉතින් මුලු දවසම හරිම සැහැල්ලුවෙන් ගෙවන්න මේ උදේට කරන gratitude practice එක මට නම් හරිම වටිනවා.


ඒ විදියට ලස්සන දවසක් ගත කරනකොට හිතට හරිම සැහැල්ලුයි. බර ගතිය දැනෙන්නෙ අනවශ්‍ය දේවල් ගොඩක් පිරැනමයි. ඒ දේවල් අඩු වෙනකොට ඉතුරැ වෙන්නෙ පුලුන් වගේ හරිම සැහැල්ලු හිතක්.


සැහැල්ලු හිතක් කෙනෙකුගෙ මුලු ජීවිතයම හොඳ අතට වෙනස් කරන්න පුලුවන් මැජික් යෂ්ඨියක් වගේ.


ඉරේෂා කාරියවසම්



 
 
 

Comments


Post: Blog2_Post
bottom of page